hit counter

2026 මාර්තු මස 08 වන ඉරිදා

2022 දෙසැම්‍බර් 31, පෙ.ව. 8:48



ගෝඨාභය රාජපක්ෂ මහතා, එතුමාගේ බිරිඳ අයෝමා රාජපක්ෂ, පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ, ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ  මිනිබිරිය ඩී.එච්.රාජපක්ෂ මේවන විට ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

මෙම පිරිස එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 649 දරන ගුවන් යානයෙන් පසුගිය 26 වනදා අලුයම 02.55 ට කටුනායක ගුවන්තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටත්ව ගොස් තිබෛන බවයි අප වාර්තාකරු පැවසුවේ.

මෙම පිරිස මුලින්ම ඩුබායි වෙත ගොස් එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළා.

ඩුබායි බලා ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල සැරසරමින් තිබෙනවා.

එහි දැක්වෙන්නේ හිටපු ජනාධිපතිවරයා සහ බිරිය කිසිදු ආරක්ෂකයකු හෝ නොමැතිව නිදහසේ ගමන් කරන ආකාරයයි.