hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:00



සිය දියණියට බලහත්කාරයෙන් බරපතළ ලිංගික අපයෝජනයක් කළ පියකුට කෑගල්ල මහාධිකරණ විනිසුරු නාමල් බණ්ඩාර බළල්ලේ මහතා බරපතළ වැඩසහිත වසර 16ක සිරදඬුවමක් නියම කළා.

මෙලෙස බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වූයේ වරකාපොළ පොලිස් වසමේ අලව්ව පාර, අබේපුස්ස ලිපිනයේ පදිංචි නිශාන් රණසිංහ නමැති 38 හැවිරිදි තිදරු පියකුටයි.

නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකාර පියා අධිකරණයේදී වරද පිළි ගනු ලැබුවා.

පසුව පළමු චෝදනාවට රුපියල් 10,000ක දඩ මුදලක්ද දඩ මුදල් නොගෙවන්නේ නම් මාස හයක සිරදඬුවමක්ද නියම කෙරුණා.

ඊට අමතරව වසර 16ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කරනු ලැබුවා.

දෙවැනි චෝදනාවට රුපියල් 5,000ක දඩ මුදලක්ද නොගෙවන්නේ නම් මාස තුනක සිරදඬුවමක්ද නියම කෙරුණා.

ඊට අමතරව වසර හතරක සිරදඬුවමක්ද නියම කළ විනිසුරුවරයා එකී දඬුවම් එකවර ගෙවී යන ලෙසද නියෝග කළා.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ අකලංක බාලපටබැදී මහතා පෙනී සිටි අතර විත්තිකරු වෙනුවෙන් රජයෙන් පත් කළ නීතිඥ ආනන්ද කුමාරසිංහ මහතා පෙනී සිටියා.

බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම වූ පුද්ගලයා කුලී වැඩ කරන්නෙක්.

ඔහුට පිරිමි දරුවන් දෙදෙනෙක් හා එක් ගැහැනු දරුවෙක් සිටින බව අධිකරණයේදී වාර්තා වුනා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: