2023 නොවැම්‍බර් 25, පෙ.ව. 12:00
පුත්තලම කල්පිටිය ප්‍රධාන මාර්ගයේ කරඹ පොලිස් මාර්ග බාධකයේදී සුඛෝපභෝගී වෑන් රථයක් පරීක්ෂා කළ අවස්ථාවේදී රු. කෝටි තුනකට ආසන්න කේරළ ගංජා තොගයක් ඊයේ (24) අලුයම අත්අඩංගුවට ගත් බව නොරොච්චෝල පොලිසිය පැවසුවා.
කිලෝ දෙකක් අඩංගු ඇසුරුම් 97 ක මෙම කේරළ ගංජා තොගය සූක්‍ෂම ලෙස වහනයේ සඟවා තිබුනා.
කේරළ ගංජා තොගය ප්‍රවාහනය කළ ප්‍රධාන සැකකරු සැක නොසිතන අයුරින් ඔහුගේ වයස අවුරුදු හයක් වූ කුඩා දියණියද ඉදිරිපස ආසනයේ රඳවා ගනිමින් මෙම කේරළ ගංජා ප්‍රවාහනය කර ඇති බව පොලිසිය පවසයි.
පොලිසිය පවසන්නේ මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා මගින් කල්පිටිය හෝ ආසන්න ස්ථානයකට රැගෙන විත් සඟවා තිබූ කේරළ ගංජා තොගය මෙසේ ප්‍රවාහනය කර ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.
සිද්ධිය සම්බන්ධව නොරෝච්චෝල පොලිස් ස්ථානාධිපති පො.ප. එස්. ධර්ම කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විමර්ශන සිදු කරයි.
2026 ඔක්තෝබර් 26, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:32
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:11
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26