hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 01, පෙ.ව. 12:03



කොරෝනා වසංගතයෙන් රටම ගිලගන්නේ මේ රටේ දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අගාධයට ඇද දමමිනුයි. මේ වෙනකොට බොහෝ නිවෙස්වල දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු සිද්ධ වෙන්නෙ පරිගණකයකින්. එහෙමත් නැත්නම් ලැප්ටොප් එකකින්. මේ මොනවත් නැත්නම් අඩුම ගානේ ජංගම දුරකථන එක්ක හරි ඔට්ටු වෙන්න දරුවෝ කටයුතු කරනවා.

නුමේෂිකා අධ්‍යාපනය ලැබුවේ කොළඹ අගනගරයේ තියෙන ප‍්‍රධාන පෙළේ බාලිකා පාසලක. ඇය පදිංචිවෙලා හිටියෙ ගම්පහ පැත්තෙ. නුමේෂිකාගේ මව්පියෝ උසස් රැකියාවල නිරත වූ නිසා ඔවුන් නිතර දෙවේලේ ගෙවල්වල රැඳුණේ නැහැ. නුමේෂිකා දවස තිස්සේම ඔන්ලයින් ක‍්‍රමයට අධ්‍යාපන කටයුතුවල නිරත වුණා. අම්මා තාත්තටවත් තමුන්ගෙ දුවගේ වැඩ ගැන හොයලා බලන්න වෙලාවක් තිබුණෙ නැහැ.

අධ්‍යාපන කටයුතු වලට මනස යොමුකරන අතරෙම නුමේෂිකා ෆේස්බුක් ගිණුමකුත් විවෘත කරගත්තා. ඒ විතරක් නෙවෙයි යූ ටියුබ් යන්න, වට්ස් ඇප් මාර්ගයෙන් චැට් කරන්න වගේ අත්තර් ජාලය හරහා කෙරෙන හැම දේකටම සම්බන්ධ වීම නුමේෂිකාගේ දින චරියාවට අයත් වුණා.

සාගර අයියව නුමේෂිකාට දැන හඳුනාගන්න ලැබුණේ ෆේස්බුක් එක එහෙමත් නැත්නම් මුහුණු පොත හරහායි. සාගර කියන්නෙ පරිගණක ඔස්තාර් කෙනෙක්. ඒ තරම් ලොකු දැනුමක් සාගරට තිබුණා. පාසල් අධ්‍යාපනය නිමකරලා පරිගණක ඩිප්ලෝමාවක් හදාරමින් හිටිය සාගර නුමේෂිකා එක්ක දිගටම ෆේස් බුක් හරහා සම්බන්ධතා ගොඩනගා ගත්තා. ටික කාලයක් ගත වෙද්දී සාගර නුමේෂිකාගේ ලස්සන ලස්සන ඡායාරූප රැසක්ම ගෙන්න ගත්තා. නුමේෂිකාගේ රූමත්කම දැක්කට පස්සේ සාගර ඇයට වශීවෙන්න වැඩි දවසක් ගත වුණේ නැහැ.

“නුමේෂිකා නංගී මං ඇත්තටම ඔයාට කැමතියි. අපි දෙන්නා එෆෙයාර් එකක් පටන්ගමු කාටත් හොරෙන් අපට පුළුවන් මේ සම්බන්ධය පවත්වාගෙන යන්න.”

සාගර එක් පාරටම ඒවගේ යෝජනාවක් ගෙනාවට පස්සෙ නුමේෂිකා අන්දුන් කුන්දුන් වුණා. ඇත්තටම නුමේෂිකාට තිබුණේ සාගර ගැන හිතවත් කමක් විතරයි. ආදර සම්බන්ධකම් ගැන එයාට කිසිම බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ.

“ඔයාට පිස්සුද අයියේ මං තාම O/L වත් කරලා නැහැ. අනික අපේ අම්මලා මේවා දැන ගත්තොත් මාව මරලා දායි. අපි යාළුවෝ විදිහට ආශ‍්‍රය කරමු. හැබැයි ලව් කරන්න නම් බැහැ.”

නුමේෂිකා දන්න සිංහලෙන් සාගරට කිව්වා. ඒත් සාගරගෙන් ඇයට කිසිම ගැලවීමක් නැහැ. නුමේෂිකාගේ රූපසෝභාවට වගී වෙලාහිටිය සාගර ඇයගේ ආදරය පතාගෙන පස්සෙන් එන්න ගත්තා.

“සාගර අයියෙ මං ඔයාට හොඳ හිතින් කියන්නෙ මේක නතර කරලා දාන්න. එහෙම නොකලොත් මං අම්මලාට කියලා ඔයාට හොඳ පාඩමක් උගන්වනවා.”

සාගරගෙන් බේරෙන්න බැරිවෙච්ච තැන නුමේෂිකා ඔහුට තර්ජනය කළා. සාගරගේ ආදරය වෛරයට පෙරළෙන්න පටන්ගත්තෙ මේ සිද්ධියෙන් පසුවයි. සාගර එදා ඉඳලා නුමේෂිකාගෙන් පලි ගන්න පටන්ගත්තා. ඒ සඳහා ඔහු අන්තර්ජාලයම තෝරගෙන තිබුණා.

දවසක් වැඩ ඇරිලා ගෙදර ආව නුමේෂිකාගේ අම්මා වැලහින්නක් වගේ අඩන්න ගත්තා. නුමේෂිකාගෙ කෙස්වල්ලෙන් අල්ලගෙන එයාට හොඳට තඩි බෑවා.

“යකෝ අපට පාරේ බැහැලා යන්න බෑනේ. උඹ මොනවද මේ නටන නාඩගම්. ෆේස් බුක් එකවුන්ඞ් එකක උඹේ පිංතූර පිරිලා. ඒවා නිකම්ම නිකම් ඒවා නෙවෙයි. නිරුවත් ඒවා. උඹ කොල්ලෝ එක්ක තුරුල්වෙලා ඉන්න පිංතූරත් තියනවා. අපිව මරලා දැම්මනම් මීට වැඩිය හොඳයි”.

නුමේෂිකාගේ අම්මා විලාප තියලා කෑගහනවා. නුමේෂිකාත් අන්තර්ජාලයේ සැරිසරලා මේ ෆේස් බුක් ගිණුම හොයාගත්තා. ඒක නුමේෂිකාගේ නමින් සකස් කරලා තිබුණා. ඒකෙ පෙනි ඉන්නෙත් නුමේෂිකාමයි.

සිද්ධවෙලා තියෙන්නෙ මොකක්ද කියලා තේරුම් ගන්න නුමේෂිකාට ඒතරම් වෙලාවක් ගියේ නැහැ.

ඒත් අර අසභ්‍ය ඡායාරූප දැක්කම නුමේෂිකාට තරු පෙනුණා. නුමේෂිකාගේ මුහුණට වෙනත් තරුණියකගේ හිසේ සිරුර බද්ධ කරලා නිර්මාණය කරපු ඡුායාරූප රැුසක් මේ ගිණුමට ඇතුළු කරලා තිබුණා.

“අනේ අම්මේ මේක කරන්න ඇත්තෙ සාගර අයියා. එයා මගේ ආදරේ ඉල්ලාගෙන පස්සෙන් ආවා. මං බැහැ කිව්වට පස්සේ තරහ වුණා. බලන්නකො කරලා තියෙන විනාශය.”

නුමේෂිකා හැඬූ කඳුළින් සිද්ධවෙච්ච හැම දෙයක්ම කිව්වා. ඒත් ඒ වෙනකොට වෙන්න ඕන හරිය වෙලා ඉවරයි. නුමේෂිකාවටත් එයාගේ දෙමව්පියන්ටත් පාරේ බැහැලා යන්න බැරි තත්ත්වයක් උදාවෙලා. නුමේෂිකාගේ වැඩිහිටියෝ වෙච්ච අවනඩුව කියන්න පොලිසියට යන්න තීරණය කළා.

අධ්‍යාපන කටයුතුවල නිරතවෙලා ඉන්න දරුවන්ගෙ වැඩිහිටියෝ අවධානයෙන් සිටිය යුතු කාලයක් අපි මේ පසුකරමින් යන බව අමතක නොකළ යුතුයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: