hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 21, පෙ.ව. 12:01



නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් තිබියදී අන්තර්ජාලය ඔස්සේ අධික මිල ගණන්වලට කාන්තාවන් අලෙවි කළ කොට්ටාවේ අඟහරුවාදා පොළ ආසන්නයේ දෙමහල් නිවසක සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තිබෙනවා.

එහිදී කොට්ටාව පොලිසිය විසින් කාන්තාවන් සිව්දෙනකු හා කාන්තා පහස ලබා ගැනීමට පැමිණි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය එම ස්ථානය වටලන අවස්ථාවේ එහි කළමනාකාරිය බව පැවසෙන කාන්තාවක් එම ගොඩනැඟිල්ලේ පසෙක තිබූ බෙහෙත් ඔරුවක් තුළ සැඟවීමට උත්සාහ ගැනීමේදී එහි තුළ වූ මී වදයක් ඇවිස්සී ඇය මීමැසි ප්‍රහාරයකට ලක්වී තිබේ.

අත්අඩංගුවට පත් එම කළමනාකාරියගෙන් ප්‍රශ්න කිරීමේ දී අන්තර්ජාලය ඔස්සේ පළකරනු ලබන අදාළ කාන්තාවන්ගේ ඡායාරූප ඔස්සේ ලැබෙන ඉල්ලූම අනුව පැයක කාල සීමාවක් සඳහා රුපියල් පන්දහසේ සිට දසදහස දක්වා වූ මුදලක් අයකර ගැනීමට පියවර ගන්නා බව ඇය පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මෙසේ අත්අඩංගුවට ගත් කාන්තාවන් බෙලිහුල්ඔය, බළන්ගොඩ, මතුගම, කැලණිය යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවට සනාථ වී තිබේ. මෙම වැටලීමේදී ජංගම දුරකථන පහක්, කාන්තා පහස ලබාගැනීමට පැමිණි පුද්ගලයාගෙන් ලබාගත් රු. 5000 ක මුදලක් පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: