hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:01



සුරේෂ් මට හැමදාමත් මේ සෙල්ලම කරන්න බැහැ. ගෙදරට බොරු කියලා මට දැන් ඇතිවෙලා. ගෙදරින් මට විවාහ යෝජනා ගේනවා. අපි දෙන්නගෙ කසාදෙ කවදද තීන්දු කරන්නෙ කියලා ඔයා කියන්න ඕනෙ..

මනෝරි සුරේෂ්ව තුරුළු කරගෙන කියන්න ගත්තා. හැමදාම කියන මේ කතා අහලා සුරේෂ් හිටියේ දැඩි කෝපයෙන්. ඒත් සුරේෂ් ඒ බවක් පෙන්නුවෙ නැහැ. හැමදාම මොනව හරි කියලා මිනිහා මනෝරිගෙන් බේරුනා.

මනෝරි පදිංචිවෙලා හිටියෙ කුරුණෑගලට නුදුරු දුෂ්කර ගමක. හොඳ අධ්‍යාපනයක් ලැබුවත් මනෝරිට හොඳ රැුකියාවක් කරන්න වාසනාව තිබුණේ නැහැ. අන්තිමේදී මනෝරි කුරුණෑගල පැත්තෙ ගාමන්ට් එකක රැුකියාවට ආවා.

රැුකියාව කරන්න ඇවිත් වැඩි දවසක් ගියේ නැහැ. මනෝරි බොහොම සංකර යුවතියක් බවට පත් වුණා. ඇඳුම්, පැළඳුම් වෙනස් වුණා. හැසිරීම කතාබහ නගරයට ඕනෙ විදිහට හැඩගැහුණා. දැන් මනෝරි කොළඹ හතේ සංකර නෝනා කෙනෙක් විදියට තමයි ජීවත් වුණේ.

ඔන්න ඔය අතරෙදි තමයි මනෝරිට සුරේෂ්ව මුණගැහුණෙ. සුරේෂ් රැුකියාව කළේ කුරුණෑගල පැත්තේ ප‍්‍රසිද්ධ සැලූන් එකක. සුරේෂුත් මනෝරිට දෙවැනි නැහැ. ගමෙන් නගරයට ආව කොල්ලෙක් වුණාට එයත් හැසිරුනේ කොළඹ ලොකු පවුලක සල්ලිකාර කොල්ලෙක් විදිහට. සුරේෂ්ගේ මේ ශෝබනවලට මනෝරි අහුවුණා. අන්තිමේදී මනෝරි එයාගෙ හැම වටිනාකමක්ම සුරේෂ් වෙනුවෙන් පූජා කළා.

ටික කාලයක් ගත වෙද්දී සුරේෂ්ට මනෝරි මහ වධයක් වෙන්න ගත්තා. ඒත් ඒ වෙනකොට මනෝරි හිටියෙ බොහොම අසරණ තත්ත්වයක. මොකද සුරේෂ් වෙනුවෙන් එයා හැම දෙයක්ම කැප කරලා තිබුණෙ.

මනෝරිගෙන් බේරෙන්න මහේෂ් විවිධ උපක‍්‍රම පාවිච්චි කළා. අහිංසක මනෝරි මේ කිසි දෙයක් ගැන දැනගෙන හිටියෙ නැහැ.

දවසක් සුරේෂ් මනෝරිට දුරකථනයෙන් කතා කළා.

‘‘මනෝරි අපි කාලෙකින් එන්ජොයි කළේ නැහැ. මට ඔයත් එක්ක දවසක් ඉන්න ඕනෙ. ?ටත් ඉන්න බලාගෙන කුරුණෑගලට එන්න.’’

සුරේෂ් මනෝරිට කිව්වා. සුරේෂ්ගේ ඉල්ලීම් එකකටවත් මනෝරි කිසි දවසක නැහැ බැහැ කිව්වේ නැහැ. ගාමන්ට් එකේ රාත‍්‍රි රාජකාරි කියලා ගෙදරින් පැන්න මනෝරි කුරුණෑගලට ආවා.

සුරේෂ් මනෝරිව කැන්දගෙන කුරුණෑගල පැත්තෙ නවාතැන්පොළකට රිංගුවා. එදා රාත‍්‍රිය වනතුරුම සුරේෂ් මනෝරි එක්ක සතුටු වුණා. සුරේෂ්ගේ අභ්‍යන්තරයේ හිටිය අමනුෂ්‍යයා එළියට එන්න ගත්තේ එදා තමයි.

මනෝරි ඇඟපත හෝදගන්න නාන කාමරේට යන අතරේ සුරේෂ් හෙමින් මාරු වුණා. ටික වෙලාවක් යන්න ඉස්සර සුරේෂ්ගේ යාළුවෙක් මේ කාමරේට රිංගුවා. සුරේෂ්ගේ යාළුවා මනෝරිට තර්ජනය කරලා එයාට තමන්ගේ පහත් ආශාවන් සන්තර්පනය කරගන්න පාවිච්චි කළා.

රෑ බෝ වෙද්දී සුරේෂ් කියන නරුමයා තවත් උගේ ජාතියෙම අවජාතකයො ටිකක් එක්ක මනෝරිගෙ කාමරේට රිංගුවා. එදා රෑ එළිවනතුරු ම මනෝරිට සිද්ධ වුණේ ඒ සල්ලාලයන්ගෙ පහත් ආශාවන් ඉටු කරන්න.

එළිවෙන ජාමෙ මනෝරිට නින්ද ගියා. උදේ නැගිටලා බලද්දී කාමරේ කව්රුත් නැහැ.

හෝටල් සේවකයෙක් කාමරේ කුලියයි කාපු බීපුවගෙ බිලයි අරගෙන ආවා.

‘‘මං කොහෙන්ද රුපියල් විසිදාහක් ගෙවන්නේ?’’

‘‘නෝනා අපට කරන්න දෙයක් නැහැ. ඔයා මේ බිල ගෙවලා යන්න. නැත්නම් අපට සිද්ධ වෙනවා පොලිසි යන්න.’’

හෝටලයේ කළමනාකරුයි සේවකයයි ගෝරනාඩු කළා. මනෝරි කබලෙන් ලිපට වැටුණා වගේ අසරණ වෙලා හිටියෙ.

අතේ සතපහක් නැහැ. අවුරුදු ගාණක් ආදරය කරපු සුරේෂුත් නැහැ. මනෝරි දහඅතේ කල්පනා කළා මොකක්ද කරන්නේ කියලා.

අන්තිමේදී මනෝරිට සිද්ධවුණේ හෝටලයේ බිල ගෙවාගන්න තමන්ගෙ පතිවත මුදල් බවට පරිවර්තනය කරන්න. හෝටලයේ කළමනාකරුයි සේවකයයි මනෝරිව තමුන්ගෙ කායික අවශ්‍යතාවන් සන්තර්පනය කරන්න ගත්තෙ හෝටල් බිලට හිලව් වෙන්නයි.

තමන්ගෙ ජීවිතේ විනාශ කරපු සුරේෂ් කියන පාපතරයට එරෙහිව නීතියේ සරණ පතාගෙන යන්න හිතාගෙන මනෝරි හෝටලයෙන් එළියට බැස්සා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: