hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 09, පෙ.ව. 12:02



සිය බිරිද සිව්වැනි දරුවා ප‍්‍රසූත කිරීමට රෝහල් ගත වූ අවස්ථාවේ දී කලක සිට අනියම් ඇසුරක් පැවැත්වූ 19 හැවිරිදි තරුණියක් අඹුකමට ගත් කතාවක් බළන්ගොඩ, සමනළ වැව පොලිසියෙන් වාර්තා වේ.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම අනියම් බිරිඳ සමග ගතකිරීමට තෝරාගෙන ඇත්තේ පානදුර ප‍්‍රදේශයේ පදිංචිකරුවකුගේ සමනළ වැව පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි නිවසකි. වසා තිබූ එම නිවසේ පිටුපස දොර කඩා ඇතුල් වී සිටි බවද සදහන් වේ.

කොරෝනා ව්‍යසනය නිසා නිවසේ හිමිකරුවන් මාසයකට පමණ පසුව පඹහින්න ප‍්‍රදේශයේ පිහිටි සිය නිවසට විත් බලද්දී එහි තිබූ ජල මෝටරය, ජල ටැංකිය ඇතුලූ රු. 50,000 ක පමණ වටිනා බඩු බාහිරාදිය නිවසේ නොතිබීම නිසා පොලිසියට පැමිණිලි කර ඇත.

ඒ අනුව පොලිසිය කරන ලද පරීක්ෂණවලදී ඉහත සදහන් කටයුත්ත කළ සිව්දරු පියා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයාගේ විවාහක බිරිද හා ඇගේ දරුවන් තිදෙනා රැුක බලා ගැනීමේ කටයුත්ත දැනට ඇයගේ දෙමව්පියන් විසින් සිදු කරන බවටද තොරතුරු ලැබී තිබේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: