hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 24, පෙ.ව. 12:02



13 හැවිරිදි දියණිය අතුරුදහන් බව කියමින් පසුගිය දිනෙක මොරටුමුල්ල පොලිසියට පමැණි අවුරුදු තිස් පහක් පමණ වයසැති කාන්තාවක් පැමිණිල්ලක් කළා.

වයසට වඩා වැහැරුණු සිරුරක් ඇති ඇය දෙස බැලීමේදී ඇය අසරණ දිවියක් ගෙවන බව වටහා ගත හැකි වුණෘ.

මෙම කියන දියණිය ඇත්තෙන්ම හැඩකාරියක් වුණා. මොරටුමල්ල ප්‍රාදේශීය පාසලක අට වසර පන්තියේ ඉගැනුම් ලැබූ ඇගේ පියා මත්ද්‍රව්‍ය චෝදනාවක් නිසා පුනරුත්තාපනය වෙමින් සිටියා. ඇය සිටියේ ඇගේ ආච්චි අම්මා සමඟයි. වෙනත් දරුවන් නොමැති පවුලේ නදී හැදුනේ වැඩුනේ තනිවමයි.

සැමියා නොමැති පවුලේ බර ඇදීමට නදීගේ මව නිවෙස් වල බැල මෙහෙවරකම් ද කළා. මේ නිසාම මව එන්නේ රාත්‍රී 10 ට පමණයි. ඒ නිසා මවට වඩා මිණිබිරියගේ උවමනා එපාකම් සොයා බැලුවේ මිත්තණිය විසිනුයි.

ආච්චි ඇයට ජංගම දුරකතනයක් ලබා දුන්නේ කෙසේ හෝ ඇගේ ඇස් පෑදීමේ අරමුණින් වීමට පුළුවන.

කොරලවැල්ල, ලූනාව ප්‍රදේශයේ 16 හැවිරිදි දැරියක් නදීගේ නිවසට නිවෙස් දෙකකට එහා ඇති ඥාති නිවසකට ආවේ ඔය අතරයි. මේ ගමනේදී නදී සමඟ දැඩි මිතුරුකමක් ගොඩ නඟා ගත්තේ දුරකතන අංකද හුවමාරු කර ගනිමින්.

ලූනාවේ දැරිය සමවයස් ඥාති පිරිමි ළමයෙකුට සිය දුරකතනය ලබා දෙන්නේ ඇති වූ කාර්මික දෝෂයක් නිවැරදි කර ගැනීමටයි.

එවිට ඔහු නදීගේ දුරකතන අංකය ගෙන ඇය සමඟ හිතවත්කමක් ගොඩ නඟා ගැනීමට උත්සහ ගෙන තිබුණා. එහිදී ඔහු පවසා සිටියේ නදීගේ නිරුවත් ඡායාරූප ඔහුට දෙන ලෙසයි. මෙයින් කෝපයට පත් ඇය අංකය ඉවත් කර දැමුවේ තමන් එවැනි දේ නොකරන බව කියමිනුයි.

මේ නිසා කිපුණු ඔහු ඔහුගේ මිතුරු කොරලවැල්ලේ 25 හැවිරිදි අයියා කෙනෙකුට නදීගේ අංකය ලබා දුන්නා.

මේ අයියාද ඇයට කතා කර මිතුරුකමක් ගොඩ නගාගෙන පෙර ලෙසම යෝජනා ගෙන ආවත් ඇය ඊට ද අවනත වූයේ නැහැ. එහෙත් ඔහුගේ පෙරැත්තයට වට්ස්ඇප් හරහා වීඩියෝ කෝල් ගත්තා.

“…අනේ මට ඔයාව ඇත්තටම දකිනකං ඉවසිල්ලක් නෑ පැටියෝ..”

ඔහු ඒ ඉල්ලීම කළේ කෙසේ හෝ ඇය මුණ ගැසීමේ අරමුණ ඇතිවයි.

“එහෙනං අපේ ගේ ළඟට එන්නකෝ.. මම විතරයි ගෙදර ඉන්නේ..”

ඇය මේ අයියාට දැනුම් දුන්නා. යතුරුපැදියෙන් මොරටුමුල්ලට යන මේ තරුණයා පළමු දින ඈ මුණ ගැහී දෙවැනි දින ඇයව ලැගුම්හලකට ගෙන ගියා. තමන්ට වුවමනා ආකාරයෙන් මේ දැරිය සමඟ ගත කරන ඔහු අතුරුදහන් වුණා. පසුව දුරකතන අංකය ද ක්‍රියා විරහිත වුණා. නමුත් ඇය මේ ගැන කිසිවෙකුට පැවසුවේ නෑ.

අයියගෙන් කිසිම තොරතුරක් නැති තැන ඔහුට කතා කිරීමට මඟක් සොයාන ඇයට හමුවූ දුරකතන අංකයකට කතා කර මිතුරුකමක් ගොඩ නඟා ගන්නේ ජාඇල තරුණයෙකු සමඟයි. ඇගළුම් ආයතනයක රැකියාව කළ එහු විසි හැවිරිදි වියේ පසුවුණා. ඔහු හැදී වැඩුනේද මිත්තණිය සෙවණේ යි. මේ මිත්තණියගේ ඇස් පෙනීම ද දුර්වල යි.

ජාඇල අයියා සමඟ ඇසුරක් ඇති කරගන්නා නදී, කොරලවැල්ලේ අයියා ගැන ද ඔහුට පැවසුවා.

ඔහු නදීට අවංකව සෙනෙහසක් දැක් වූ අතර ඇයව මොරටුවට ගෙන්වා ගෙන බස්රථයෙන් ජාඇල නිවසට ගෙන ආවේ කාටත් රහසිනුයි.

ජාඇල අයියා සමඟ එම නිවසේ දින දෙකක් තිස්සේ ඇය සිටියේ වියපත් ආච්චිටත් නොදැනෙන ලෙසයි. ඒ දවල් කාලේදී කාමරයට දමා දොර වසා තබායි. ඉන්පසු ඔහු කල්පනා කළේ කිසිවෙකුට නොදැනෙන්නට ඇය රඳවා තබා ගන්නා ක්‍රමයක් ගැනයි.

ඔහුට ඇඟළුම් ආයතනයේ රැකියාව කරන මිතුරියක් මතක් වුණා. ඇය සිටියේ දැදිගම. විසි හතර හැවිරිදි මේ තරුණියගේ මව්පියන් වෙනම ජීවත් වන බැවින් ඇය සිටියේ නිවසේ තනිවමයි. මේ නිසා ඇගේ පිහිට පතන්නට ඔහුට සිදුවුණා.

“අනේ බං නංගි කෙනෙක් එක්ක ආවා. දැනගත්තොත් ගෙදරින් ගෝරි.. උඹට බැරිද ටික දවසකට අපිට මෙහේ ඉන්න දෙන්න… ලොකු උදව්වක් බං..”

“බයවෙන්න දෙයක් නෑ… නංගිට දැන් අවුරුදු දහඅටයි..” මිතුරිය අදිමදි කරද්දි ඔහු එසේ ද කීවා.

එහෙත් ඔවුන්ට එහි සිටීමට හැකි වුයේ නැහැ. ඒ අවට වැසියන් ඇස ගසා සිටි නිසයි. මේ යුවල ගැන පොලිසියට ආරංචියක් ගියේ ඒ අතරයි.

වදුරඹ පොලිසිය මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් අතර නදීගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ කරුණු අනුව මොරටුමුල්ල පොලිසියට භාරදුන් අතර පසුව ලූනාවේ සහ කොරවැල්ලේ තරුණයින් දෙදෙනාද අත්අඩංගුවට පත්වුණා.

පොලිසිය හමුවේ අවුරුද්දට ඇත්තේ මාස දහයක් පැවසූ නදී පෙම්වතුන්ගේ දුරකතන අංක කියාගෙන ගියේ ගිරවියක් ලෙසයි. ජීවිතය ගැන දැනුමක් නොමැති ඇය ලිංගික කටයුතු ගැන මනා අවබෝධකින් පසුවුණා.

ඒ ඇය ඖෂධ භාවිතයෙන් තොරව ගැබ් ගැනීම වළකා ගත හැකි අයුරුද දැන සිටි නිසයි.

වැඩිහිටයන්ගේ අවධානයෙන් ගිලිහුන බාලවස්කාර දරුවන්ගේ අනාගතය අවිනිශ්චිත බව මේ කතාවෙන් පැහැදිලි වන අතර ජංගම දුරකතනය සමඟ දවස ගෙවන දරුවන් ගැන මීට වඩා සැලකිලිමත් වීම දෙමව්පියන්ගේ වගකීමක්…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: