hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 නොවැම්‍බර් 29, පෙ.ව. 12:02



දන්නවා මේ කතාව නම් කවුරුවත් විශ්වාස කරන එකක් නෑ.. හැබැයි මම දිවුරලා කියනවා, මේක මම හදපු කතාවක්වත්, කාටවත් මඩ ගහන්න වුවමනාවට කියන කතාවකුත් නෙවෙයි..”

කෙල්ල කතාව පටන් ගත්තෙ එහෙම…

ඒ කෙල්ල හෙනම ලස්සනයි. එකපාරක් බැලුවොත් ආයෙ පාරක් බලන්න හිතෙන. කොටින්ම මේක්අප් කරපු පවුඩර් බබෙක් නෙවෙයි..

මම කතාව අහන්න ආසාවෙන් ඉන්නවා කියලා ගෑනි දැනගත්තා. පස්සෙ එකින් එක විස්තරේ කිව්වා.

“එයා මගේ ක්‍රශ් එකක්. ඔය ටෙලි නාට්‍ය කිහිපයකම ඉන්නවා. මම මාර ආසයි ඉතින්. ඒ තියෙන ආසාවට ෆෝන් එකේ වෝල් පේපර් එකට පවා දාගත්තා. මම එයාව බලන්න ආසාවෙන් එක දවසක් හොයාගෙන ගියා, ගාල්ලෙ ඉඳන් කලම්බෝ වෙනකන්..”

“එයා ෂූටිං අතරමඟ මාව හම්බුණේ. මාර සතුටුවෙලා මගේ පොතේ සයින් එකක් පවා දාලා දුන්නා. මම හරිම ආස වුණා එයා නිහතමානී වෙලා මා එක්ක කතා කරපු විදිහට. පස්සෙ මම එයාට කිව්වා, මම එයාට ක්‍රශ් කියලා. එයා වෙනුවෙන් එකතු කරපු ගැලරි පවා පෙන්නුවා..”

“එදා ඉඳන් එයා මට මැසේජ් කළා. මාර කෙටි මැසේජ්… ඒත් මම මාර ආසයි.. මම වෙලාවකට කියනවා අනේ ඔයාව මට අයිති කරගන්න පුළුවන් නම් කියලා. එතකොට එයා කියනවා ඒකට ක්‍රමයක් තියේලූ..”

“දන්නවද ක්‍රමය? එයාට 25,000ක් දෙන්නලූ. එක රැයක් මා එක්ක ඉන්නම්ලූ. මම ෂොක් වුණා එකපාරම.. එයා කියනවා ඕනි නම් තව එයාට ආස අයටත් ඒ පණිවිඩේ දෙන්නවලූ. පැයකට එයා 10,000ක් අය කරනවලූ. හැබැයි එයා යන්නෙ වීඅයිපී වගේ ඉහළ පැලැන්තිය වෙනුවෙන්ලූ. මම පිස්සු වැටිලා නිසා මට කිව්වේ කිව්වා..”

“මට හෙන අප්පරියාවක් දැණුනේ. කාට කොහොමද කියන්නෙ. මොකද මගේ ක්‍රශ් එක වුණත් මට කවදාවත් එයා එක්ක සෙක්ස් කරන්න හරි වෙන මොකක් හරි කරන්න තරම් ජරා ආසාවක් ඇති වෙලා නැහැ. එයා මගේ ක්‍රශ් එක, තරුව.. මම දුරින් ඉදන් බලලා සතුටු වෙච්ච කෙනා එයා.. එහෙම කෙනා මෙහෙම කළාම මට දරාගන්න බැරිවුණා..”

“පස්සෙ මම එයාව බ්ලොක් කරලා දැම්මා. එයා වෙන ෆෝන් එකකින් මැසේජ් කරලා තිබ්බා, මේ සීන් එක කාටවත් කියන්න එපා, එයාගේ චරිතේ නැති කරන්න එපා කියලා. මට වුවමනාවක් නෑ එයාව නැති කරන්න..”

“ඒත් මට තාමත් පුදුමයි, ඒ යකා කරපු කියපු දේවල් ගැන.. මහා සතෙක්.. එච්චරයි මට කියන්න තියෙන්නෙ..”

එහෙම කියපු කෙල්ල කතාව නතර කරලා දිග හුස්මක් උඩට ගත්තා. පව් අසරණී…………………





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: