hit counter

2026 සැප්‍තැම්‍බර් මස 17 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 12:45



කොළඹ ප්‍රසිද්ධ පාසලක 14 හැවිරිදි දැරියක් සමග සබඳතාවයක් පවත්වාගෙන යමින් අඳුරු වීදුරු සහිත ජිප් රථයෙන් ප්‍රසිද්ධ රථගාල්වලට රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන 50 හැවිරිදි පෞද්ගලික බැංකු කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි.

දැරිය කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු බිරිඳ මියගොස් ඇති අතර වයස අවුරුදු 13 හා 17 වයස් සීමාවල දැරියන් දෙදෙනකුගේ පියෙක් බව පොලිසිය කියයි.

කොළඹට ආසන්න ප්‍රදේශයක දැරිය පදිංචිව සිටින අතර ඇය පමණක් නිවසේ සිටින අවස්ථාවේදී මීට මාස කීපයකට ඉහතදී නිවසේ දුරකතනයකට ඇමතුමක් ලැබී විසන්ධි වී ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: