2023 දෙසැම්‍බර් 31, පෙ.ව. 12:00
දෙදෙනාම ගජ මිතුරෝ වූහ. එකෙක් විවාහකය. අනෙකා අවිවාහකය. කෑවේ බිව්වේ ගමන බිමන් ගියේ එකටමය. දෙදෙනාගේම නිවෙස් දෙදෙනාටම විවෘත විය.
කොවිඩ් ව්‍යසනයත් සමඟ විවාහක මිතුරාගේ ව්‍යාපාර ආයෙත් ගොඩගන්න බැරි ආකාරයට කඩා වැටුණි.
එහෙයින් ඔහු විදෙස්ගත වීමට තීරණය කළේය. භාර්යාවත් මිතුරාත් ඊට අලගු තැබූහ. ඒ විතරක්ම නොව ඔහුට ඊට අවැසි කාර්යයන්ද නොපිරිහෙලා ඉටුකර දුන්හ.
විවාහක මිතුරා රට යෑමේ දිනය උදාවිය. ගුවන් තොටුපොළට ඔහු ඇරලීමට ඇරියුම් ලැබුවේ භාර්යාව සහ මිතුරාය. වාහනයක් ද කුලියට ගත්තේය. එයින් ඔවුහු ගුවන් තොටුපොළට ගියහ.
ගුවන් තොටුපොළේදී භාර්යාව සිය සැමියා වෙලාගෙන හැඬුවාය. දෙමිතුරන් සමුගත්තේද වේදනාවෙන් දුක් සන්තාපයෙන්ය.
විවාහක මිතුරා වෙහෙසකාරී ගුවන් ගමනකින් පසු විදෙස් රටට පැමිණි පසු සිය භාර්යාව දුරකතනයෙන් ඇමතීමට ඇමතුමක් ලබා ගත්තේය.
එය ක්‍රියා විරහිතය. දෙතුන් වතාවක්ම උත්සාහ කළේය එය ගඟට කැපූ ඉනි මෙනි.
සිය අතිජාත මිත්‍රයා ඇමතුවේ ඉන්පසුවය. ඔහුගේ දුරකථනය ක්‍රියාත්මකය. සැනසුම් සුසුමක් හිතට ආවේය.
”මචං මම නෝනට කෝල් කළා ෆෝන් එක වැඩ නැහැ. මොකක්වත් කරදරයක් ද දන්නේ නැහැ. පොඩ්ඩක් හොයලා බලපන්” ඔහු කීවේය.
”හා මචං, එයාට කරදරයක් නම් නැහැ ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා”
”මොකක්ද? ඒ”යැයි ඔහු ඇසුවේ පපුව ගැහි ගැහිය.
”මචං මේකයි, උඹ එයාපෝට් එකට බස්සලා එද්දී එයාට ගෙදර යන්න බැහැ කිව්වා. උඹ නැතුව පාළුයි කියලා. අපේ ගෙදර නවතින්න එන්න ඕනෑ කියලා. මම ඉතින් එයා එක්කන් අපේ ගෙදර ආවා.” යයි කීවිට විවාහක මිතුරාට දෙවියන් බුදුන් සිහිවුවත් කරන්නට කිසිදෙයක් නොවීය.
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:19
2026 අප්‍රේල් 30, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 29, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 28, ප.ව. 12:01
2026 අප්‍රේල් 28, පෙ.ව. 12:02
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
30-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
29-04-26
28-04-26
28-04-26
28-04-26
28-04-26