hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 06, පෙ.ව. 12:01



නාත්තන්ඩිය අධ්‍යාපන කලාපයට අයත්‌ කණිස්ඨ විද්‍යාලයක ඉගනුම ලබන 15 හැවිරිදී සිසුවියක ගැබිනියක්‌ කළ බව කියන 14 හැවිරිදී සිසුවකු පෙරේදා (04) අත්‌අඩංගුවට ගත්‌ බව මාරවිල පූලස්ථාන පොලිසිය කියයි.

මෙම සිසුවා 15 හැවිරිදි සිසුවියගේ පෙම්වතා බවද කියති. මාරවිල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ කණ්ඩායමක්‌ මාරවිල පොලිස්‌ වසමේ පිහිටි සිසුවියගේ නිවසට ගොස්‌ ඇය පොලිස්‌ බාරයට ගෙන ඇත. පොලිස්‌ කණ්ඩායම නිවසට ගොස්‌ ඇයගේ මවුපියන්ට මේ බච දැනුම්‌ දෙන තෙක්‌ තම දියණිය ගැබිනියක බව ඔවුන්‌ දැන නැති බවත්‌ සිසුවියද මෙය රහසක්ව තබාගෙන ඇති බවත්‌ පොලිසිය කියයි.

මෙම සිසුවිය ඉගෙනීමට දක්ෂ බවත්‌ ඇය පාසලේ ශිෂ්‍ය නායිකාවක බවත්‌ සඳහන්ය. පාසල්‌ සිසුවිය ගැබිනියක වීම සම්බන්ධයෙන්‌ ඇය ඉගෙනුම ලබන පාසලේම ඉගෙනුම ලබන 14 හැවිරිදි සිසුවකු සැකපිට අත්‌අඩංගුවට ගත්‌ බව පොලිසිය සඳහන්‌ කරයි.

මෙම සිසුවා සමඟ 15 හැවිරිදි සිසුවිය ප්‍රේම සම්බන්ධයක්‌ පවත්වාගෙන ගොස්‌ ඇති බවද පොලිසිය කීය. වෛද්‍ය පරීක්ෂණයක්‌ සඳහා සිසුවිය රෝහල්ගතකර ඇත. සිසුවිය ගැතිනියක කළේ ඇයගේ පෙම්වතා බව කියන 14 හැවිරිදි සැකකාර සිසුවාද කියා තහවුරු කර ගැනීමට සිසුවිය දරුවා ප්‍රසූත කිරීමෙන්‌ පසුව ඩී.එන්‌.ඒ.පරීක්ෂණයක්‌ සිදුකිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.

සැකකාර සිසුවා මාරවිල මහේස්ත්‍රාත්‌ අධිකරණයහමුවට ඉදිරිපත්‌ කිරීමට නියමිතය. හලාවත කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි ලලිත්‌ රෝහණ ගමගේ සහ නාත්තන්ඩිය සහකාර පොලිස්‌ අධිකාරි පර්සි මයිකල්‌ යන මහත්වරුන්ගේ විශේෂ උපදෙස්‌ මත මාරචිල මූලස්ථාන පොලිස්‌ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්ෂක ධම්මික විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්‌ ළමා භා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස්‌ පරීක්ෂිකා අයිරංගනී මහත්මිය ඇතූළු පොලිස්‌ කණ්ඩායමක්‌ මේ සම්බන්ධයෙන්‌ වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: