hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 25, පෙ.ව. 12:00



පොලිසියේ පැත්ත ගන්න.. මොකද මම වැරදිනේ..”

“කොහොම හරි පැය භාගයක් කට්ටියම බැන ගත්තා.. කුනුහරප කියාගත්තා.”

“අන්තිමට ගෑනි කරපු දෙයින් පොලිසියේ සේරමලා සයිලන්ට්..”

“අම්මෝ…. ඒ ගෑනිට නම් තියෙන්නෙ කටක් නෙවෙයි…”

මේ කතාව අපිට කියන්නේ ටැක්සි රියදුරෙක්. මොකක් හෝ හේතුවකට එයාම කියන විදිහට එයා නීතිය ගැන තැකීමක් නොකරන කෙනෙක්. ඒ වුණත් රුපියල් පන්දාහේ දාහේ නෝට්ටු වලින් පොලිසියේ මහත්වරු සන්තෝස කරන්න එයාට බැරිකමක් නැල්ලූ.

හැබැයි… එක දවසක් එයාට මාරම වැඩක් වෙලා.

“එයා නිළියක්.. අර – – – – කියන ෆිල්ම් එකේ හිටියේ බොසා. අන්න ඒකි. එදා ඇප් එකෙන් මාව ගත්තේ. නිළියක් කියලා ළඟට ගියාම දැක්කේ. ගෑනි හොඳට බීලා හිටියේ. වීල් එකට නැඟලා සිගරට් පැකට් එකක්ම පත්තු කරන්න ගත්තා. එකින් එක ඔන්න දැන් බොනවා. මටත් දෙක තුනක් දුන්නා. ගෑනිගේ පම්පෝරිය තමයි කිව්වේ. තෙල් ප්‍රශ්න නිසා ලොස්ට්ලූ. ගෑනිට වාහන තුනකට වඩා තියෙනවා කිව්වා. ඒත් යන්න විදිහක් නැල්ලූ මේ දවස්වල. ඔහොම යද්දි තමා මඟදි පොලිසියෙන් ඇල්ලුවේ. ඇත්තටම මම තමා වැරදි. මං රෝන් සයිඩ් ආවේ..”

“පොලිසියේ උන් දෙන්නෙක් හිටියා එතැන. ශේප්මන්ට් දාගන්න හැදුවත් බැරිවුණා. උන් දෙන්නා ගේමම ඉල්ලනවා. අන්තිමේ දඩයක් ලියන්නත් හැදුවා. පස්සෙ තමයි ගෑනි වැඩේ බලන් ඉඳලා එළියට බැස්සේ. අම්මෝ බොසා අරුන් දෙන්නට අමු කුනුහරපෙන් බැන්නේ. කාගෙද ලොක්කෙක්ගේ නමක් කියලා පලු යන්නම බැන්නා. පස්සෙ කෝල් එකකුත් ගත්තා. පැටියෝ මේ දෙන්නෙක් මට සද්දේ දානවා, පොලිසියේ උන්… අහවල් තැන.. මම දෙන්නද ෆෝන් එක කියලා..”

“අරුන් දෙන්නා බීරාන්ත වෙලා. පස්සෙ උන්ගෙන් එකෙක් ෆෝන් එක ගත්තා. මිනිහා සර් සර් ගෑවා. මෙන්න අපිට යන්න කිව්වා. අම්මෝ බොසා මම හීතල වෙලා හිටියේ. හැබැයි මම අදටත් දන් නෑ. ගෑනි කාටද කෝල් කළේ කියලා. මම ඇහුවත් ගෑනි ඒක කිව්වෙ නෑ. හිනාවුණා විතරයි.. පස්සෙ මට සිගරට් පැකට් එකකුත් තෑගි දීලායි ගියේ. ආයෙ නම් මට කවදාවත් කතා කළේ නෑ..”

“ගෑනි නම් මාර කටක් බොසා.. මට තාම මතක් වෙනවා කෑ ගහපු විදිහ. සද්දෙ දැම්ම ගමන් අරුන් ඉවරටම ඉවර වුණා. මොක්කුද දෙන්නෙක් වගේ අපිට යන්න දුන්නේ. ඔච්චරයි ඉතින් කතාව…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: