hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 06, පෙ.ව. 12:20



මොන ප්‍රශ්න මොන කෝන්තර තිබුණා වුණත් සන්තෝසෙන් ඉන්න වුවමනාය කියන එක ඇත්තක්.

ඒත් ඒක ජැක්සන් ඇන්තනීගේ පවුලට විතරක් අකැප දෙයක්, එක්කෝ ඔවුන් නොකළ යුතු දෙයක්.

හැබැයි ඒ හැම එකාම ජැක්සන්ලාගේ පවුලේ උදවියට එහෙම දෙස් දෙවොල් දෙන්නත් සාධාරණය කියන හේතුවක් තියනවා.

ජැක්සන් තාමත් අයිසීයූ එකේ ඉන්නෙ ඇයි?

මේ වන විට දින 500කට වැඩි කාලයක් ජැකා ඉන්නෙ අයිසීයූ එකේ. ඉන් එහා ජැකාගේ මොළය මැරිලාය. ජැකාව ස්වර්ගස්ථ කළ යුතුය කියන තැනත් ඇතැම් පිරිස් ඉන්නවා.

ඔය අස්සෙ යූටියුබ් එකේ විලිසංගයක් නැති උන් ජැක්සන් නොමරා මරමින් හරි හම්බ කරගන්නවා.

කොහොම වුණත් ජැක්සන් මෙතැනින් වහා ඉවත් කළ යුතුය කියන සාකච්ඡාවත් තවම අවසන් වෙලා නැහැ.

ඔහු මෙතැනින් ඉවත් කරගෙන පුද්ගලික රෝහලකට යවනවාද? නැත්නම් නිවසට ඇරලනවාද? කියන එක තවමත් ප්‍රශ්නාර්ථයක්.

සමහර විට ඒ තීරණ දෙකෙන් එකක් බොහෝම ඉක්මණින් ගන්න පුළුවන්.

නමුත් තවමත් ඒ තීන්දුව නොගත්ත තැන විස්සෝප වුණු උන් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය තුළ විරෝධය පළ කර තිබුණා.

ඔවුන්ගෙන් ඇතැම් උන්ට අනුව ජැක්සන් පවුල මේ කරන්නෙ ජනතා මුදලින් අත පිහිද ගන්න එකද?

ඒකට හරි ආකාර උත්තරයක් කවුරුත්ම දෙන්නෙ නෑ.

‘ජැක්සන් මහත්තයාගෙ ආත්මය හොල්මන් කරනවලු කෑගහනවලු හෙදි නිලධාරීන් I C U එකට යන්නත් බයයි කියල අද යූටියුබ් එකේ දාල මමත් ඇහුව ඒක.’ ඒ අස්සේ මෙහෙම ඒවා විශ්වාස කරන පිරිසකුත් ඉන්නවා.

සත්‍ය වශයෙන්ම ජැක්සන් පවුල මේ සියල්ල සිදු කරන්නෙ වෛද්‍යවරුන්ගේ නියමය නිසාමද? නැත්තම් සුදත්ත තිලකසිරි කියනවා වගේ කුමාරි මුණසිංහ වෛද්‍යවරුන් ව බිය වද්දලාද?

සත්‍ය වශයෙන්ම, මෙවන් තත්ත්වයක් තුළ එවන් අසාහය නළුවෙක් හෑල්ලූ නොකර ඔහු වෙනුවෙන් යමක් කරන එක ජැක්සන්ගේ පවුලේ උදවියට සතු කාර්යයක් නොවේ ද?

එසේ නැතහොත් මෙවැනි කයිකතන්දර කියන උන්ට ඔවුන් හරි ආකාර පිළිතුරු දිය යුතු නොවේ ද?





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: