hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:01



අපි කතාවට කියන්නෙ, බණ අහන රටක්, බණ කියන රටක් කියලයි.. ඒත් ඇත්තටම අපේ පුංචි රට එහෙමද?

දවසකට මේ පුංචි මුතු ඇටය ඇතුළේ ඉන්න පුංචි උන් කී දෙනෙක් වැඩිහිටි උදවිය අතින් අතවරයට, හිංසනයට ලක්වෙනව ද ? කොයි තරම් තිරිසනුන් “උපාසක මහත්වරුන්” විදිහට වෙස් වලාගෙන ඉන්නවද ?

අපිට අහම්බෙන් හමුවුනු මේ කතාවත් ඒ විදිහේ ඛේදාන්තයක්.. 15 හැවිරිදි දැරියකට සිද්ධ වුනු ඉතාම කණගාටුදායක සිදුවීමක්..

දුකට කාරණාව තමයි, මේ දැරිය දූෂණය කරන්න ඈව උපද්දපු අම්මාත් හවුල් වෙලාලු.

ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ පදිංචි 15 හැවිදිරි බාලවයස්කාර දැරියක් තමයි මේ විදිහට දූෂණයට ලක් වෙලා තියෙන්නේ.

දූෂණය කළ බව කියන පුද්ගලයා සහ ඊට ආධාර අනුබල දුන් දැරියගේ මව අත්අඩංගුවට ගත් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මවගේ අනියම් පුරුෂයා බවයි පරීක්ෂණ වලින් හෙළි වී ඇත්තේ.

මෙලස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මාරවිල පොලිස් වසමට අයත් නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි විවාහක පුද්ගලයකු සහ ග්‍රෑන්ඩිපාස් පොලිස් වසමේ පදිංචි 42 හැවිරිදි කාන්තාවක්.

මෙම දැරියට ලිංගික අතරව කළ තවත් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: