hit counter

2024 මැයි මස 03 වන සිකුරාදා

2024 මාර්තු 06, පෙ.ව. 12:01



ඔහුගේ ජීවිතය මේ තරම් අවාසනාවන්ත ඉරණමකින් අවසානයක් දකිවි කියලා කවුරුත් හිතන්නේ නැතුව ඇති.

සරසවි කඩයිම්ත් සාර්ථකව ජයගත් ඉසුරු ගැන බලාපොරොත්තු තියාගත්ත ගොඩක් දෙනෙක් ඇති.

ඒ අතර ඉසුරුගේ අම්මා තාත්තා ඔහු නැති මේ දුක කොහොම නම් දරාගනීවිද?

මහවැලි ගංඟාවේ දිය නෑමට ගිය පේරාදෙණිය සරසවියේ සිසුවෙක් අවාසනාවන්ත ලෙසින් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචි ඉසුරු මදුෂාන් තිලකරත්න නමැති සිසුවෙක්.

ජීවිතක්ෂයට පත් වූ සිසුවා සමඟ තවත් සිසුන් තිදෙනකු දියේ ගිලී ගසාගෙන ගොස් තිබුණු අතර ඔවුන් මහත් පරිශ්‍රමයක් දරා ජලයෙන් පිටතට පැමිණියත් මෙම සිසුවාට ජලයෙන් ගොඩට පැමිණීමට නොහැකි වී තිබෙනවා.

ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව මෙහෙයුමක් දියත් කර විනාඩි 20ක පමණ කාලයක් ගඟේ ගිලී සිටි සිසුවා ජලයෙන් පිටතට ගෙන නාවලපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ අතර එහිදී දින 10කට පසු සිසුවා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වෙන්නේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: