hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 දෙසැම්‍බර් 29, පෙ.ව. 12:00



බෝඩිං කාමරේ මට හම්බුණේ අහම්බෙන් යාලුවෙක්ගෙ මාර්ගයෙන් ඒක ටිකක් ලොකුයි.

ඒකේ අයිතිකාරි අක්කා කෙනෙක්. ඒ අක්කා ටිකක් මැදිවයසේ වගේ ලස්සනයි ටිකක් හරි අමුතුයි.

දවස් දෙක තුන යද්දි අක්කා මා එක්ක ෆිට් වුණා. මට කෑම දෙනවා. වෙලාවකට මගේ රූම් එකත් අස්පස් කරලා දීලා යන්නෙ මට එච්චර ගාණක් නෑ ඔහොම ඉද්දි අක්කා එන යන වාර ගාණ වැඩිවුණා.

මං මැරි කරන්න හිටියේ ගමේ ගෑනු ළමෙක්ව එයාගේ නම නිලූ. නිලූ ගැන අක්කත් දැනන් හිටියා.

අපේ බෝඩිමට අක්කා ඉන්න තැන බැල්කනි එක පේනවා. ඔතන ඉඳන් අක්කා සමහර දවස්වලට මං දිහා බලන් ඉන්නවා. මම එච්චර ගණන් ගන්නෙ නෑ. සමහර දවස්වලට අක්කා ටවල් එක පිටින් ඇවිත් ඔතන කැරකෙනවා.

එයාගේ ඇඳුම් වනන්නෙත් එතැන එයා මට පේන්න ටවල් එක ගළවනවා, ගැට ගහනවා, මට එතකොට තේරෙනවා එයා එන්න හදන්නෙ මොකටද කියලා.

ඔහොම ගිහින් දවසක් ඒ නපුරු දවස ආවා. එදා ඇත්තටම මාත් අක්කා ඉස්සරහා ඇවිස්සුණා. එයා කිව්වා එයා මට ආදරෙයිලූ.

බලන් ඉන්න බැරිවුණාලූ. නිලූ එක්කත් ඉරිසියයිලූ. එයා මා එක්ක දවස් දෙක තුන කාමරේ නැවතුණා. අපි අතරේ වෙන්න පුළුවන් ඔක්කොම දේවල් වුණා.

එයා දවසක් හදිසියේ ඇවිත් මගේ රුපියල් පන්දාහක් ඉල්ලු‍වා. මම ඉතින් දුන්නා පස්සෙ දෙනවා කිව්වට දුන් නෑ. ඔහොම ආයෙ දවසක් තව ගාණක් ඉල්ලු‍වා මම නෑ. කිව්වා පස්සෙ දන්නවද මට පෙන්නපු දේ?

මේ යක්ස ගෑනි මගේ නියුඩ් (නිරුවත්) ෆොටෝ අරන් මම එයාත් එක්ක කරපු භාගෙට භාගයක් දේවල් තියෙනවා. ගෑනි මාව බය කළා. මේවා නිලූට යවනවා කියලා පස්සෙ මම බයටම ඉල්ලපු ගාණ දුන්නා.

ඔහොම ගිහින් මේ ගෑනි මගේ ලක්ෂ තුන හතරක්ම කඩා ගත්තා. නිලූට තිබ්බ ආදරෙයි දැනටම කසාදෙත් ලෑස්ති කරලා තියෙන නිසයි මම බයේ මේක හැමෝගෙන්ම හැංඟු‍වා.ඒත් බැරිම තැන මගේ යාලු‍වෙක් මාර්ගයෙන් පොලිසියට කිව්වා.

ඒ ගෑනි ඩිවෝස් වෙච්ච ගෑනියෙක්ලූ. මගෙන් විතරක් නෙවෙයි ගොඩක් අයගෙන් ඔය විදිහට අයුතු ප්‍රයෝජන ගන්නවලූ.

නිලූ අද වෙනකන් මේ කිසි දෙයක් දන්නෙ නෑ දෙයියනේ!! මම තාමත් ඉන්නෙ බයෙන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: