hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 14, පෙ.ව. 12:04



ඇන්ටි ඇන්ටි… මේක මහ කරදරයක් ඇන්ටි..හැමදාම බලන් හිටියා තවත් නම් ඉවසන්න බැහැ.

අදත් මගේ යට ඇඳුමක් නැහැ.

ඊයේ අර අනිත් නංගිගේ…මම කිව්වනෙ ඇන්ටි අර එහා පැත්තේ කොල්ලා තමයි ,මේ හැමදේම කරන්නේ…

හරි දුව අපි පොඩ්ඩක් මේක හොයලා බලමු.

එක පාර චෝදනා කරන්න බැහැනේ මනුස්සයෙක්ට.

කසුන් පුතා එහෙම කරන කෙනෙක් නෙවෙයි මම දන්න තරමින්.

නැත්තේ මොකද ඇන්ටි එදත් මම කෝල් එකක ඉද්දි මගේ දිහා හරි අමුතු විදිහකට බලාගෙන ගියා…යට ඇඳුම් නැති වුණ හැම දවසකම ඒ යකා බලාගෙන ගිහින් තියෙනවා.

මේ ලඟකදි ඉඳලා අපේ බෝඩිමෙන් ඇහෙන චෝදනා ටික.

මගේ බෝඩිමේ හිටිය කාමර සගයා සඳුනි අක්කා කෙනෙක්.

කාටවත් බය නැති කෙලින් කතා කරන චරිතයක්.

ලඟකදි ඉඳන් අපේ ඇඳුම් නැති විම ගැන මූලික සැකය තිබුනේ අපේ බෝඩිමට එහා පැත්තෙ ඉන්න කසුන් කියන කොල්ල ගැන.

අද උදෙත් සඳුනි අක්කාගේ යට ඇඳුමක් නැති වීම ගැන ඇන්ටිට කිව්වත් තවම අපිට විසඳුමක් ලැබුනේ නැහැ.

බැරිම තැන සඳුනි අක්කා එහා ගෙදරට ඇහෙන්න ඇන්ටි එක්ක කියෙව්වෙත් ඒකයි.

මේකට ඇන්ටි නියම අදහසක් දුන්නා…

හැබැයි ඒක දන්නේ අපි දෙන්නා විතරයි…

මොකද එහා පැත්තේ කාමරේ ඉන්න නංගිගෙන් කිසිම හාවක් හූවක් නැති නිසා අපි එයත් එක්ක ලොකු හාදකමක් නැහැ.

එයාගෙන් ඒ වගේ චෝදනාවක් ආවේ නැති නිසාත් එයා එක්ක මේ ගැන කතා කරන්න ගියෙත් නෑ.

ඇන්ටි කිව්වා දවසක ඇඳුම් ඔක්කොම එළියෙන් වනලා කාමරේ කවුරුත් නැති විදිහට හොරෙන් බලන් ඉන්න කියලා.

අපිත් දවසක් දාගෙන ඒ විදිහටම කරලා බලන් හිටියා..

එහා ගෙදර කසුන් එහෙ මෙහෙ යනවා..

මම සඳුනි අක්කාගෙ මූණ දිහා බැලුවා.

ඒකිට යකා වැහිලා.

හැබැයි ටික වෙලාවකින් වුනේ හරි අමුතු වැඩක්…

එහා පැත්තේ කාමරේ ඉඳපු නංගි ආවා…වටපිට බලලා…සඳුනි අක්කගේ යට ඇඳුමක් අරන් එකපාරින් කාමරේට දිව්වා.

සඳුනි අක්කටයි මටයි හිතාගන්න බෑ.

සඳුනි අක්කා එක පාරින් දොර ඇරගෙන ඒ නංගිගේ කාමරේට ගියා…යද්දි ඒ නංගි ඒ ඇඳුමත් අරන් අපි දිහා බලන් ඉන්නවා.

කෙල්ල හොඳටම බය වෙලා…

සඳුනි අක්කා ගිය ගමන් බනින්න පටන් ගත්තා ” මොන අසහනකාරයෙක්ද නංගි ඔයා..ඊයා..කෙල්ලෙක් ඔහොම වෙලා…” අර නංගි අඬනවා..

මම ගිහින් හිමීට ඒ නංගිගෙන් ඇහුවා ඇයි නංගි මෙහෙම කලේ කියලා.

ඔබ විශ්වාස කරන්න..ඇය ඉතාමත් දුප්පත් පවුලක දැරියක්.

ජොබ් එකට ඇවිල්ලා තවම මාසයක් නැති මේ කෙල්ල අඳින්න ගෙනත් තියෙන්නේ ඇඳුම් දෙක තුනයි…ඒ ඔක්කොටම හරි යන්න එකම එක…ඒ නිසාම තමයි ඇය අපේ ඇඳුම් එහෙම අරන් තියෙන්නේ…

සඳුනි අක්කත් ඇගේ කතාව අහලා එයාගේ කට වහගත්තා…

පස්සේ අපි දෙන්නා තීරණයකට ආවා…නංගි එන්න හවස අපි ගමනක් යමු කියලා..හවස අපි එයා එක්ක ගිහින් එයාට ඇඳුම් දෙක තුනක් අරන් දුන්නා…

මේක ඔබට දැනෙන්නේ කොහොමද කියන්න නොදන්නවා වුනත් අපේ රටේ මේ වගේ අහිංසක අසරන ළමයි තවමත් ඉන්නවා…ඔව්…මේ කොළඹ ජීවත් වෙනවා…

ඒ හැමවෙලාවකම අපි ඔවුන්ට පිහිට වෙමු…තවම මනුස්සයෙක්ට සහයෝගයක් වෙන එක තමයි මේ කාලයේ කල යුතුම දේ





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: