hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 09, පෙ.ව. 9:33



ගායන ලෝකය තුළ අපි අහන්න ආස කරන ගීත රැසක් අපට දායාද කරපු ආදරණීය කලාකරුවෙක් තමයි මධුමාධව අරවින්ද කියන්නේ. 

ලඹ සවන් රන් පටින් කියන්ද් හරිම අපූරු ගීතය අහන හැම වතාවකදීම අපිට මතක් වෙන්නේ මේ මානව හිතවාදී ගායකයා.

ඔහු තුළ හිට‍යේ ගායකයෙක් පමණක්ම නෙවෙයි පහුගිය කාල සීමාව පුරාවටම මධුමාධව දේශපාලන භූමිකාව තුළ කැපී පෙනෙන චරිතයක් විදිහට කටයුතු කළා.

නමුත් දේශපාලනය කරන එක ඔහුට ගැලපෙන්නෙ නැහැ කියලා ගොඩක් ප්‍රේක්ෂකයන් මධුමාධවට චෝදනා එල්ල කළා.

හදිසි අනතුරකින් වසරකට අධික කාලයක් රෝහල්ගතව සිට අද ජිවිතක්ෂයට පත් වූ ජැක්සන් ඇන්තනී වෙනුවෙන් මධුමාධව සටහනක් පළ කරලා තිබුණා.

ඇඳ හිස් උනා … යන්න ඕනෙ අය යන්න..

අකුරු එන්නෙ නෑ සත්තයි ගලපන්න

අපෙ හැම මතක මට බැරි වෙයි වලලන්න

එහෙනම් සුන්දරයො නුබ නිදියා ගන්න

“ඇඳ හිස් උනා” යන්න ඕනෙ අය යන්න

මතකයි ඒ නම… ජැක්සන් ඇන්තනී…





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: