hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 09, ප.ව. 3:20



ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබෙන බව මේ වන විට ඔබ දන්නා කරුණක්.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ජැක්සන් ඇන්තනී මියයන විට 65 වන වියෙහි පසුවුණා.

ජැක්සන්ගේ මේ හදිසි නික්ම යාම, කලාකරුවන් බොහෝ දෙනක් ව සංවේදී කර තිබුණා. ජැක්සන් වන් කෙනෙක් අහිමි වීම කලාවට වුණු අප්‍රමාණ පාඩුවක් බැව් අමුතුවෙන් කිව යුතු නැහැ.

මේ අතර, රන්ජන් රාමනායක, ජැක්සන්ගේ කෘති එළිදැක්වීමකදී කළ කතාවක ඉපැරණි වීඩියෝවක් යූටියුබ් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා.

‘මට‌ පාර්ලිමේන්තුවේ ඉතිහාස කතාවක් තිබුණොත් මම හොරෙන් ජැක්සන්ට කතා කරනවා. පස්සෙ සියලු දේ අහගෙන මගේ වගේ තමයි මම කියන්නෙ. මම කියන් නෑ, ජැක්සන්ගෙන් තමයි මේක අහගත්තෙ කියලා. මොකද ජැක්සන්ට ලකුණු වැටෙන හින්දා…’

‘අපි දෙන්නගෙන් කාට ඉස්සල්ලා වීසා හම්බෙයිද දන් නෑ. මම මේක කියන්න ඔිනි ඔහුගේ මුණට. මම ජැක්සන් ඇත්තනීට හරි ඉරිසියයි. ඔහුගේ දැනුමට ඉරිසියයි. ඔහුගේ ෆිල්ම් එකක් මගේ එකක් එද්දි තරගෙට මම හරි බයයි. ඔහුගේ රංගනයට මම බයයි. ඔහුට කිවුවා (මොකද්ද හාමුදුරුවනේ) සකලකලාවල්ලවන් වගේ. සුසිමා එකේ සිංදු කියනවා, නයිනාගේ සූදුවේ නටනවා. අභා අධ්‍යක්ෂණය කරනවා. ඔහුගේ නිවේදන කලාවට, ඒ මෙමරියටත් ඉරිසියයි, ඒ රජවරුන්ගේ නම් කියවන කියවිල්ලට. ඒක නම් මට දරාගන්නම බෑ. මුඨසීවගෙන් පටන් ගෙන වලගම්බා ගිය තැනයි, රථයේ අංකයත් කියනවා. ඒ මෙමරි චිප් එක ටූජීබීද ටෙන්ජීබීද කියලා හිතාගන්න බෑ…’

‘අපිට සිනමාවේ හම්බුණු සුන්දර මනුස්සයෙක්. මට සමහර අධ්‍යක්ෂකවරු බැනලා තියනවා, මේක හරියට කරන්නකෝ, ජැක්සන් වගේ කරන්නකෝ කියලා. මම වගකීමෙන් කියන්නෙ මේ තමයි සකලකලාවල්ලභ… ඒක අන්තිම මොහොතේ කියලා වැඩක් නෑ.. ඔහුට මේක විඳින්න දෙන්න ඔිනි…’

‘ඔබට මම හිතන් නෑ නිෂ්පාදකවරු හිඟවෙයි කියලා. මම ඒ කාලේ ඉඳන් විජය මාමාලා ගෙදර ඉද්දි, චරිත ඉල්ලන් අධ්‍යක්ෂවරුන් පස්සෙ ගිහින් තියනවා. දැන් තියෙන තත්ත්වේ අනුව ඉල්ලන්න බෑ. නමුත් ඔහුට හැඟෙන්න ඔිනි මම මොකද්ද මේ කියන්නෙ කියලා. මම හිතනවා ඉදිරියේ මට දුරකතන ඇමතුමක් එයි කියලා. මම ඉල්ලන් යන් නෑ. මම මොකටද ජැක්සන්ට පල් වෙන්නෙ?’





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: