hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 04, පෙ.ව. 12:03



කලක් තිස්සේ පැවති ප්‍රසිද්ධ රහසක් ‘විසිල් අහස් කූරූ’ නිසා එළිවීමේ සිද්ධියක් මහනුවරට නුදුරු ගම්මානයකින් අවුරුදු දිනයේ අසන්නට ලැබිණි.

ඔහු පාරම්පරික පවුලකින් පැවතෙන බලවතෙක් වූ අතර සිය බලය ප්‍රදේශය පුරා පතුරවා සිටින අයෙකි. එමෙන්ම ඔහු තම බලවත්කම රිසි සේ බවලතුන් ඇසුරු කිරීමට ද යොදා ගන්නා අයකු බවටත් ප්‍රදේශයේ කා අතරත් රහසක් නොවීය.

අවුරුදු උදාවත්ම නොනගතයද නොතකා එසේ රහස් ගමන් යාමට අමතක නොකළ ඔහු තෑගි බෝගත් ගෙන තම අනියම් පෙම්වතිය බලන්න යන්නට විය.

අලු‍ත් අවුරුදු දිනයේ ප්‍රදේශයේ තරුණ පිරිස් රාත්‍රිය වනතෙක් විවිධ වූ අවුරුදු කෙළි සෙල්ලම්වල නිරතව සිටි අතර බලවතාගේ නොමනා ගමන ගැන ද ගමේ තරුණ පිරිසට ඉව වැටුණි.

ඔහුට කදිම පාඩමක් ඉගැන්වීමට සිතු ඔවුන්, බලවතාගේ නිවස අසල කඳු ගැටයේ සිට අහස් කුරූ සහ රතිඤ්ඤා දැල්වීමට පටන් ගත්තේය.

අහස් කුරූ හා රතිඤ්ඤා දැල්වීම හා අහස් කූරු යැවීම එතරම් ගණනකට නොගත් බලවතා තවදුරටත් රාත්‍රිය එළඹෙන් තෙක් එම නිවසේ කල් මරන්නට විය.

බලවතා එම නිවසින් පිටත් නොවන බව දැනගත් තරුණයන් මේදිනවල වෙළෙඳපළේ ජනප්‍රිය ‘විසිල් අහස් කූරූ’ දැල්වූහ.

අමුතු විසිල් හඬක් නැගෙන රතිඤ්ඤා හඬ කෙරෙහි බලවතාගේ අවධානය යොමු විය. මඳක් මදුවිතෙන් ද සප්පායම් වී සිටි ඔහුට දැනුනේ කවුරුන් හෝ තමන් සමච්චලයකට ලක්කරමින් විසිල් ගසන බවකි.

තමන් නිරතව සිටි කටයුතු නවතා වහා නිවසින් එළියට පැමිණි ඔහු කවුද යකෝ මේ විසිල් ගහ ගහ රතිඤ්ඤා දාන්නේ. එක්කෝ විසිල් ගහපන් නැත්තම් රතිඤ්ඤා දාපන්, මං කවුද කියල දන්නවනේ යැයි, තර්ජනය කරමින් කෑ ගසන්නට විය.

මෙය ඇසුණු තරුණ පිරිස හූ හඬ තබා තවත් ‘විසිල් අහස් කූරු’ හා රතිඤ්ඤා දල්වන්නට වූ අතර බමන මතේ සිටි බලවතා ඇඟේ නූල්පටක් ද නොමැතිව දුවන්නට විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: