hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 12:05



අවුරුදු එක හමාරක පමණ කාලයක් තිස්සේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි මහතා සම්බන්ධයෙන් ඔහුගේ පුත් අකිල ධනුද්දර අදහස් පල කර සිටිනවා.

ස්වාධීන රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ඔහු මෙම අදහස් පළ කළා.

“මට ප්‍රශ්න කෝටියක් තියෙනවා කියලා උදේට ශූටින්වලට ගිහින් කියනවා නම් මම ඊයේ අරෙම මෙහෙමයි කියලා ඒකෙන් වැඩක් නෑ.ඒ හින්දා දෙමව්පියෝ වෙනුවෙන් කරන දේවල්වත් කිසිම දෙයක් එහෙම කතා නොකරන හේතුව, ඒක අපේ ගුණයක් කියලා නොදන්නා අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.ඒ හින්දා එක එක දේවල් කියනවා. ඒවට රැවටෙන්න එපා.අනේ, අපි පොඩි පොඩි දේවල්වලට සතුටු වෙන්නෙ.ඇස් පිල්ලම් ගහන්නෙ නැතුව ඉඳලා ඇස් පිල්ලමක් ගහනවා කියන්නෙ හොඳයි නෙවේද ඇඟිලි හොලවන්නෙ නැතුව ඉඳලා ඇඟිලි හොලවනවා කියන්නෙ හොඳයි නෙවේද හෝර්මෝන් ඇඟේ වැඩ කරන්නෙ නැතුව ඉඳලා හෝර්මෝන් දැන් වැඩ කරන්න පටන් ගන්නවා කියන්නෙ හොඳයි නෙවේද අපි ටික ටික අප්පච්චිව හොඳ කරගෙන යනවා. කරලා පෙන්නන්නම් එදාට කතා කරමු.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: