hit counter

2024 මැයි මස 04 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 15, පෙ.ව. 12:02



පාසල් සිසුවියක් ලෙස ව්‍යාජ ලෙස රංගනයක යෙදෙමින් අසභ්‍ය දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදාහැරීමේ ජාවාරමක නිරතව සිටි යුවළක් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පාසල් සිසුවියක් ලෙස ව්‍යාජ ලෙස රංගනයක යෙදෙමින් අසභ්‍ය දර්ශන රූගත කර අන්තර්ජාලයට මුදාහැරීමේ ජාවාරමක නිරතව සිටි යුවළක් පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුනේ වයස අවුරුදු 28ක කාන්තාවක් සහ වයස අවුරුදු 29ක පිරිමි පුද්ගලයෙක්.

අත්අඩංගුවට ගෙන ඇති දෙදෙනාම උපාධිධාරීන් වන අතර මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් තමන් මෙලෙස අසභ්‍ය වීඩියෝ නිෂ්පාදනය කර අන්තර්ජාලයට මුදාහැරීමට කටයුතු කළ බව ඔවුන් පොලීසියට පවසා ඇත.

ඔවුන් නිත්‍යානුකූලව විවාහය ලියාපදිංචි කර ඇති අතර විවාහ උත්සවය ද එළඹෙන වසරේ සිදුකිරීමට නියමිතව ඇති බව විමර්ශනවලදී හෙළිවී තිබේ.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔවුන් ඉන් මාසයකට රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් උපයා ඇති බවයි.

අත්ඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දැඩි ඇප කොන්දේසි මත මුදාහැර තිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් කඩුගන්නාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: