hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 නොවැම්‍බර් 27, පෙ.ව. 12:01



ඩොකෙක්ට නර්ස් කෙනෙක්ට පුළුවන් ජීවිතයක් දෙන්න ද කියලා මම දන් නෑ.. හැබැයි එයාලා කරන්නෙ මොහොතක් හරි තමන් ළඟට එන කෙනෙක්ගේ ආයුෂ වැඩි කරන්න තනන එක.. ඒ අතරත් ඉන්නවා මිනිස්සු…. හිතාගන්න බැරි විදිහේ දේවල් නිසා දොස්තර මහත්වරු ළඟට එන…

මේ සිද්ධිය වුණේ මම ඇටෙන්ඩන්ඩ් කෙනෙක් විදිහට

හොස්පිට්ල් එකේ වැඩ කරන කාලේ. ඒ දවස්වල ආවා හදිසි ලෙඩෙක්.. ලෙඩාව අරන් ආවේ එයාගේ ගෑනි. ගෑනිගේ
මූණේ තිබ්බෙ තරහක් වගේ. හැබැයි ඩොක්ටව හම්බෙලා විස්තරෙ කියලා අපිව ඉක්මණ් කෙරුවෙත් ගෑනි.. පස්සෙ තමා සීන් එක දැනගත්තෙ.

අර මනුස්සයගේ අහවල් එක (ජනනඉන්ද්‍රිය) කපලා !! ඒක කරලා තියෙන්නෙ අර ගෑනීමයි…! එහෙම කළා මදිවට එක්කරගෙනත් ඇවිත් හොස්පිට්ල් එකට. පස්සෙ හෙන විස්තරයක් කිව්වා ඩොකාට… හොඳ වෙලාවට සම්පූර්ණයෙන් කැපිලා නෑ.. යන්තම් විතරයි..

“ඩොක්ටර් මට මේක පොලිසි ගානේ ගෙනියන්න ඕනි නෑ.. මට මහත්තයව සනීප කරලා දෙන්න. මේකාව මරන්න බැරිකමට අහවල් එක කැපුවේ.. තව මේක තියාගෙන හිටියා නම් මූ යන තැනක් හොයන්න බෑ ඩොක්ටර්… ඒ තරම් මූ වනචරයෙක්..”

“මම පොඩි ගමනක් ගියා හෙට එන්න බලාගෙන ගියේ. ගෙදර හිටියේ මූ විතරයි.. මට කලින් එන්න පුළුවන් වුණා ගිය වැඩේ කරගත්ත නිසා. හැබැයි ආවට පස්සෙ මට දැණුනා කවුරුහරි ඉන්නවා වගේ… සද්ද බද්දත් එනවා. ඇතුළට ගිහින් බලද්දි තමයි දැක්කේ.. මූ රේණුකා එක්ක භාගෙට හෙලුවෙන්… රේණුකා තමා මගේ හොඳම යාලුවා…”

“ඒකි ඒ වෙලාවෙ හිටියෙත් මගේ නයිටියක් ඇඳගෙන. දෙයියනේ මට ආපු තරහා.. මම ඒකිව අල්ලන් බිත්තියේ හැප්පුවා.
ඒකි දිව්වා පණ එපා කියලා. මේ කොන්ද පණ නැති හිවලා සමාව ගන්නවා මගේ පාමුල වැටිලා.. දන්නවද මුන් දෙන්නා
මටත් හොරෙන් ෆේස්බුක් එකේ සෙක්ස් චැට් කරලා. එහෙමයි දෙන්නා සෙට් වෙලා තියෙන්නෙ..”

“මට පිහිය අහුවුණා.. මම කැපුවා ඩොක්ටර්.. මට හිතාගන්න බැරිවුණා කරන්න දෙයක්… මූ මොනා වුණත් මගේ මිනිහනේ. ඒකයි අරන් ආවේ.. මට මූ එක්ක බුදියන්න ආසාවක් නම් නෑ.. ඩොක්ටර් මුගේ අහවල් එක නැතිවුණත්
කමක් නෑ. එතකොටවත් මූ පිට යන් නැතුව මගේ මිනිහා විදිහට ඉඳීවිනේ..”

ඒක ඉතින් පිස්සු හැදෙන කතාවක්. කොහොම හරි අර පොර ටිකට් කපාගෙන ගියා. මිනිහා ගෑනිට පට්ට බයයි. සමාව ගත්තා මදිවට කාටවත් සීන් එක කියන්න එපා කියලා පොරොන්දු කරවගත්තා..!!





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: