hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:02



කොස්ගම පුවක්පිටිය ප්‍රදේශයේ නිවෙසකට බාහිරින් පැමිණි 23 හැවිරිදි තරුණයෙකු ඝාතනය වීමේ සිදුවීමක් වාර්තාවේ.

වාර්තාවන ආකාරයට මෙම නිවසේ වාසය කරන පියා සහ මව එක් කාමරයකද දියණිය තවත් කාමරයකත් රාත්‍රී නිදා සිටින අතරවාරයේ පියාට දියණීයගේ කාමරය දෙසින් විවිධ ශබ්ද ඇසෙන්නට වීම නිසා ඔහුට සැකයක් ඇතිවී තිඛෙන්නේ නිවසට සොරු පැන ඇතිය කියාය. ඒ අනුව පියා හිමින් සීරුවේ නිවසේ කුස්සිය දෙසට ගොස් මන්නා පිහියක් අතට ගෙන දියණිය සිටි කාමරය දෙසට ගමන් කර ඇත්තේ විපරම් කිරීමටය.

එම අවස්ථාවේ කාමරයේ දොර අගුළු දමා තිබියදී පියා යතුරු සිදුරෙන් විපරම් කර තිඛෙන අතර ඔහුට දැකගන්නට ලැබී ඇත්තේ සිය දියණිය නිරුවත් කොට සිප වැළඳගනිමින් සිටින තවත් පිරිමි පුද්ගලයෙකු කාමරයේ සිටින බවයි.

බාල වයස්කාර සිසුවියක සිටි කාමරයට මහ රෑ ඇතුළු වූ තරුණයා දුටු පියාට කෝපය ඉහවහා ගොස් තිඛෙන අතර දොරට වේගයෙන් ගසා එය කඩාගෙන ඇතුළුවී තිබේ.

එම අවස්ථාවේ දියණිය ‘අනී තාත්ති එයාට මුකුත් කරන්න එපා” මමයි එන්න කිව්වෙ කියමින් අඳෝනා දී ඇත්තේ ඇයගේ සිරුර රෙදි පටවලින් වසාගනිමින් ලජ්ජාවෙන් ඇඹරෙමිනි.

කරකියාගන්නට කිසිවක් නොහැකිව වටපිට බැලු තරුණයා කොට කලිසම පිටින් ඇර තිබූ ජනේලයෙන් පැන පළායන්නට තැත් කර තිඛෙන අතර පියා වහාම එය වළක්වා ඔහුට පහර දෙන්නට උත්සාහ කර ඇත.
එම අවස්ථාවේ පියාගේ පහර වළකන්නට දියණියද උත්සාහ කළ මුත් වේගයෙන් එල්ල කළ එක් පහරක් තරුණයාගේ හිසේ වැදී ඔහු ලේ පෙරාගෙන ඇදවැටී ඇත.

සිහිසුන්ව සිටි ඔහු සම්බන්ධයෙන් පොලිසියද දැනුවත් කරන්නට නිවසේ අය පසුව කටයුතු කරන ලදි. තරුණයා බරපතල තුවාල තත්වයෙන් රෝහල් ගත කළ මුත් ඒවනවිටත් මන්නා පහරකින් මියගොස් සිටි බව පොලිසිය කියයි. මෙසේ මිය ගොස් ඇත්තේ අජිත් කුමාර නමැති 23 හැවිරිදි තරුණයෙකි.

ාතනයට ලක් වූ තරුණයාත් සිසුවියත් අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති බවට මූලික පරික්ෂණවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. තම දියණියගේ කාමරයෙන් කිසියම් ශබ්දයක් ඇසී ඒ සම්බන්ධයෙන් සොයා බැලීමේදී මිය ගිය තරුණයා දියණියගේ කාමරයේ සිටිනු දැක ඇති වූ කෝපය පාලනය කරගන්නට බැරිව ඇතිවූ ගැටුමින් පසු තරුණයාට පහර දෙන්නට සිදුවූ බව පියා පවසා ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පියා කොස්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

මිය ගිය තරුණයාගේ සිරුර අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණෙය පැවැත්වීමට නියමිතය. කොස්ගම පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: