hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:00



Online හරහා පංතිවලට සහභාගිවි සිටියදි හඳුනාගත් 13 හැවිරිදි බාල වයස්කාර සිසුවියකට ලිංගික අතවර සිදු කිරිමට තැත් කිරිම සම්බන්ධ සැකකරුවෙකුගේ ජංගම දුරකතන වාර්තා ලබා ගැනිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ මහත්මිය තෙලිකඩ පොලිසියට නියෝගයක් ලබා දී තිබේ.

අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය ලබා දුන්නේ පොලිසිය ඉදිරිපත් කරණ ලද කරුණු සළකා බැලිමෙන් පසුවයි.

තෙලිකඩ පොලිස් වසමේ මාවඩවිල ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියට ඔන්ලයින් මගින් පංතිවලට සහභාගිවිම සඳහා දෙමව්පියන් විසින් ජංගම දුරකතනයක් ගෙනදි ඇති අතර මෙයට මාස එකහමාරකට පෙරදි ඇය අන්තර් ජාලය හරහා පිරිමි ළමයෙකු හඳුනාගෙන ඇති බවට වාර්තා වනවා.

මේ අතර ඔහු ඇයට කතාකොට ඇය හමුවිමට එන බව පවසා ඉකුත් 29වනදින අලුයම එකට පමණ ඇයගේ නිවසට ගොස් ඇති අතර ඇයද දොර විවෘත කරගෙන ඔහු හමුවීමට ගොස් තිබේ

එසේ ගොස් ඔහුගේ ඉල්ලිම පරිදි දෙදෙනා නිවසේ සිට මිටර් 50 පමණ දුරට ඇවිද ගෙන වත්ත පහලට යමින් සිටියදි ඔවුන් එනතුරු තවත් දෙදෙනෙකු බලා සිටින බව ඇය දැක තිබේ.

ඒ සමගම යතුරු පැදියක් පැමිණිම නිසා බියට පත්වූ ඇය දුවගොස් ඇති අතර ඇයද මිදුලේ වැටි ඇත.

ටික වේලාවකට පසු අවශ්‍යතාවයකට එලියට යාම සඳහා මව නිවසින් පිටතට පැමිණි අවස්ථාවේ දියණිය මිදුලේ වැටි සිිටිනු දැක වහාම 1190 ගිලන් රියකින් රෝහල වෙත ගෙන ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

ඉන්පසු දිගින් දිගටම කරුණු විමසිමේදි ඇය විසින් සිද්ධිය පැවසිමෙන් පසු පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් ප්‍රධාන සැකකරුගේ ජංගම දුරකතන වාර්තාවක් ලබා ගැනිමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

තෙලිකඩ පොලිසියේ ස්ථානාධිති පොලිස් පරික්ෂක දිලංක මහතාගේ උපදෙස් පරිදි සැරයන් එන්.කේ ප්‍රනාන්දු (561) මහතා විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදී.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: