hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 අප්‍රේල් 07, පෙ.ව. 12:03



 නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පැමිණි ඉමායා ලියනගේ, මේ වනවිට ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය චරිතයක් බවට පත්ව හමාරයි.

මිස් ශ්‍රී ලංකා කිරුළ පැළැඳි ඉමායා අනතුරුව රංගන ක්ෂේත්‍රයට පිවිස ප්‍රේක්ෂකයින් අතර අමතක නොවන චරිතයක් බවට පත්වුණා.

ඉමායා තමන්ට ආදරේ කරන පිරිස් වෙනුවෙන් සිය ආදරණීය සැමියා සහ දරු දෙන්නා එක්ක ගෙවන සුන්දර ජීවිතේ ආදරණීය මොහොතවල් ගැන තොරතුරු සමාජ මාධ්‍යයට එක්කාසු කළා.

වසර ගණනක් තිස්සේ ඈ වෙසෙන්නේ ඉතාලියේ.

නමුදු ඉමායා කළ චරිත තාම ඇයට ආදරේ කරන රසික පිරිසට මතකයි.

හැබැයි අර අපි කිව්වා වගේ, ලංකාවෙන් ගියා හෝ රංගනයේ නොයෙදුණා කියලා ඇයව කාටවත් අමතක වුණේ නම් නෑ.

සමාජ මාධ්‍ය තුළ නිතර සක්‍රීය චරිතයක් වන ඇය, තමන්ව එහෙම අමතක වෙන්න ඉඩදුන්නෙත් නෑ.

කොහොම නමුත් එහෙම වේදනාවෙන් ඉන්න රසිකයින්ට පුංචි බලාපොරොත්තුවක් ඇති කරන්න ඉමායා සුබ ආරංචියක් අරන් ඇවිත් තිබුණා.

ඒ ඇය සමාජ මාධ්‍ය වෙත එක්කාසු කළ සටහනක මෙලෙස සඳහනක් තබමින්…

”2019දී විවාහය වී කෙටි නිහැඬියාවකින් පසු අද වන විට මගේ සෙනෙහෙබර පවුල් ජීවිතයට මුල් තැන දෙමින්,

දයාබර සැමියා සහ ආදරණීය දරුවන් දෙදෙනා සමඟ ශ්‍රී ලංකාවෙන් දුර බැහැරව ඉතාලියේ ස්ථීර පදිංචිව සිටියත්

ඉතාමත් නොදුරේදීම නැවතත් සුපුරුදු පරිදි ඔබ හමුවෙන්නට බලාපොරොත්තුවෙන් සිටිමි….”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: