hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 28, පෙ.ව. 12:01



“මිනිහට මම ආදරේ කළා. තාත්තගෙන් බේරෙන්න ඕනි නිසයි මම ඌ එක්ක ආවේ..”

“මිලාන් කියන්නෙ සල්ලිකාරයෙක්. ඌට ගෑනු සීයක් වුණත් සල්ලිවලට ගන්න පුලුවන්…”

“ඒත් පුදුමේ තමයි මිනිහා මට පිස්සුවෙන් ආදරේ කරපු එක.. ඒකටත් හේතුවක් තිබ්බා..”

“අප්පරියයි සර්.. ඌ ගැන කතා කරන එක ඇත්තටම අප්පිරියයි..”

මේ තරුණිය නමින් ශේෂා. (ඇත්ත නම නම් නෙවෙයි.) ඇගේ තිත්ත ඇත්ත කතාව ඇත්තටම කෙනෙක්ට පිළිකුල් සහගත ඇති. තවත් කෙනෙක් ඒක ‘පට්ටපල් බොරුවක්’ කියලා පැහැර හරින්නත් පුළුවන් !

ඒත්…. ඒක එයාගේ කතාව…

“මගේ තාත්තා අතින් තමයි මම මුලින්ම අතවරයට ලක්වෙන්නෙ. එතකොට මට ලොකුවට ඒක තේරුණේ නැහැ. මම හිතුවා ඒ තමයි එයා ආදරේ කරන විදිහ කියලා. ඉතින් මම එයාට ඉඩ දුන්නා මගේ ඇඟ අතගාන්න. ලොකු වෙද්දි හරියටම දහය එකොළහ වසරට යද්දි තමා මම ඇත්තටම ඒක නරක දෙයක් කියලා දැනගත්තෙ. ඊට පස්සෙ කවදාවත් මම මගේ තාත්තට පපුව පෙන්නුවේ නෑ. මොකද ඒක නරකයි…. මගේ අම්මා මං ගැන බැලුවේ නෑ කවදාවත්. එයාට ගොඩක් අනියම් සම්බන්ධකම් තිබුණා. ගමේ එවුන් කිව්වේ අම්මා කොළඹ ස්පා එකක වැඩ කරනවා කියලයි…”

“අම්මව මම දැක්කෙත් මාසෙකට පාරයි. සමහර වෙලාවට එහෙමවත් නෑ. ඔහොම ඉද්දි තාත්තගේ කරදර වැඩි වුණා. එයා මට බලෙන් කරදර කරන්න පටන් ගත්තා. මම කොච්චර පැනලා යන්න හැදුවත් බීලා ආපු ගමන් එයා කරන්නෙ මත්වෙලා වගේ මාව ඉඹින එකයි, මගේ ඇඳුම් ගලවන්න හදන එකයි. බැරිම තැන එයා එද්දි මම හැංඟිලා ඉන්න පුරුදු වුණා. මම මිලාන් එක්ක පැනලා ආවේ මිලාන්ට ආදරේ කරලා නෙවෙයි සර්. තාත්තාගෙන් බේරෙන්න. මිලාන් මාව බලාගනී, සලකයි කියලා හිතුවේ නෑ මම. හැබැයි මම මිලාන්ට ලව් කළා මාර විදිහට…”

“ඒත් එයා මට ඇත්තටම ආදරේ කළේ නෑ. එයත් තාත්තාට දෙවැනි නෑ. මාව යූස් කළා විතරයි. මිලාන් මට ආදරේ කරන්න හේතුවක් තිබුණා. ඒ මම කන්‍යා කෙල්ලෙක් විදිහට එයා ළඟට ආපු එක. එයා මාව පරිස්සම් කළා. හැබැයි……. එක දවසක් එයා හොඳටම බීලා යාලුවෙක් එක්ක ගෙදරට ආවට පස්සෙ…… මට කැත යෝජනාවක් කළා. ඒ එයාත් එක්කයි එයාගේ යාලුවා එක්කයි ලිංගිකව එකතු වෙන්න ඕනි කියලා. ඒ විතරක් නෙවෙයි, ඒ යාලුවාගේ නෝනත් එක්කත් මිලාන් හිටියලූ. මේක හැමෝම සහයෝගයෙන් කෙරෙන වැඩක් නිසා මටත් ජොයින් වෙන්නලූ..”

“මට මගේ ජීවිතේ එපාවුණු සර්… ඇත්තටම වමනෙට ආවා. මම මිලාන්ට ආදරේ කළාටත් වඩා ඌව විශ්වාස කරලා නෑ. හැම පිරිමියාම එකයි. මගේ තාත්තා මාව අතගෑවා. මිනිහා මාව යාලුවා එක්ක බෙදාගන්න කතා කරනවා. මම එදා මිනිහව තල්ලු කළා. උගේ යාලුව ඉස්සරහාම… තල්ලු කරපු පාරට මිලාන්ගේ ඔලුව වේගෙන් වැදුණා රාක්කෙක. මිනිහාව එවෙලෙම හොස්පිට්ල් අරන් ගියා. හැබැයි අනතුරක් වුණේ නෑ..”

“මට හිතුණා, මරලා දැම්මා නම් හොඳයි කියලා. අදටත් කවුරුත් දන් නෑ මිනිහාට එහෙම වෙන්න හේතුව.. මම අද මිලාන් එක්ක නෙවෙයි ඉන්නෙ. දැන් කොළඹ ගාමන්ට් එකක වැඩ. මිලාන් වෙන ගෑනියෙක් එක්ක දැන් ඉන්නවා කියලයි ආරංචිය…”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: