hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 11, පෙ.ව. 12:00



ගණිකා වෘත්තිය කියන්නෙ ලංකාවේ දී අතිශය තහනම්, ඒ වගේම ආන්දෝලනාත්මක මාතෘකාවක්.

හැබැයි කාගෙත් ඇස් වහලා, මේ දේ සිද්ධ වෙනවා කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන් ම සම්බාහන මධ්‍යස්ථාන ආශ්‍රීතව මේක බොහෝම ලස්සනට දියත් වෙනවා.

ඒ අතරතුර සුපිරි පන්නයේ හොටෙල් සහ වෙනත් සුඛෝපබෝගී ස්ථානවලත් ගණිකා වෘත්තියේ නියැළෙන අතිශය කාර්යබහුල ලංකාවම දන්න රංගන ශිල්පිනියන්, නිරූපණ ශිල්පිනියන් ඉන්න බවත් රහසක් නෙවෙයි.

මේ විදිහේ නිරූපිකාවක් හෙළි කරපු වචනයක්වත් වෙනස් නොකරපු මේ කතාව තමයි ඔබ කියවන්න යන්නේ.

ඇය දිවුරනවා, ඇගේ ළඟ තවත් බලවතුන් රැසකගෙ ‘කන්ටැක්ස්’ (ෆෝන් නොම්බර) තියෙන බව.

“ඔය රටටම ඇහෙන්න හෙන පණ්ඩිත ටෝක් දෙන පොලිටීශියන් කෙනෙක් ඉන්නේ – – – කියලා. දෙතුන් සැරයක්ම මාව හම්බෙන්න ඇවිත් ගියා. ඒ විතරක් නෙවෙයි නළුවෝ එහෙමත් එනවා. එයාලානම් ඩේලි එන අය. දවසේ පඩියම අපිට තමා වියදම් කරන්නේ. අර පොලිටීශියන් හනිමූන් එකට කලින් දවසෙත් මාව හම්බෙන්න ආවා. උන්ට තියෙන්නෙ පුදුම ආසාවල්. වෙලාවකට අපි ඩෝල් කෙනෙක් වගේ සද්ද නැතුව ඉන්න ඕනි. එයාලා කැමති හැමදේම කරලා සල්ලි ඔඩොක්කුවට දාලා යනවා…”

“තව ලෝයර් කෙනෙක් එනවා. ඌ නම් කට්ටයෙක්. සල්ලි අඩුවෙන් දෙන්නේ. අනික බීලා එන්නෙ. අර කියපු නළුවා නම් පට්ටයි. මිනිහා ඉතින් නළුවා හින්දා අපේ කට්ටිය මිනිහව බෙදාගන්නත් තරගේ. දවසක් පොලිසියේ අයගෙන් ප්‍රශ්නයක් වෙලත් මිනිහා තමා ශේප් කළේ. මෙතන පොට් එක ගැන ගොඩක් අය දන් නෑ. දන්නෙ බොහෝම සීමිත දෙනෙක්. මම මේකට අහුවෙනකන් මම නම් හිතුවෙවත් නෑ මේක පොලිසිය දැන ගනී කියලා. ඒ තරම් රහසිගත තැනක මම හිටියේ..”

“මට ඉතින් එළියට ගියා කියලා කරන්න වෙන ජොබක් නෑ. අර නළුවා මාව බලන්න ඇවිත් ගියා. මෑන් මාව ගනී රහසිගතව. එළියට ගියත් මම ශේප් එකේ මේක කරන් ඉන්නවා. වැඩි සද්ද බද්ද නැතුව.. මොකද මේක අතඅරින්න බෑ. බොරුවට සිල්ගත්ත ගෑනියෙක් වගේ රඟපාන්න බෑ. මේක නරා වළක්. වැටුණොත් වැටුණා.. ජරාව නාගෙන ඉන්නම වෙනවා..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: