hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:01



ව්‍යාපාරික කාන්තාවක් වන ඇය ශ්‍රී ලංකාව සේම ජාත්‍යන්තරයත් ජයගත් විවිධ ක්ෂේත්‍ර ගණනාවකම දස්කම් දැක්වූ කෙනෙකි.

කෙටි කාලීන විවාහයකින් පසු දික්කසාද වී ඇය මේ වනවිට තනිව වාසය කරන්නීය.

ඇත්තෙන්ම තනිවමත් නොවෙයි.

මේ කථාවේ කථා නායිකා වත්සලා මධ්‍යම පාන්තික පවුලකින් එන තරුණියකි.

ඇය උසස් අධ්‍යාපනය හැදෑරීමට මුදල් සොයන්න කුඩා රැකියාවකට කොළඹට පැමිණි අතර ඇය රැකියාවේ නිරතවන අතර සති අන්තයේ අධ්‍යාපන කටයුතුවලට වෙහෙසෙන්නීය.

අපි මෙතැන් සිට කථාව කියූ ඇගේ යහලුවා කියූ කථාව අහමු.

ටික කලක් යන විට වත්සලාගෙ දක්ෂතා නිසාම ඇයට පුළුවන් වෙනවා ඉන්න තනතුරෙන් ඉහළට යන්න. ඒත් ඒ දක්ෂතාවය මොකද්ද කියලා මම ඔබට ඇගේ වචනවලින්ම කියන්න ඕන.

“ගුණ යහපත්කමෙං බඩ පිරෙන්නෙවත් සැප විඳින්නවත් බෑ ළමයො. අපි ඉපදුණු විදිහටම ලෙවකකා මැරිලා යන්න ඕනද’ මළ විකාර. !

මගෙ සෙක්ෂන් හෙඩ් හිටපු මනුස්සයා හරි ඇඹලයා, හැම මනුස්සයෙක්ටම මොකක් හරි දුර්වලතාවයක් තියෙනවා. ඒක තියෙන්නෙ ඉහළට යන්න ආස මිනිස්සුන්ට ප්‍රයෝජනයට ගන්න. ඉතින් මං ඒක පාවිච්චි කළා.

ඇය ක්‍රමක්‍රමයෙන් ආයතනයේ තනතුරු එකින් එක අභිබවමින් ඉහළට එනවා. අවසානයේ ඇය නතර වෙන්නෙ ආයතන ප්‍රධානියා ළඟ.

ඉතින් ඔයාට මිනිස්සු කතන්දර හැදුවෙ නැද්ද?”‍

”‍කතන්දරවලින් මොනවදකරන්න පුළුවන් ඒවැයින් මගෙ පඩිය අඩු වෙනවද? මාව රස්සාවෙන් දොට්ට දැම්මද නෑනෙ ඔය මම ඉන්නෙ යස අගේට!

ලොක්කා මට වඩා අවුරුදු තිහකින් වැඩිමල්, මිනිහාට මට වඩා වයස ළමයි ඉන්නවා. ගෑනි මැරුණෙ ප්‍රෙෂර් වැඩි වෙලා

දන්නවද ඒ සිද්ධිය.

“මිනිහා මාව ඒ මිනිහාගෙ ගෙදර අරගෙන යනවා. එදා පෝය දවසක් ගෑනි සිල් ගන්න ගිහින්. ගෑනි සිල් ගන්න ගිහින් ඉන්න අතරෙ පොඩි කලන්තයක් ඇවිත්. ගෑනි සිල් පවාරණය කරලා ගෙදර එද්දි ගෑනිගෙ මිනිහා අමු හෙළුවෙන් මගෙත් එක්ක තමන්ගෙම කාමරේ ඇඳ උඩ

ගෑනි එතනම ඉවරයි

මිනිහා මාව කසාද බැන්දෙ මැරෙන්න අවුරුදු දෙකකට කලින්, ළමයි ඔක්කොම මිනිහාව අත ඇරියා. ඒගොල්ලන්ට ලැජ්ජා කරා කියලා. ඉතින් මිනිහා මළාට හැමදේම අයිති වුණේ මට, මං මට හම්බ කරන්න පුළුවන් උපරිම හම්බ කරා. ගෙවල් හදාගත්තා. වාහන ගත්තා. මැරෙනකල් ජීවත් වෙන්න සල්ලි ඉතුරු කරගත්තා. අනික මං ඔය සේරම අස්සෙ ඉගෙන ගත්තා. මොකද එතකොට කාටහරි මාව කපන්න ඕන වුණත් මට සුදුසුකම් තියෙන නිසා ඒක කරන්න බෑ.!”‍

”‍ඔක්කොම හරි එතකොට දැන් ඔයා ගත කරන ජීවිතේ?”‍

”‍ඒක මං හොයාගත්තේ හැමදේම විඳලා ඉවර වුණාට පස්සේ මට තේරුණා මං හොයපු එක තැනකවත් මගෙ සතුට තිබුණේ නෑ කියලා ඒ වගේම මගෙ ආකර්ෂණය තියෙන්නෙ සම්මත තැනක නෙමෙයි කියලා මං තේරුම් ගත්තෙ අයේෂා අපේ කම්පැනි එකේ වැඩට ආවට පස්සෙ

ඉතින් අපි එකට ජීවත් වෙනවා!”‍





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: