hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 02, පෙ.ව. 12:02



බිස්නසුත් නෑ දැන්නම් මට, ඉඳල හිටල එන කස්ටමර් කෙනෙක් අරුනම..

නාඳුනන මිනිහෙක් අතින් දෙවෙනි පාරටත් ගෑණියෙක් වෙනකොට යන්තම් විසි දෙකයි මට..

ආදරය… සුන්දර වරදකි කිසිදා සමාවක්නම් නැති.. මට පෙන්නලා ආලේ හැටි නුඹ දුන්නු දුක හොඳටම ඇති…

ආදරේ කියන අකුරුවලට ජීවිතයක් ගොඩ දාන්න වගේම ජීවිතයක් නැති කරන්නත් පුළුවන්.

නමුත් මේ ආදරේ අද සෙල්ලම්වෙලා කිව්වොත් නිවැරදියි.. මොකද අද සමාජය දවසෙන් දවස දියුණු වෙද්දි මේ ආදරේට තියෙන වටිනාකමත් අඩුවෙලා යන්න පටන් අරන්.

සමහර ආදර කතා අවසන් වෙන්නේ ජීවිතේම විනාශ වෙලා..ඇතැම් අය මේ විනාශ වුණු ජීවිතවලට අලුත් පණක් දෙන අවස්ථාත් ඕනෑ තරම් මේ සමාජය ඇතුලේ තියෙනවා.

අපි මේ කියන්න යන්නේ ලෝකෙට කියන්න බැරි කතාවක් මුහුණුපොතේ සටහනක් විදිහට ලියවුණු සිදුවීමක් ගැනයි.
ආදරය නිසා ජීවිත කාලය පුරාම දුක් විඳින්නට සිදුවූ තරුණියකගේ කතාවයි මේ…

හිතුවෙ නෑ මුණගැහෙයි කියල කවදාවත්ම..කෙස් ගහක් දෙකක් පැහුනට පරණ පෙම් පාටමයි ඇස්වල..

උඩු රැවුලකුත් වවල ඇත්තට මතකයි ඉස්කෝල කාලෙ තිබ්බ ආසව ඕකට… කියන්නකො ඉතින් කොහොම ද නෝනට එහෙම??????

ඇයි ඉතින් කඳුලු ඇස් වල… ඔයා රට යනකොට බඩට මාස දෙකයි යන්තමට.. අම්මට අහු වුණා කනකොට අන්නාසි ගැට..

ඊට පස්සෙ මම හිටියෙ ලොකු අම්මලගෙ ගෙදර.. හම්බ වෙනකොටම නැති වුණා ඔයාගෙ ලේ උරුමෙ මට..

සමාව දෙන්න රත්තරන් මොනා කරන්න ද මම..ඊටත් පස්සෙ ,කාලයක් උන්න අංගොඩ..අම්මවත් ආවෙ නෑ බලන්න…

එහෙන් පැනල යනකොටයි හම්බ උනේ “මැඩම්”ව මට… සලකපු තාලෙට හිතුනෙ ම නෑ නපුරක් මට….

නාඳුනන මිනිහෙක් අතින් දෙවෙනි පාරටත් ගෑණියෙක් වෙනකොට යන්තම් විසි දෙකයි මට. නාඩ ඉන්න ඔයා මොනා කරන්න ද මගෙම කරුමෙට….

ගෙදර ගියෙ නෑ ඉතිං ආයෙත් මම…. අම්මෝ!!!!!අවුරුදු විස්සකට කිට්ටුයි මේ වෙනකොට…

බිස්නසුත් නෑ දැන්නම් මට, ඉඳල හිටල එන කස්ටමර් කෙනෙක් අරුනම…. වෙන වෙන බිස්නස් තමයි වැඩිපුර..
ඒත්, හීනෙකින් වත් හිතුවෙ නෑ ජීවිතෙ හම්බ වෙයි කියල හොටෙල් කාමරයක් ඇතුලෙ ආයෙමත් මට..

අනේ රත්තරන් , ඔළුව උස්සල බලනවද ඉස්සර වගේ ලස්සන නැද්ද මම…

එකම එක පාරක් අයෙත් කියනවද ආදරෙයි කියලා.. සත පහක් එපා මට..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: