hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:01



තම දියණියගේ ප්‍රථම දරු උපතින් පසු එම දියණිය මියයන බවට ජ්‍යොතිෂවේදියකු පැවසූ අනාවැකියක් හේතුවෙන් 51 හැවිරිදි මවක් සිය විසි තුන් හැවිරිදි ගැබිනි දියණිය බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් දින පහක් තිස්සේ රහසිගතව රඳවාගෙන ඇයගේ දරු ගැබ විනාශ කළ බවට චෝදනා ලැබූ කාන්තාවක් කිරිබත්ගොඩ පොලිසිය ඉකුත් 23 වැනිදා අත්අඩංගුවට ගෙන ඇත.

කිරිබත්ගොඩ පොලිස් වසමේ හුණුපිටිය නාහේන ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම කාන්තාවගේ දියණිය මීට වසර පහකට පමණ පෙර ප්‍රේම සම්බන්ධතාවකින් විවාහ වී ඇත.

එම විවාහය හා තම බෑනා පිළිබඳව මෙම කාන්තාව දැඩි අකමැත්තකින් පසුවී ඇත.

පසුව එම කාන්තාව ජ්‍යොතිෂවේදියකු හමුවී එම විවාහය පිළිබඳව අනාවැකියක් අසා දැනගෙන තිබේ.

එහිදී​ ජ්‍යොතිෂවේදියා පවසා ඇත්තේ ඇගේ දියණියට වයස අවුරුදු 24 මාස 10ක් යනතුරු දරුවකු ප්‍රසූත කිරීමට සුදුසු නැති බවයි. ඊට පෙර ගැබ් ගැනීමක් සිදු වුවහොත් පළමු දරු උපතේදී එම මව හෝ උපදින දරුවා මියයන බව පවසා ඇත.

ඒ අනුව දියණියගේ ස්වාමියා නිවසේ නොමැති අවස්ථාවක පසුගිය (15 වැනිදා) තවත් දෙදෙනකුගේ සහාය ඇතිව වෑන් රථයකින් දියණිය පැහැරගෙන ගොස් කෑගල්ල ප්‍රදේශයේ නිවසක රහසිගතව දින පහක් රඳවා තබාගෙන ඇතැයි මවට චෝදනා එල්ල වේ.

පසුව වත්තල ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් බව කියන ස්ථානයකින් දරු ගැබ විනාශ කළ හැකි විෂ සහිත පෙති වර්ගයක් දියණියට බලහත්කාරයෙන් පොවා ඇති බව පොලිසිය පවසයි.

පසුව දියණිය සිය මව නිවසේ නොමැති අවස්ථාවක රඳවාගෙන සිටි නිවසින් පැන ගොස් කෑගල්ල නගරයට පැමිණ තම සැමියාට දුරකථන ඇමැතුමක් දී මෙම අකරතැබ්බය ඔහුට පවසා ඇත.

ඒ අනුව ඇගේ සැමියා වහා කෑගල්ලට ගොස් ඇය රැගෙන පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණ සිද්ධිය පිළිබඳව පැමිණිලි කර තිබේ.

අත්අඩංගුවට ගත් කාන්තාව රජයේ ප්‍රධන පෙළෙ ආයතනයක කළමනාකරණ සහකාර සේවයේ නියුතු අයකු බවද පොලිසිය කියයි. අත්අඩංගුවට පත් කාන්තාව මහර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: