hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 09, පෙ.ව. 11:14



ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබෙන බව මේ වන විට ඔබ දන්නා කරුණක්.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ජැක්සන් ඇන්තනී මියයන විට 65 වන වියෙහි පසුවුණා.

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජැක්සන් ඇන්තනි මහතා ඇගිලි සොලවීම, ඇසි පිය ගැසීම වැනි දේ හරහා හැඟීම් ප්‍රකාශ කළ බව ඔහුගේ පවුලේ ඥාතීන් මෑතකදී මාධ්‍ය වෙත පැවසූවා.

කෙසේවෙතත් මේ වෙනකොට ජැක්සන් ඇන්තනි ජීවිතය අත්හැර ගොස් අවසන්.

ජැක්සන් ඒ තාක් රැඳුනු හේතුව මොකක් වුණත්, ජැක්සන්ගේ ඇත්තම තත්ත්වය ලෝකෙටම අබිරහසක් වුණු බැව් අමුතුවෙන් කිව යුතු නැහැ.

ඒ ඇත්ත ලෝකයට හෙළිදරවු නොවුණා වුණත් ජැක්සන්ගේ ආදරණීය බිරින්ඳෑ සහ දරුවෝ ජැක්සන් අවදි වෙනකන් ඇඟිලි ගනිමින් හිටියා.

ජැක්සන් අනතුරකට ලක්වෙන්නෙ වන අලියෙකුගේ ප්‍රහාරයක් නිසා වුණත්, ජාතික රෝහලේ දී ඔහුට දෙවැනි සැත්කමක්ද සිදු කර තිබුණා.

කොහොම වුණත් ජැක්සන්ට ඇත්තටම සිදු වූ දේ, කිසිවෙකු නොකියා ඉන්න තරම් හේතු ඇති. ඒ නමුත් සැබැවින්ම ජැක්සන් නැවත වතාවක් අවදි වීමේ බලාපොරොත්තුව බොහෝ දෙනෙකුට නොතිබුණා ද නොවේ.

දිනෙන් දින ගතවෙද්දි, ජැක්සන් වැඩිපුර කාලයක් ජාතික රෝහලට වී සිටීම බොහෝ දෙනෙකුට ඉවසුම් නොදෙන්නට වුණා. ජැක්සන් ජීවිත ගණනාවක් අවදානමේ දැමූ බැව් බොහෝ දෙනෙක් චෝදනා නඟමින් කියන්නට වුණා. 

චතුර ජයලත්ගේ ෆේස්බුක් සටහන පහතීම්,

‘මැරුණට පස්සෙ හොඳට නම තියාගෙන ඉන්න පුලුවන් වෙයි කියලා හිතලා ජීවිත කාලෙම පට්ට අමාරුවෙන් ගේමක් ගහපු මනුස්සෙක් මේ ඉන්නෙ!මුලු ලංකාවෙම මිනිස්සුන්ගෙ මොළ පාදන්න දැනුම බෙදන්න මහන්සි වෙච්චි මනුස්සෙයාගෙ ගෙදර ඉන්න මිනිස්සුන්ගෙ මොලේ නැති ආත්මාර්ථකාමී වැඩ නිසා ලොකු black mark එකකුත් තියාගෙන යන්න වුණ එක නම් පවු වැඩේ… ICU bed අහිමිවෙලා මිය ගිය අනික් අයගෙ පවුල් වලටවත් මේකෙන් සතුටු වෙන්න පුලුවන් තරම් පහත් මානසිකත්වයක් ඇති කියලා මම හිතන්නෑ.. ඒත් ජැක්සන්ගේ පුතා අර ICU bed එකක් නැතුව දරුවෙක් නැතිවුණ වෙලාවේ ඒ දරුවගෙ අම්මගෙ post එකට haha දාලා comment කරපු දවසේ තේරුණා මුංගෙ මොලේ තරම!ඔන්න ඕකයි ඉතිං අපි කොයි කාටත් සිහියේ තියාගන්න වෙන්නේ.. අපි මැරුණම වුණත් අපේ නම කැතවෙන්න පුලුවන් කියලා..මේක තනිකරම මගේ මතයක් නිසා ඔබේ මතය වෙනස් වෙන්න පුලුවන් හොඳේ… තරහා වෙන්නෙපා’ 

Ruwishan Vimukthගේ ෆේස්බුක් සටහන පහතින්,

‘ඩ්‍රිශ්‍යම් චිත්‍රපටියේ ප්‍රති නිර්මාණය විදියට ධර්ම යුද්ධය ලංකාවෙ හැදෙද්දි, මුල් චිත්‍රපටියේ නිර්මාණකරුවන් ඇවිත් තියෙනවා අපේ වැඩේ ගුණාත්මකභාවය ඔවුන් බලාපොරොත්තු වෙන මට්ටම සපුරනවාද කියලා බලන්න. එතකොට ඔවුන් දකිනවා ජැක්සන් කියන රූපණවේදියාව. ඒ වන විටත් මෝහන්ලාල් සහ කමල් හසන් කියන ඉන්දියාවේ දැවැන්තම නලු පෞර්ශයන් දෙකක් නිරූපණය කරපු, තවත් පර්ෆෙක්ට් කරන්න දෙයක් ඉතුරු වෙලා නැති චරිතෙකට ජැක්සන් ඇන්තනි කොහෙන්වත් නැති ඇක්ට් එකක් මවලා වගේ ගෙනත් තියනවා.අර ඉන්දියන් නිර්මාණකරුවො පවා පුදුම වෙනවා. ජැක්සන්ව මෝහන්ලාල්, කමල් හසන් එක්ක සැසඳෙනවා. අර දෙදෙනා හා සම මට්ටමේම ජැක්සන් ඉන්න බව කියනවා. ජැක්සන් ඉන්දියාවට අරං යන්න සැළසුම් කරනවා. ඒ තමා ජැක්සන් කියන නිරූපණවේදියා!වේදිකාවේ ඉඳන්, රූපවාහිනිය දෙවනත් කරලා, සිනමාවට ඇවිත්, වර්තමාන සිනමාවේ කටක් ඇරලා ‘මහා රංග පෞර්ශයක්’ කියලා කියන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන එක එහෙම ලේසි දෙයක් නෙවෙයි. ජැක්සන්ගෙ රංගනය ගැන කතා කරන්න අපි තාම මෝරලා මදි. ගරිල්ලා මාර්කටින් චිත්‍රපටියේ අපි හොඳටම දන්න ජේ ආර් ව, ‘ඒ මේ නං මිනිහමයි’ කියන තැනට නිරූපණය කරලා, මහ රජ ගැමුණු චිත්‍රපටියෙදි අපි කවදාවත් දැකලා නැති එළාරව, ‘අඩේ මේ නං එළාරම තමා’ කියන අන්ත දෙකම එක විදියට ගොඩදාන්න එසේ මෙසේ පුතයෙක්ට බෑ. ඒවා පනාපුත්‍ර කුහුඹුපැණි ස්පෙෂල්! දේශපාලන කතා, ක්‍රියා, අවසන් මාස කිහිපයේ සිද්ධ උනු සිද්ධි දාමය වගේ ලොකු ලොකු දේවල් ගැන මෙවෙලෙ කතා කරන්න යන්නෙ නෑ. ඒ ගැන කතා දැනටමත් ලියවෙමින් ඇති. මේ ලියන්නේ ජැක්සන් කියන අති දක්ෂ රූපණවේදියා ගැන. මේ ලියන්නේ අවුරුදු ගාණක් යනකං ලංකාවෙ Highest Grossing movie එකේ රෙකෝඩ් එක තියපු, අන්තිමට ඒකෙන් පස්සේ ඒ වගේ කතා රැල්ලක්ම හැදුණු-නමුත් ඒ පසු නිර්මාණ ඔක්කොටම වඩා ධාරානිපාත කොලිටි එකක් තිබුණු, අබා හදපු සිනමා නිර්මාණකරුවා ගැන. මේ ලියන්නේ ගඟක් දිගේ යන ගමන් ඒ සම්බන්ධ සියලුම දේවල් විස්තර කරපු, මහාවංසය කට පාඩමින් කියපු, මහා දැනුම් සම්භාරයක් හිසේ තියං හිටපු මනුස්සයා ගැන.Jack of all trades, Jackson Anthony ගැන! Memes are over guys, Legend is gone now. King should be rested with the highest possible respect. Man deserves everything! ජයන්ත චන්ද්‍රසිරිලා එක්ක එකතු වෙලා ටෙලිවිෂන් විප්ලවය කරාට, අඳුරු පරිච්ඡේදයක් අස්සෙන් සිනමාව දිගටම ඇදං ආවට, මෙච්චර ලොකු පෞර්ශයක් උනාට ස්තූතියි ජැක්සන්! අපිට තව ඔයාගෙන් ගන්න ගොඩක් දේවල් තිබ්බා, ඒ ගැන දුකයි. දැන් සමාදානයේ සැතපෙන්න, පැතූ සාමය අත් වේවා! නිවන් සුව ලැබේවා!

මධුමාධවගේ ෆේස්බුක් සටහන පහතින්,

ඇඳ හිස් උනා … යන්න ඕනෙ අය යන්න..

අකුරු එන්නෙ නෑ සත්තයි ගලපන්න

අපෙ හැම මතක මට බැරි වෙයි වලලන්න

එහෙනම් සුන්දරයො නුබ නිදියා ගන්න

“ඇඳ හිස් උනා” යන්න ඕනෙ අය යන්න

මතකයි ඒ නම… ජැක්සන් ඇන්තනී…

ජැක්සන් එක්ක බොහෝමයක් උන්ට දේශපාලන ඇරියස් එකක් තිබුණා. ජැක්සන් මේ තාක් කල් ජාතික රෝහලේ ඉන්න හේතුවත් රාජපක්ෂ දේශපාලනය බැව් තවත් උන් විශ්වාස කළා.

ඒත් සිනමාවේ දැවැන්තයෙක් නිකරුණේ මැරෙන්න අරිනවාට අකැමැති උන් ජැක්සන් වෙනුවෙන් සටන් වැදුණා.

ජැක්සන් මෙහෙම මැරෙන්න වුවමනා මනුස්සයෙක් නෙවෙයි. ජැක්සන් කියන්නෙ පුරාවෘත්තයක්. ජැක්සන් සම කළ හැකි උත්තමයෙක් සිනමාව ඇතුළේ නැහැ. ඒත් ජැක්සන්’ යනවා. ජැක්සන් සමහර විට ඒ ගියේ මීට කාලෙකට ඉහත දී වෙන්නත් පුළුවන්.

ජැක්සන් අතරමඟක මෙහෙම ගියේ තවත් බොහෝමයක් දේ ඉතිරිව තිබියදි. අතපය හොළවන, ඇස්වලින් ඉඟි බිඟි දෙන, ඇස්වල කඳුළු පුරෝගන්න ජැක්සන් අවදි වෙනකන් රටක්, ලෝකයක් බලන් හිටියා.

ඒත් ජැක්සන්ව කැඳවා යන්න මරුවා ඇවිත් තිබුණා. ඒ සුවපහසු මරණය කවුරුන් ගත්ත තීරණයක්, තීන්දුවක් වුණත්… ජැක්සන් මෙහෙන් දැන් යනවා.

ජැක්සන් ව දඬුකඳේ ගහනවා වෙනුවට, අවසානයේ ඔහු යනෙන ගමනට අතපානවා ඇරෙන්න කුමක් නම් කරන්නද? 

“පනාපත්‍ර කුහුඹුපැණියා” හෙවත් හෙළ සිනමාවේ අසහාය රංගන පෞර්ෂය ලෙස හැඳින්වෙන ජැක්සන් ඇන්තනී මහතාගේ අභාවය මෙරට කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි පාඩුවකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: