hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 04, පෙ.ව. 12:03



අලූයම් කාලයේ ජනේලයකින් නිවසක් තුළට ඇතුළුවී එහි සිටි 42 හැවිරිදි තිදරු මව බලහත්කාරයෙන් දුෂණය කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ විවාහක එක් දරු පියකුට රත්නපුර මහාධිකරණ විනිසුරු නයනා කේ. සෙනවිරත්න මහත්මිය බරපතළ වැඩසහිත වසර 8ක සිරදඩුවම් නියම කළා.

මහේෂ් කුලතිලක නමැති එම විත්තිකරුට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනාව පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පුකර ඇති බවට නිගමනය කළ විනිසුරුවරිය අගතියටපත් තිදරු මවට රුපියල් 75,000ක වන්දියක් ගෙවන ලෙසට ද නියෝග කළා.

2010 ජනවාරි 30 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී අලූයම එකට පමණ පැමිණිලිකාර තිදරු මව තනිවම ඇගේ නිවසේ නිදාගෙන සිටියදී එලෙස ජනේලයකින් පැන රහසිගතව නිවසට ඇතුළුවී තිබූ එවකට 17 හැවිරිදි තරුණයකු වූ විත්තිකරු ඇය බලහත්කාරයෙන් දුෂණය කර තිබූ අතර ඔහු සමග පොරබදා ඇය නිවසින් එළියට පැන පැය කිහිපයක් කැළයක සැගවී සිට සැතපුම් 25ක් දුරින් පිහිටි බලංගොඩ පොලිසියට ගොස් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකර තිබිණි.

ලැබුණු පැමිණිල්ල අනුව වහාම ක‍්‍රියාත්මක වූ පොලිසිය විත්තිකාර තරුණයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට තිබිණි. රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කෝසලා විදානපතිරණ මහත්මිය පැමිණිල්ල මෙහෙයවූවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: