hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:01



දවසින් දවස මේ සමාජය පිරිහෙමින් පවතිනවා කියන හැඟීම කාටත් දැනෙනවා ඇති.

ඒකට හේතුව තමයි අහන්න දකින්න ලැබෙන සිදුවීම්..

බාලවයස්කාර දැරියන් දූෂණය කිරීම, මව පියාට පහරදීම වගේ විවිධාකාර අමානුෂික ක්‍රියා හැමතැනින්ම වගේ වාර්තා වෙනවා.

අපි මේ කියන්න යන්නේ එවන් සමාජයක තම මවත්, දරුවන් දෙදෙනාත් රැකබලාගන්න ගණිකා සේවයේ නිරතවෙන කාන්තාවක් ගැනයි…

ඔබ ගැන විස්තර කියන්න කැමතිද..?

ඇයි මහත්තයෝ හංගන්නේ.. මම මේ රස්සාව කරනවා කියලා ගමේ අයත් දැන් දන්නවා..
හැබැයි මම මේ රස්සාව කරලා හොයන සල්ලිවලින් තුන්දෙනෙක් ජීවත් වෙනවා..
ඒ නිසා මට හිතට දුකක් නැහැ…

මේ ජීවිත කතාව ගැන කියන්න කැමතිද..?

මම හොඳට ඉගෙන ගත්තා..
මම උසස් පෙළ පාස්.. රස්සාවක් කළා.. එතනදි මට හමුවුණු කෙනෙක්ව තමයි විවාහ කරගත්තේ.

අපි ගොඩක් සතුටින් ජීවත් වුණා.. මගේ අම්මත් අපිත් එක්ක හිටියේ..

අම්මට එක පාරම ඇගේ එක පැත්තක් පණ නැතිව ගියා.. දැන් අම්මාට ඇවිදගන්නත් බෑ..

අපිට දරුවෝ දෙන්නෙක් ලැබුණා.. ඒ දෙන්නා නිවුන්නු..

මහත්තයා දවසක් රෑ යාළුවෙකුගේ පාර්ටියකට ගියා.. එයාට නින්ද ගිහින් ටිපර් එකක බයික් එක හැප්පිලා අපිව දාලා ගියා.
මම මේ ලෝකේ දරුවෝ දෙන්නත් එක්ක තනිවුණා.

දරුවන්ට කිරි පැකට් එක ගන්න පවා ආදායමක් නැතිවුණා..
අම්මාට වියදම් යනවා මාසෙට බෙහෙත්වලට විතරක් රුපියල් 20,000 ක් විතර..

හැමපැත්තකින්ම මාව හිරවුණා.. රස්සාව කරලා ලැබෙන රුපියල් 30,000 න් හතරදෙනෙක් ජීවත් වෙන්නේ කොහොමද..?

කරන්න දෙයක් නැතිව තැන මම මේ රස්සාව කරන්න පටන් ගත්තා.

දැන් මාසෙට රුපියල් ලක්ෂ එක හමාරක් විතර හොයනවා.. මගේ දරුවෝ දෙන්නා හොඳට ඉගෙන ගන්නවා..
අම්මාට බෙහෙත් ටික ගන්නවා..
හොඳින් ඉන්නවා..
ජීවිතේ ඒ පැත්තෙන් හැමදේම කරගත්තත් මිනිස්සු ඉස්සර නිරුවත් වෙන එක මට දුකක්..

ඒ හැම මොහොතකම මම මගේ දරුවෝ දෙන්නයි, අම්මයි ගැන මතක් කරනවා.. ඒ අය වෙනුවෙන් මම ඉවසගන්නවා..
මොනවා කරන්නද මේවා අපි සංසාරේ කරපු පව්..

ගෙවලා ඉවර කරන්නම වෙනවා.. සමහරු බොරු සීයක් කියනවා ආවම.. ගෙවල්වල ප්‍රශ්න කියනවා.. බලද්දි හොඳ පවුල් ජීවිත ගෙවන අය.. ඒත් හොරෙන් මේවා අස්සේ රිංගනවා.

ඒ අයගේ දරුවෝ, බිරිඳ පව්.. කවදාවත් එහෙම කරන්න එපා කියලයි මම ඉල්ලන්නේ.. තමන්ගේ පවුල රැකගන්න.. කවදාවත් බොරුවක් කරන්න එපා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: