hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2023 ඔක්‍තෝබර් 07, ප.ව. 2:56



ජෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා ව ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම වීරසිංහ මහත්මිය විසින් නිකුත් කළ නියෝගයකට අනුවයි.

සමාජ මාධ්‍ය හරහා ජාතීන් අතර හා ආගම් අතර ගැටුම් ඇති වන ආකාරයෙන් ප්‍රකාශයක් සිදු කිරීමේ චෝදනාව මත ඔහුව අද (06) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, පරිගණක අපරාධ කොට්ඨාසය විසින්.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස‌ට ඔහුට දුරකතනයෙන් දැනුම් දීමක් සිදු කර තිබුණා.

සත්‍යා ව්ලොග්ස් කියන යූටියුබ් නාලිකාව හරහා තොටවත්ත මේ දරුණු සෙල්ලම පටන් අරන් තිබුණා.

ඔහු වැඩිපුරම ඒ හරහා කළේ ලංකාවේ ආගමික නායකයින් ඉලක්ක කොට පහරදීම නැතිනම් ආගම්වල අඩුලුහුඩුකම් කියමින් ඒවා ප්‍රසිද්ධියේ විවේචනය කිරීම ඒක බරපතල ඝනයේ වරදක් බැව් ඔහු නොදැන හිටියාද?

තොටවත්තගේ අරමුණ වුණේ මොකක් වුණත්, අවසානයේ තොටවත්තට එරෙහිව මසූක් සජීව් මව්ලවිවරයා සීඅයිඩීයට පැමිණිල්ලක් දානවා. 

ඒ ඔහු ආගමික අපහාසයක් සිදු කළ බැව් කියමින්.

සීඅයිඩීයට ආපු තොටවත්ත ඒ මොහොතෙත් කටමත දොඩවන්න පටන් අරන් තිබුණා.

‘’මා කියූ දේවල් ලෝකේ මේවා මීට ඕනතරම් කියල තියනවා. මොහොමඩ් බල්ලන්ට බූරුවන්ට වගේ සලකන්නෙ කියලා එයාගෙ බිරිය කියනවා. ඒක කුරානයේ තියෙනවා.මොහොමඩ් බාල වයස්කාර ගෑනු කෙනෙක් එක්ක හිටපු නිසා තමයි අද මෙහේ මුස්ලිම් අයත් බාලවයස්කාර කෙල්ලො හොයන්නෙ. එහෙම නීති අනුව විවාහ වෙන්නෙ. මං කිව්වේ මේව ගැන..මේව මර්දනයක්. මේව ගැන කිව්ව කියල පැමිණිලි කරනව නම් අපට කිසිවක් කියන්න බැරිවෙයි. අපෙ අම්මා චැනල් එකයි එම් ආර් කිචන් එකයි විතරයි මේ විදිහට අපිව අල්ලන්න ගියොත් ඉතිරි වෙන්නෙ. විද්‍යාව නොදැන අන්ධකාරයේ හිටි16 වන සියවසේ අමන තැනටද මේ ගෙනියන්නෙ ඇත්ත හොයන ළමයි වෙනුවෙන් මං කතා කරන්නෙ. මං ඉස්ලාම් විරෝධියෙක් නෙමේ. මං ඉස්ලාම් දේහ භූමිදානයට විරුද්ධ වෙලාවෙ කතා කළා. අලි සබ්‍රිට ඇමතිකම් දුන්න එකට විරුද්ධ වෙද්දි මං පක්ෂව කතා කළා.මට ආගමට එරෙහි ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නෙ. මං කියපු දේවල් තියන වීඩියෝවෙ කමෙන්ට් වලවත් ඉස්ලාම් ආගමේ අය ඊට විරුද්ධව ලොකුවට කොමෙන්ට් දාලා නැහැ. මේක මං හිතන්නෙ කවුරුහරි හිතල කරන වැඩක්”

මසූක් සජීව් මව්ලවිවරයා කියන විදිහට තොටවත්තගේ ප්‍රකාශ බොහෝමයක් සුලුවෙන් තකන්න හැකි ආකාරයේ ඒවා නෙවෙයි.

‘බුදු දහමට මම ආදරෙයි. විශේෂයෙන්ම බෞද්ධයන්ට මම ආදරෙයි. මම අදටත් බුද්ධ දර්ශනය ඉගෙන ගන්නවා. ඒකේ වැරදි හොයන්න නෙවෙයි. ඒවා අල් කුරාණය සමඟ සංසන්දනය කරලා, දෙයක් මගේ ජීවිතේට ගන්න. මට පන්සිල් පද පහ පාඩම්. පන්සිල් පාඩම් හැමෝම බෞද්ධයෝ නෙවෙයි.’

‘නබී නායකතුමාට අල් කුරාණයට විරුද්ධව කවුරු හරි කෙනෙක් කතා කරනවානම්… ඒක වැරදියි. මේ මනුස්සයා කළේ වැරදි දෙයක්. මෙයා ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. මේ ඉන්දික තොටවත්ත කියනවා, ‘ක්‍රිස්තියානි ආගමයි ඉස්ලාම් ආගමයි ගත්තම දෙකම එකම අම්මගේ චාටර් ළමයි දෙන්නෙක්…’ කියලා.’

‘යුටියුබ් එකෙන් හම්බ කරන්න කිසි ප්‍රශ්නයක් නෑ. නමුත් මේ වගේ ජාතීන් අරත අසමඟිය ඇති කරන්න එපා. මුදල් හොයන්නයි, කාගේ හරි බළල් අතක් වෙන්නයි, මේ වගේ පජාත නින්දිත වැඩ කරන් එපා. පිටකොටුවේ හිඟා කන්න මීට වැඩිය හොඳයි…’ 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: