hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 20, පෙ.ව. 12:02



 මෙහි ඇති ඇතැම් කරුණු ඉතා සංවේදී වන අතර වැඩිහිටියන් සදහා පමනක් සුදුසු වේ.

“අපේ තාත්තා කොළඹ ප්රසිද්ධ චරිතයක්. තාත්තට ව්යාපාර කිහිපයක් තිබුණා. උතුරන්න සල්ලි තිබුණා. කුලවත් පවුලකින් පැවත එන නිසා තාත්තා දේවාලයක බස්නායක නිලමේවරයෙක් විදිහටත් කටයුතු කළා. මම පාසල් දෙකකට ගියා. හොස්ටල් ජීවිතයට ඇතුළු වෙනකම් මම පිට වාහනයක ඉස්කෝලෙට ගිහිල්ලා නෑ. මාව ඉස්කෝලේට ගෙනියන්න, ගේන්න වෙනම වාහනයක් එක්ක ඩ්රැයිවර් කෙනෙක් හිටියා. ඒත් ව්යාපාර නිසා අම්මයි, තාත්තයි දෙන්නම කාර්යබහුල වෙනකොට මාව හොස්ටල් එකක නතර කළා. එතකොට මම ඉගෙනගත්තේ නුගේගොඩ ජනප්රිය පාසලක හය වසර පන්තියේ.

හොස්ටල් ජීවිතයට ඇතුළු වුණාට පස්සේ මට පුදුමාකාර නිදහසක් දැනුණා. මම රගර් සෙල්ලම් කළා. හොකී ක්රීඩා කළා. කැඩෙටින් කළා. එතකොට මම ජම්බු වගේ රතුයි. බෝල ගෙඩිය වගෙයි. හරිම ලස්සනයි. ඉස්කෝලේ ළමයි, විතරක් නෙමෙයි ගුරුවරුත් මට හරි ආදරෙයි. වැඩි කාලයක් නොගිහින් මම ඉස්කෝලේ ජනප්රිය චරිතයක් වුණා. විවිධ යාළුවො ඇසුරු කරන්න ලැබුණා. මම ක්රීඩා කරනවට අම්මයි, තාත්තයි ගොඩක් සතුටු වුණා. මම සෙල්ලම් කරන සෑම රගර් මැච් එකක්ම බලන්න තාත්තයි, අම්මයි ආවා. මම හොස්ටල් එකේ ජීවත් වුණේ කුරුල්ලෙක් වගෙයි. ඒත් ගෙදර ආපු දවසට මම කූඩු වෙලා. අපි ජීවත් වෙච්ච සමාජ පන්තියත් එක්ක ගෙදරින් පිට තහනම් කලාපයක් වෙලා තිබුණේ…”

“මගේ අක්කා හැදුනේ ගෙදරමයි. සමාජයට ගියේ බොහෝම අඩුවෙන්. අන්තිමේ අක්කා කොල්ලෙක් යාළුවෙලා ගෙදර හිරකූඩුවෙන් පැනලා ගියා. ඒ සිද්ධිය වුණේ 1998 අවුරුද්දේ. අක්කා ගියාට පස්සේ ගෙදර පාළු වෙනවා. මල්ලිත් එතකොට ගොඩක් පොඩියි. ගෙදර පාළු නිසා අම්මා මාව හොස්ටල් එකෙන් අයින් කරලා ගෙදරට එක්කරගෙන ආවා. ගෙදර ඉඳලා ඉස්කෝලේ ගියත් මම හොඳට යාළුවො ඇසුරු කළා. ඉස්කෝලේ හත, අට පන්තිවල ඉඳලා සිගරට්, ගංජා, මත් පෙති පාවිච්චි කළා. වෙලේ සුදා ඒ කාලේ මගේ හොඳ පාසල් මිත්රයෙක්. එයාගේ පවුලේ අයවත් මම බොහෝම ළඟින් ඇසුරු කළා. ඒ අයත් එක්ක සෙට් වෙලා අරක්කු, ගංජා, සිගරට් හොඳටම පාවිච්චි කළා. ඒ සන්දියේ විනෝදාංශය වෙලා තිබුණේ මගේ වාහනයේ කොල්ලො දාගෙන රොන්දේ ගහන එක. දවසක් ගල්කිස්සේ බීච් එකේදී ආතල් එකට මම මාලයක් කැඩුවා. ඒත් මම මොන වැරැදි වැඩේ කළත් ඉගෙනගන්න වැඩෙත් හරියටම කළා. සාමාන්ය පෙළ විභාගය හොඳට පාස් වුණා. උසස් පෙළ කරන්න ඉස්කෝලෙ ගියාට විභාගයට වාඩි වුණේ නෑ. මම ගෙදර නතර වෙලා තාත්තාගේ ව්යාපාරවලට සම්බන්ධ වුණා…”

“එහෙම ඉන්න අතරේ අපේ ගෙට පහළ ගෙදරක ගෑනු ළමයෙක් එක්ක ආදර සම්බන්ධයක් පටන් ගත්තා. එයාලා කුලෙන් පහත්. දුප්පත්. ඒත් කෙල්ල ගමටම හිටිය හැඩකාරිය. කියන්න කිසිම වරදක් නෑ, ඉටි රූපයක් වගෙයි. ආදර සම්බන්ධය පටන් අරගෙන ටික දවසක් යනකොට අපේ තාත්තා දැනගත්තා. තාත්තා මුලින්ම කළේ එයාලගේ ගේ පේන්නේ නැති වෙන්න අපේ තාප්පය උස්සපු එක. ඊට පස්සේ සම්බන්ධය නතර කරන්න කියලා මට බැන්නා. තරවටු කළා. ගෙදරින් දොට්ට බහින්න දුන්නේ නෑ. අන්තිමේ මට ගෙදර අය වදයක් වුණා. මම වාහනයකුත් අරගෙන ගෙදරින් පැනලා ගිහිල්ලා වෙලේ සුදාලාගේ ගෙදර නතර වුණා. එතකොටත් සුදා කුඩු බිස්නස් කරනවා. ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඇසුරු කරපු නිසා යාළුවගේ බිස්නස් එක මට වැදගත් වුණේ නෑ. මම යාළුවගේ ගෙදරට ගියේ රෑ ඩිංගට විතරයි…”

“වාහනයත් තියෙනවා. නිදහසත් තියෙනවා. කුරුල්ලා වගේ පියැඹුවා. එතකොට මගේ කෙල්ල ඉස්කෝලේ නවය වසර පන්තියේ. එයා පන්ති යනවා කියලා ඇවිත් මාත් එක්ක එහේ, මෙහේ ගියා. දෙන්නගේම කැමත්තෙන් කසාඳ නොබැඳ අපි අඹු සැමියන් වුණා. කෙල්ල මට පණ ඇරලා. මටත් කෙල්ලගෙන් තොර ලොවක් තිබුණේ නෑ. වියදම් කරන්න සල්ලි ඕන තරම් තිබුණා. දවස ගාණේ හෝටල් කාමරයක පැයක දෙකකට හරි අපි තනි වුණා. කෙල්ල ගෙදර ගියාට පස්සේ මම සුදාලගේ ගෙදරට ගිහිල්ලා අරක්කු, ගංජා එක්ක තනි වුණා. එළිවෙනකම් බිව්ව දවස් තිබුණා. ගංජා අහුරු ගණන් ඔතලා බිව්වා. රෑට නයිට් ක්ලබ් ගියා. උපරිම ආතල් ගත්තා. සාක්කු හිඳෙනකොට ගෙදර ගිහින් සල්ලි අරගෙන ආවා. අම්මා මට වියදමට සල්ලි නොදෙනකොට ගෙදර ලාච්චුවල සල්ලි හොරකම් කළා. එතකොට මම ගෙදර හැම ලාච්චුවකටම යතුරු කපාගෙන තියාගෙන හිටියේ. අම්මා, තාත්තා නැති වෙලාවක් බලලා ගෙදරට ගිහින් ලාච්චුවලින් සල්ලි අරගෙන ආවා. ලාච්චුවේ සල්ලි අඩු වුණාට අම්මටයි, තාත්තටයි ඒක තේරුමක් නෑ. අම්මා, තාත්තා සල්ලි තියෙන තැන් සේරම මම දැනගෙන හිටියා. අදටත් ගෙදර සේප්පුව අරින්න පුළුවන් මට විතරයි…”

“ආතල් පිට ටික කාලයක් යනකොට සුදා මාව කූඩු ප්රවාහනය කරන්න පාවිච්චි කළා. මම හැඩට, කඩවසම් විදිහට සුපිරි වාහනවල යනකොට පොලිසිය නිකමටවත් අත දැම්මේ නෑ. මමත් කැමත්තෙන්ම වැඩේ කරගෙන ගියා. ඒත් මම කුඩු බිව්වේ නෑ. වෙලේ සුදා මස්, මාළු පිලී ජාති මොකුත් කෑවේ නෑ. නැති බැරි මිනිස්සුන්ට උදව් උපකාර කළා. සිගරට් බිව්වේ නෑ. කුඩු බිව්වෙත් නෑ. එයා ළඟින්ම ඇසුරු කරන අයට කුඩු බොන්න දුන්නෙත් නෑ. ඒත් එයා කුඩුකාරයන්ට කැමතියි. ඒ එයාගේ ව්යාපාරය නිසා. එතකොට මම ගංජාවලට තදින්ම ඇබ්බැහි වෙලා හිටියේ. සුදාගේ ගෝලයෝ සේරම කුඩු බිව්වා. උන්ට කුඩුවලින් තොර ලොවක් තිබුණේ නෑ. එතකොට සුදාගේ කුඩු තොග භාරව හිටියේ මම…”

“ඔහොම කුඩු ගොඩේ ඉන්නකොට තාත්තා මට එන්න කියලා ආයෙමත් ව්යාපාරවලට සම්බන්ධ කරගත්තා. මගේ අතට හොඳට සල්ලි ආවා. මම ඩබල් එකේ ආතල් ගන්න පටන් ගත්තා. මට දෙන සල්ලි මදි වෙනකොට ව්යාපාරවලින් සල්ලි ඇදලා වියදම් කළා. කෙල්ලත් එක්ක රවුම් ගැහුවා. කෙල්ල ඉල්ලන්නේ මොනවද අරගෙන දුන්නා. කෙල්ලත් මම කියන ඕනම දෙයක් කාලා. දෙන්නා එක්ක කාමරයට ගිහිල්ලා මම අරක්කු බොනකොට එයාටත් දුන්නොත් ‘ඔයා නේ දෙන්නේ’ කියලා බිව්වා. මම කෙල්ලට ගංජත් පෙව්වා. කෙල්ලව මත්ද්රව්යවලට හුරු කළේ සෙක්ස් ෆීලින් එක වැඩි කරගන්න. ඒත් කෙල්ල මත්ද්රව්ය ගත්තේ මට තියෙන ආදරයට. අන්තිමේ කෙල්ලත් ගංජාවලට ඇඩික් වුණා. අපි දෙන්නට ලිංගිකව එකතු වෙන්න මත් වෙන්නම ඕන වුණා. ඒක අමුතුම ජීවිතයක්. තනිකරම පිස්සුවක්. දවල් දවසේ හෝටල් කාමරවල ගංජා එක්ක තුරුළු වෙලා ඉඳලා, රෑට දෙන්න එක්ක නයිට් ක්ලබ් බහිනවා. අන්තිමේ මම කෙල්ලගේ දිගට තිබුණු කොණ්ඩ බාගයට කපලා ස්ටේ්රට් කළා. අතේ පයේ පච්ච ගැස්සුවා. නහයට කරාඹු දැම්මුවා. ගැමි සුන්දරත්ව මකලා කල්බ් කෙල්ලෙක් ගාණට පොෂ් කළා. ඒ හැම වෙනසක්ම කළේ මගේ තියෙන විකෘති ආශාවන් නිසයි…”

“අපේ සම්බන්ධයට කෙල්ලගේ තාත්තා කැමති වුණේ නෑ. අම්මා හරි කැමැත්තෙන් හිටියේ. දවසක් කෙල්ලගේ අම්මා මගේ රෙදි සාප්පුවට ඇවිත් කසාදය ගැන කතා කරනකොට මම කිව්වා ‘දුව බඳිනවා. ඔයා මාත් එකක් දවසක් ඉන්න ඕනෑ…‘ කියලා. ඒ වේලාවෙත් මම හිටියේ හොඳටම ගංජා බීලා. කරන, කියන කිසිම දෙයක් තේරෙන්නේ නැති තරමට මත් වෙලා. අන්තිමේ ඒ ගෑනු කෙනා මාත් එක්ක ඉන්න කැමති වුණා. ඊට පස්සේ අම්මවත් පාවිච්චි කළා. තව දවසක් මගේ කෙල්ලයි එයාගේ නංගියි මගේ රෙදි සාප්පුවට ඇවිත් නංගිව තියලා කෙල්ල ටවුන් එකට ගියා. මම ඒ පුංචි කෙල්ලට චොක්ලට් සල්ලි දීලා මගේ ළඟට ගත්තා එදා ඒ කෙල්ලත් මගේ අතින් ගැහැනියක් වුණා. එතකොට නංගිට වයස අවුරුදු දොළහක්වත් නෑ. මට අවුරුදු විසි දෙකක් විතර ඇති. ඊට පස්සේ කාලයක්ම මම අක්කට හොරෙන් නංගිව අරගෙන ගියා. කොහොමහරි ඕක කෙල්ලගේ අම්මා දැනගෙන කඩේට ඇවිත් තිරිසනා කියලා මට නොසෑහෙන්න බැණලා ගියා. මත් වෙලා මම මොන වනචර වැඩේ කළත් මගේ කෙල්ලට පණඇරලා ආදරය කළා…”

“සම්බන්ධය නතර වෙලා නෑ කියලා අපේ ගෙදරින් දැනගෙන ආයෙත් මට ප්රශ්න දැම්මා. ව්යාපාරවලින් අයින් කළා. තාත්තා මට සල්ලි දෙන එක තහනම් කළා. මට ගෙදර මිනිස්සු අප්පිරිය වුණා. ගෙදර අයට වෛර කරන්න පටන් ගත්තා. තාත්තාගේ වාහන අරගෙන ගිහින් උකස් තියලා සල්ලි ගත්තා. ගෙදර රත්තරං බඩු හොරකම් කරලා උකස් තිබ්බා. අන්තිමේ මාව ගෙදරින් පැන්නුවා. ආයෙමත් මම වෙලේ සුදා එක්ක සෙට් වෙලා කුඩු බිස්නස් කළා. ඒ වෙනකොට චණ්ඩි උණක් මට හොඳටම ගහලා තිබුණේ. මිනිස්සු එක්ක ගහ මරාගන්න යනවා. ගැන්සි පිටින් බැහැලා අනිත් කුඩුකාරයන්ට සත්තම දැම්මා. එක පාරක් පිළියන්දලදී තව පාතාල සෙට් එකක් එක්ක මුහුණට, මුහුණ වෙඩි තියාගත්තා. මටත් වෙඩි වැදුණා. මට වෙඩි වැදිලා කියලා දැනගත්තත් ගෙදර කිසිම කෙනෙක් මාව බලන්න ආවේ නෑ. මගේ කෙල්ල තමයි මං ළඟට වෙලා හිටියේ. තුවාල සනීප වෙලා නැවත කරළියට එනකොට මම හොඳ පාතාල පොරක්…”

“මොරටු සමන්, ඉන්දික, වැව ළඟ බණ්ඩාර පාතාලේ තව පොරවල් කිහිපදෙනෙක්ම ළඟින් ඇසුරු කළා. මොරටු සමන්ලාගේ සෙට් එකයි, වැව ළඟ බණ්ඩගේ සෙට් එකයි තරහයි. බණ්ඩව මම ටිකක් ළඟින් ඇසුරු කළා. බණ්ඩව ළඟින් ඇසුරු කරනවා කියලා දැනගත්තට පස්සේ සමන්ලාගේ සෙට් එක මාත් එක්ක ඔරොප්පුවෙන් හිටියේ. දවසක් රත්මලානේ වත්තක සෙට් වෙලා ඉන්නකොට පොඩි කතාවක් ඇති වුණා. එතැනදි මම කිව්වා ‘තොපි දැනගනිව් මම බණ්ඩාගේ මිනිහෙක්. තොපි සේරම බාවනවා…’ කියලා එතැනින් ෂේප් වෙලා ගියා. ඊට පස්සේ ඉන්දික මාව මරන්න හෙව්වා. බීලා පිස්සු දෙඩෙව්වට ඉන්දිකත් එක්ක හැප්පෙන්න තරම් මට ශක්තියක් තිබුණේ නෑ. කොහේදි හරි සෙට් වුණොත් ෂොට් එක දෙනවා කියල මම දැනගෙන හිටියා. ඒ මරණ උගුලෙන් බේරෙන්න ක්රමයක් කල්පනා කර, කර ඉන්නකොට කෙනෙක් කිව්වා ‘උඹ කුඩු ගහන්න ගනිං. කුඩ්ඩෙකුට උණ්ඩයක් පාවිච්චි කරලා වැඩක් නෑ. කුඩ්ඩා කොහොමත් අකාලයේ මැරෙනවා. ඒ නිසා උන් ඕක අතහැරලා දායි…’ කියලා. ඒ කතාවත් මගේ ඔලුවේ රැව් දෙන්න පටන් ගත්තා. ඒත් මම කුඩුවල ආදීනව හොඳින්ම දන්න නිසා ආසාවටවත් කුඩු බොන්න බය හිතුණා. ඒත් මගේ ජොබ් එක වෙලා තිබුණේ සුදාගේ කුඩු ප්රවාහනය කරන එක. සුදාගේ කුඩු ගොඩේ ලැගගෙන ඉන්නකොට දවසක් මට ගංජා නැති වුණා. ඉන්නම බෑ. ඇඟ ගංජම ඉල්ලනවා. පස්සේ මම කුඩු උරන එකෙක් ළඟට ගිහින් මටත් ෂොට් එකක් දීපං කියලා ඉල්ලුවා…”

‘ඒයි ජම්බු බොට පිස්සුද… දැන දැන මේ වස ඇඟට ගන්න එපා යකෝ…’ එතැන හිටිය සෙට් එකම මට බැන්නා. ඒත් මට කුඩු බොන්නම ඕන වුණා…

‘උඹට බොන්නම ඕනා නම් ඉදා බීලා මැරියං…’ කියලා එකෙක් කුඩු චුට්ටක් දික් කළා. කුඩු තොග භාරව ඉඳලා, කුඩු ප්රවාහනය කරලා ජීවිතේ පළමු වතාවට කුඩු චුට්ටක් බිව්වේ එදා තමයි. ඒත් එදා මට කුඩුවලින් ලොකු ෆීලින් එකක් දැනුනේ නෑ. දෙවැනි දවසේ ගෝලයෝ සෙට් එක මට බලෙන්ම කුඩු පෙව්වා. ඒ අය එහෙම කළේ සුදාගේ කුඩු තොග තිබුණේ මා ළඟ, මම කුඩුවලට ඇබ්බැහි වුණොත් උන්ට නිතරම කුඩු චුට්ට, චුට්ට මගෙන් ගන්න පුළුවන්. උන් මට කුඩු දුන්නා. මමත් චුට්ට, චුට්ට බිව්වා. අන්තිමේ මම කුඩුවලට ඇබ්බැහි වුණා. දවස ගානේ කුඩු බිව්වා. ලස්සනට තිබුණු ඇඟ වැල වුණා. හකු බැහැලා, ඇස් ගිලිලා විරූපි වුණා. මම නිතරම කුඩු බොන නිසා සුදා මාව ජොබ් එකෙන් අයින් කළා. මම ගෙදර ගියා. අම්මා, තාත්තා බය කරගෙන සල්ලි ගත්තා. බඩු මුට්ටු විකුණලා කුඩු බිව්වා…”

“කෙල්ලත් එක්ක කාමරවල තනිවෙලා මම කුඩු බොනකොට එයටත් දුන්නා. දවස ගානේ කාමරවලට ගිහින් කුඩු බොනකොට කෙල්ලත් කුඩුවලට ඇබ්බැහි වුණා. අන්තිමේ දෙන්නටම කුඩු බොන්න සල්ලි හොයන්න වුණා. එතකොට කෙල්ලට අවුරුදු දහඅටක්වත් නෑ. මටත් වයස විසිහතරයි. ගෙදරදී අතට අහුවෙන්නේ මොන බඩුවද අරගෙන ගිහින් විකුණුවා. දවසක් මට කුඩු ගන්න සල්ලි නැතිව මාව මරන්න හොයන ඉන්දික ළඟට ගිහිල්ලා වැඳලා කුඩු ඉල්ලුවා…”

‘කෝ උඹගේ වාහන… සල්ලි… උඹ දැන් හොරි හැදුණු බල්ලෙක් වගෙයි. මම මීට කලින් උඹව මරලා. කුඩුවලට ඇබ්බැහි වෙලා කියලා දැනගත්තට පස්සේ මට හිතුණා උඹ කවදාහරි මේ විදිහට මා ළඟට එනවා කියලා. කුඩු බොන ඕන එකෙක් අන්තිමේ බල්ලෙක් ගාණට වැටෙනවා බං. ඉදා… ඉදා… මේක අරගෙන ගිහින් බීපං. උඹගේ ගෑනිටත් පොවපං. නැත්නම් අපි ළඟට එවපං අපි පොවන්නම්…’ ඉන්දිකයා මාව බල්ලෙක් ගාණට දාලා කුඩු පැකට් තුනක් විසි කළා. ඒ මොහොතේ ඒ කුඩු ටික මට දිව ඔසුවක් වගේ දැනුණා…”

“ඒ වෙනකොට තාත්තගේ ව්යාපාරත් වැටිලා. මම ගැනම හිතලා තාත්තා ලෙඩ ඇඳට වැටුණා. මම කුඩු ඉල්ල, ඉල්ලා එක, එකා ළඟ පදිරේ වුණා. ඔහොම ඉන්නකොට කළුබෝවිල කුඩු පොරක් ළඟට සෙට් වුණා. මට පැවරුණේ කුඩු ප්රවාහනය කරන්න. සුපිරි වෑන් එකක් දුන්නා. මම වැඩේ කරගෙන ගියා. අතට සල්ලිත් ආවා. මම කුඩු ප්රවාහනය කරන්න මගේ කෙල්ලවත් පාවිච්චි කළා. දෙන්නත් එක්කම වැඩේ කරගෙන ගියා. අවුරුදු දෙක, තුනක් කුඩු ප්රවාහනය කළා. එක දවසක්වත් පොලිසියට කොටු වුණේ නෑ. දවසක් කුඩු ඕනර් මටයි, කෙල්ලටයි ගෙදරට එන්න කියලා කෙල්ලව තියාගෙන මාව උවමනාවකට එළියට යෑව්වා. එදා ඌ බලහත්කාරයෙන් මගේ කෙල්ලව පාවිච්චි කරලා තිබුණා. කෙල්ල මට කෙලින්ම කිව්වේ නෑ. ඒත් වෙච්ච දේ මම තේරුම් ගත්තා. ඌ ගෑනු පෙරේතයා. ඌට ලස්සන කෙල්ලෙක් දැක්කොත් හප කරලා දානවා. මගේ කෙල්ලට කරදර කරපු දවසේ ඉඳලා ඌ ළඟින් අයින් වුණා. ඊට පස්සේ මම ප්ලෑන් කළේ ඌව මරන්න. කුඩු බිබී ඔය විදිහට වෛරයෙන් පිපිරි, පිපිරි ඉන්නකොට තාත්තා මාව මාලදිවයිනට යෑව්වා. මම මාලේට බැස්සේ 2003 අවුරුද්දේ. එහේදි මම ගැන්සියකට සෙට් වෙලා හොරෙන් ඩොලර් අච්චු ගැහුවා. මාරු කරන්න යනකොට මාට්ටු වුණා. අන්තිමේ හිරෙත් ඉඳලා ජීවිතේට ඒ රටට යන්න බැරි කරලා මාව ලංකාවට එව්වා. ඒ ඇවිත් කුඩු බිබී රස්තියාදු වෙනකොට තාත්තා මාව මේ පන්සලට අරගෙන ආවා…”

“මේ පන්සලට ආවේ 2004 අවුරුද්දේ. කුඩු සික් එක කැඩිලා ජීවිතය සුබවාදී දිසාවට හැරුණා. අවුරුද්දක් විතර ඉඳලා ගෙදර ගිහින් තාත්තාගේ ව්යාපාර කරගෙන හොඳට හිටියා. සිගරට් එකක්වත් බිව්වේ නෑ. අරක්කු, සිගරට් දකිනකොට අප්පිරියයි. මම හොඳට ඉන්න නිසා ගෙදර අයත් හරිම සතුටින් හිටියා. මට මඟුල් යෝජනා ගෙනාවා. මම ඒවා බලන්න ගියා. ඒත් ලව් එක නතර වුණේ නෑ. ඉඳලා හිටලා කෙල්ලත් එක්ක හෝටල් කාමරයක තනි වුණහම වෙනදා වගේ නෙමෙයි දෙන්නම මන්දගාමීයි. අන්තිමේ දෙන්නම කාමරයෙන් එළියට එන්නේ මූණු පුළුටු කරගෙන. දවසක් බැලුවා… දෙකක් බැලුවා… හරි ගියේම නෑ. දවසක් දෙන්නා එක්ක කතා වෙලා එකතු වෙන්න ඉස්සර වෙලා කුඩු චුට්ටක් ගත්තා. පිස්සු හැදුනා වගෙයි. සෙක්ස් විකාරයයි. ‘මේක තමයි බෙහෙත…’ කියලා හිතලා කාමරයක තනි වෙනකොට කුඩු චුට්ට, චුට්ට ගත්තා. මම කුඩු දුන්නොත් තමයි කෙල්ල බිව්වේ. කෙල්ල හොයාගෙන ගිහින් කුඩු බිව්වේ නෑ. ඒත් දවස ගානේ රූම් ගිහින් කුඩු බොනකොට ආයෙමත් දෙන්නම කුඩුවලට ඇබ්බැහි වුණා. ඒත් ගෙදර අය හිතුවේ සේරම නතර කරලා මම බොහෝම හොඳට ඉන්නවා කියලා. කෙල්ලගේ ගෙදරත් හිතාගෙන හිටියේ මම හොඳ මිනිහෙක් වෙලා කියලා. මම කරපු වනචර වැඩ හැම දේම හිතේ තදකරගෙන කෙල්ලගේ අම්මා අපි දෙන්නව බන්දන්න හොඳටම වලි කෑවා. ඒත් මගේ කෙල්ල දැනගත්තා අපි දෙන්නම කුඩුවලට ඇබ්බැහි වෙලා. එක වහළක් යටට ගියත් ජීවිතයක් නෑ කියලා. අන්තිමේ කෙල්ල මහණ වුණා. අවුරුදු අටක් ආදරය කරපු කෙල්ල නැති වුණාට පස්සේ මගේ මෝළේ විකාර වුණා. කෙල්ලත් එක්ක ගෙවපු ජීවිතය මතක් වෙනකොට අඬලා, වැළපිලා ජීවිතය නැති කරගන්න හැදූ වාර අනන්තයි. අන්තිමේ මගේ කාලකණ්ණි ජීවිතය ගැන හොඳින් දැනගෙන හිටිය අක්කා බැඳපු අයියගේ නංගි මාව බඳින්න කැමති වුණා…”

“ඒ නංගි පිළී ජාතියක්වත් කන්නේ නෑ. ආගම, දහමට හරිම ලැදියි. බැංකුවක වැඩ කරන්නේ. ලස්සනට වෙඩින් එකක් අරගෙන අපි දෙන්නා කසාද බැන්දා. එයා කසාද බැඳලා තියෙන්නේ මාව කුඩුවලින් ගලවගන්නමයි. බැඳලා අවුරුදු දෙකක් විතර යනකොට අපිට පුංචි පුතෙකුත් ලැබුණා. ඒත් මගේ කුඩු බීම සම්පූර්ණයෙන්ම නතර වුණේ නෑ. තාත්තා මාව කටාර්වලට යෑව්වා. අවුරුද්දක් විතර ජොබ් එක කරගෙන ඉන්නකොට දරුව මතක් වෙලා ඉන්න බැරිව ලංකාවට ආවා. මම ලංකාවට ඇවිත් දවස් දෙකෙන් අපේ තාත්තා නැති වුණා. මට තවත් නිදහස ලැබුණා. මම හොඳටම පිස්සු නටන්න පටන් ගත්තා. ආයෙමත් පරණ තැනටම වැටුණා. ගෙදර තිබුණු අන්තිම වාහනයත් විකුණුවා. ණය වුණා. නිදාගෙන ඉන්නකොට වයිෆ්ගේ කර මාලය කඩාගෙන ගිහින් උකස් තිබ්බා. මගේ නෝනට සමාජයට මුහුණ දීගන්න බැරි තත්ත්වයට පත් වුණා. අන්තිමේ මගේ නෝනම මේ පන්සල හොයාගෙන නැවත පාරක් මාව මෙතැනට අරගෙන ආවා…”

“දැන් මෙතැනට ඇවිත් මාස හයක් වෙනවා. ජීවිතේ ලොකු වෙනසක් තියෙනවා. දැන් මට අවුරුදු තිස්දෙකයි. තවත් ආතල් ගන්න කාලයක් ඉතිරි වෙලා නෑ. මම මෙතැනින් පිට වෙන්නේ සම්පූර්ණයෙන් වෙනස් චරිතයක් විදිහට. මේ වතාවේ ගොඩ යන්න බැරි නම් නැවත මට ජීවිතයක් නෑ…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: