hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:01



පෙමක් කියන්නෙ රැකබලාගන්න එකට. දුන් පොරොන්දු රැකගන්න එකට. ඇහැ වගේ බලා කියා ගන්න එකට.

මේ කියන්නෙ මම නෙවෙයි. ඔය වගේ දාහක් ‘ප්‍රේම කතා, නිසැඳෙස්’ බුකිය පිරෙන්නම තියෙනවා.

ඒත්…. සමහරක් ආදර කතා කොයි තරම් ලස්සනයි කියලා පිටට පෙන්නනවා වුණත්, ඇතුළතින් ඛේදාන්තයක්. සෝක විළාපයක්.

මේ අතීතයට අයිති කතාවක්. (පාපොච්චාරණයක්)

මහඋළුගෙදර කල්දේරම් බත් කන පව්කාරයෙක්. (මිනිහා කියන විදිහට මිනිහා පව්කාරයෙක්.)

මේ එයාගේ කතාව….

අපි එයාට සුරංග කියමු. ඇයට නිහාරා කියමු…

“නිහාරා මගේ පළවැනි ලව් එක. මම මාර බොක්කෙන් කරපු එක. හැබැයි මම අද දන්නවා නිහාරා මාව යූස් කළා කියලා. මම ආමි එකට ජොයින් වෙද්දිම තමයි අපේ එෆෙයා එක පටන් ගත්තේ. එයා මගේ ගමේමයි. පස්සෙන් ගිහින් හෙන කට්ටක් දාලා යාලු කරගත්තේ. අපි දෙන්න මැරි කරන්න හිටියේ. ගෙවල්වලිනුත් මේ සීන් එක දන්නවා. එයාලත් කැමැත්ත දුන්නා. මම ගමේ එන්නේ මාසෙට සැරයයි. සමහර වෙලාවට එහෙමත් එන්න බෑ වැඩ එක්ක. මම ආවම මුලින්ම යන්නෙත් එයාව බලන්න. හැමතැනම ඇවිදිනවා. කනවා බොනවා. එයා ආස දේවල් අරන් දෙනවා..”

“එයාට හැම වියදමක්ම දරන්නෙ මම. කමක් නෑ ඒක… කෙල්ලනේ මගේ. මෙයත් මට හරි ආදරෙන් හිටියේ. හැබැයි ඇත්තටම මම ඒකිව අරන් හොටෙල් ගානේ ගිහින් නෑ. ඒකිත් එක්ක වීඩියෝ කෝල් අරන් ෆන් ගත්තට කවදාවත් ඒ වගේ වැඩ කළේ නෑ. මම එයාට කිව්වෙත් මැරි කරනකන් අපි මෙහෙම ඉමු කියලයි. එයත් ඒකට අකැමැත්තක් දැක්වුවේ නෑ. අපේ එෆෙයා එක ඔය විදිහට හෙන කාලයක් ගියා. මාස ගාණක්…… නිහාරා පට්ට ලස්සනයි. හින්දි නිළියක් වගේ. කාජොල් වගේ කියලා කොල්ලො කියන්නෙ. ඒ තරම්ම පට්ට..”

“කොහොම හරි ගෑනි වෙනස් වෙන්න ගත්තා.. මට දැණුනා වෙනදා වගේ නෙවෙයි. මං ගමේ ආවත් මාව මඟ ඇරලා යනවා. පස්සෙ මට ආරංචි වුණා මේකි වෙන සීන් එකක් පටන් අරන් කියලා. ඒත් මම ෂුවර් කළේ නෑ. ඒක ෂුවර් කරගන්න ඕනි නිසා මම ඔය කිව්ව තැනකට ගියා. නිහාරාගේ යාලුවෙක් හිටියා ජානු කියලා. ජානුගේ ගෙදර තමයි එදා මේකි හොර මිනිහාව එක්කන් ගිහින් තියෙන්නේ. මම යද්දි ජානු කලබල වුණා..”

“මම ජානුටත් කෑ ගහගෙන බලෙන් ගෙට රිංගුවා. කාමරේ දොරට ගැහුවා.. එකපාරම මේකි ඇරියා. සර් විශ්වාස කරන්න උන් දෙන්නා හිටියේ භාගෙට ඇඳගෙන.. කොල්ලා ඇඳේ දිගාවෙලා සිගරට් එකක් ගහනවා. මාව දැකපු හැටියේ මූ බෙඩි ශීට් එකෙන් ඇඟ වහගත්තා. නිහාරා… ආ මේ ඔයාද කියලා අහලා කනට ගහන්නා වගේ දොර වැහුවා. මට මාර කේන්තියක් ආවේ. මම ඒ වෙලාවේ අතට අහුවුණු හෙන විශාල මල් පෝච්චියක් අරන් දොරට පයින් ගහලා කඩාගෙන ගියා. ගැහුවා පෝච්චිය අරකිගේ ඔලුවේ හිටින්න.. ඒකි කෑ ගහගෙන වැටුණා. අරූ මාව පෙරළගෙන කාමරෙන් දිව්වා..”

“ඒ වෙද්දි නිහාරාට වෙන්න ඕනි දේ වෙලා ඉවරයි… ජානු 119 ගහලා තිබ්බා. මම දැනගත්තා මම මාට්ටු වෙනවා කියලා. මං පැනලා දිව්වේ නෑ. පොලිසියට භාර වුණා. මම අදටත් දන් නෑ නිහාරා මට මෙහෙම කරන්න හේතුව. සමහර විට ඒකි වැඳ වැටිලා සමාව ඉල්ලුවා නම් මම සමාව දෙනවා. ඒත් සර්.. ඒකි අච්චර වරදක් කරලත් හැසිරුණ තිරිසන් විදිහටයි මම ඒකිව මැරුවේ..”

“මට ඒකි මැරුවට කිසිම දුකක් නෑ සර්.. අම්මපල්ලා..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: