hit counter

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 09, ප.ව. 6:18



ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබෙන බව මේ වන විට ඔබ දන්නා කරුණක්.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ජැක්සන් ඇන්තනී මියයන විට 65 වන වියෙහි පසුවුණා.

දින 500කට වැඩි ගණනක් ජාතික රෝහලේ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබමින් සිටි ජැක්සන් ට විවිධ පාර්ශව වෙතින් විරෝධය එල්ල වූ බැව් රහසක් නෙවෙයි.

සමාජ මාධ්‍ය ඔස්සේ පමණක් නොව ටෙස්ට් වන් වැනි සදාචාරය නොහඳුනන යූටියුබ් මාෆියාකරුවන් පවා ජැක්සන්ගේ මරණය කඩා වඩා ගන්නට විවිධ අන්දමේ ව්‍යාජ ප්‍රවෘත්ති මවා පාන්නට වුණා.

ජැක්සන්ගේ මරණය අද අලුයම් කාලයේදී සිදුවන්නට පෙර ඔවුන් විසින් පළ කෙරූ වීඩියෝ පට බොහෝමයක ජැක්සන්ව අද්භූත ආත්මයක් කරන්නට ඔවුන් හිත් පිත් නොමැතිවම කටයුතු කර තිබුණා.

මහ රෑ ත්‍රීවිල් රථයකට ගොඩ වුණු ජැක්සන්ගේ ආත්මය… ජැක්සන් මහ රෑ මෝචරිය පැත්තට ආවා…. නයිට් ඩියුටි කරපු හෙදියට සිහිසුන් වෙයි, තරුණ හෙදිය වමාරයි.. ජැක්සන්ගේ කුටියෙන් විශාල ශබ්දයක් ආවා…’ වැනි මාතෘකා ඔස්සෙ ඔවුන් මෙම ව්‍යාජ වීඩියෝපට උඩුගත කොට තිබුණා.

කණගාටුවට කරුණ නම් ඒ සියල්ල විශ්වාස කරන්න තරම් වුණු අනුගාමික පිරිසක් ද ඔවුන් සතුව සිටීම යි.

අද දිනයේ රුක්ෂාන් බෙල්ලන වෛද්‍යවරයා, ජැක්සන්ගේ මරණය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කරන අතරතුර දී සමාජ මාධ්‍යයේ හුවමාරු වන මෙම අද්භූත සිදුවීම් ගැනත් මාධ්‍යවේදීයෙක් කරුණු විමසා තිබුණා.

‘එකම අද්භුත සිද්ධිය තමයි ඔහුව බලාගෙන හිටපු වෛද්‍යවරු හොඳින් තම රාජකාරිය නොපිරිහෙලා ඉටු කිරීම…’ 

කොහොම වුණත් ටෙස්ට් වන් නම් මෙම යූටියුබ් නාලිකාව මේ මොහොතෙත් ජැක්සන්ගේ මරණයෙන් අනතුරුවත් ජැක්සන්ගේ මරණයේ තොරතුරු විකෘති කොට පළ කරමින් මඩිය තර කරගනිමින්) සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: