2023 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:01
දෙමාපියන්ට හොරෙන් රාතී‍්‍ර කාලයේ නිවසින් පිටවූ 15 හැවිරිදි බාලවයස්කාර දැරියක් තම පෙම්වතා සමග පෙම් සුව විඳිද්දී එම සිදුවීම වීඩියෝගත කළ මිත‍්‍රයා පෙම්වතිය ඉල්ලාගෙන නැවත අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇති තරුණයන් අවුරුදු 17 හා 18 යන වයස්වල පසුවන අයයි. පොලිසිය පවසන පරිදි සිද්ධිය සැකෙවින් මෙසේය.
අදාළ දැරිය රාතී‍්‍ර කාලයේ දෙමාපියන්ට හොරෙන් නිවසින් බැහැර වී තම පෙම්වතා හමුවී ඇත. ඉන් පසුව මෙම තරුණයා විසින් දැරියව ඒ අසල කැලෑබද ප‍්‍රදේශයකට කැඳවාගෙන ගොස් තිබේ. එලෙස පෙම්සුව විඳිනු දැක ඇති අදාළ තරුණයාගේ මිතුරෙක් මෙම සිදුවීම තම ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර තිබේ. ඉන් පසුව පෙම් යුවළ බියගන්වා ගමේ අයට මෙම ඡායාරූප පෙන්වන බව පවසා පෙම්වතිය තරුණයාගෙන් ඉල්ලා තිබේ. එහිදී බියවූ තරුණයා පෙම්වතිය මිත‍්‍රයට භාරදී ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.
ඉන් පසුව පසුදා මිතුරා විසින් එම බාලවයස්කාර දැරියගේ නිවස අසල තරුණයකුට එම ඡායාරූප ලබාදී ඇත. එම තරුණයා විදේශගතව සිටි තමාගේ මව වෙත එම පින්තූර වට්ස්ඇප් කර තිබේ. ඉන්පසු එම කාන්තාව එම ඡායාරූප දැරියගේ වැඩිමහල් සොයුරාගේ ජංගම දුරකථනයට යවා තිබේ.
2026 ඔක්‍තෝබර් 26, පෙ.ව. 12:11
2026 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:09
2026 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:06
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:32
2026 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:11
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26