hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 15, පෙ.ව. 12:02



අක්කා නගෝ වගේ ඉන්න අම්මලා දුවලා ගැන ඕන තරම් කතා  අහන්න තියනවා නේ…

මේ කියන්න යන්නෙත් එහෙම දෙනෙක් ගැන කතාවක්.

මේ පුවත වාර්තා වෙන්නේ ගාල්ල ප්‍රදේශයෙන්…

මේ කතාවේ තරුණ වයසට ආව දුව ඇත්තටම රූමත් තරුණියක්.. තමගේ දරුවා කාලයක් යනකොට ප්‍රේමයක පැටලිලා කියලා මේ අම්මාටත් දැනෙන්නේ ඉඟියකින් වගේ…

ඉතින් තමන්ද ප්‍රේමයෙන් දුරක් ආව නිසා දුවගේ සම්බන්ධයට විරුද්ද වෙන්න ඒ අම්මාට හේතුවක් තිබුණේ නැහැ… කොහොම වුණත් ඇය දියණියට පවසලා තිබුණේ එම තරුණයාව තමන්ට මුණගස්වන ලෙසයි….

කොහොම වුණත් මේ කාරණයට එකවර අනුමත කරගන්න බැරි වුණත් පස්සේ මේ දුවගේ කරදර කිරීම නිසාම ඔහු දවසක් මේ නිවසට එන්න තීරණය කරනවා..

ඒ අනුව තම මිතුරෙක් එක්ක ඒ නිවසට පැමිණෙන ඔහුට එකවරම දැකගන්නට හමුවුණේ තම පෙම්වතිය පමණයි… ඒත් එක්කම ඇය ඔහුව උණුසුම් ලෙස පිළිගත්තා..

කොහොම වුණත් ටික වේලාවකින් ඔහු ඇගෙන් විමසුවේ ඇගේ මව කොහේද කියායි… එවිට ඇය තම අනාගත බෑණාට රස ආහර වේලක් ලබා දෙන්න ආහාර පිළියෙල කරන්න අවශ්‍ය දෑ රැගෙන එන්න ඒ වෙලාවේ වෙළඳ සැලට ගොස් තිබුණා…

ඒ පුවත ඇසුවත් ඒ ගැන ඔහුට ඒ තරම් පුදුමයක් තිබුණේ නැහැ.. ඒත් ටික වේලාවකට පස්සේ ඈත එන  මව දුටු ගමන්ම ඔහුගේ ඇස් උඩ ගියා…

ඒ මහපාරේ ඇතිවූ සිද්ධියක් නිසා…. තම පෙම්වතියගේ මව බව නොදැන මේ රූමත් කාන්තාවට නොසුදුසු විදිහේ විහිළු කරපු මේ තරුණයින් දෙදෙනා ඇගේ ඡායාව දුටු විගසම උත්සාහ කළේ එතනින් පැණ ගැනීමටයි..

ඔහු දැක කෝපයෙන් නිවසට එන මව සියල්ල කියන්නට කළින් ඔහුන් දෙදෙනා නිවසින් පැනගත්තේ ඇයට කල විහිළුව ඒ තරම් සැර බව දන්නා නිසා වෙන්නට ඇති…

කොහොම වුණත් තම දියනියටද බැන වැදී ඇය පැවසුවේ හැකි ඉක්මනින් ඔහු සමග පවතින් සබඳතා අවසන් කරන ලෙසයි….. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: