hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 09, ප.ව. 6:24



ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබෙන බව මේ වන විට ඔබ දන්නා කරුණක්.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ජැක්සන් ඇන්තනී මියයන විට 65 වන වියෙහි පසුවුණා.

ආශිර්වාද තරමට ම ගලාගෙන ආව විවේචන රැසක් මැද අවසන් ගමන් ගිය දැවැන්ත රංග පෞරුෂයකි ජැක්සන් ඇන්තනී.

මියගියා කියලා ඒ විවේචනවල අඩුවක් නම් නෑ.

මේ මොහොතෙත් මුහුණු පොතේ හුවමාරු වන සටහන් අතරෙ ඔහු නමින් ලියවුණු විවේචනාත්මක සටහන් සෑහෙන්න.

”මියගොස් දින 550කට පසු ජැක්සන් ඇන්තනිට මොක්සුව” මේ ඉන් එකක් විතරයි.

මෙවන් සටහන්වලට ප්‍රති උත්තර දෙන්න ජැකාට හදවතින්ම ආදරය කළවුන් දෙපාරක් හිතන්නෙ නෑ.

සමාජ මාධ්‍යයේ හුවමාරු වන මේ සටහනටත් ප්‍රවීණ රංගන ශිල්පි කමල් අද්දර ආරච්චි එහෙම උත්තර දීලා තිබුණා.

”ඔහු මිය ගොස් සිටියේ නැහැ!

ඔහු දෑස ඇර බලන අවස්ථාවන් දිනපතාම දක්නට හැකි උනා.

නමුත් ඒ ඇස් වලට කිසිම දෙයක් ග්‍රහණය (focus) කරගන්නට හැකියාවක් තිබුණේ නෑ.

ඔහුගේ දෑසින් කඳුළු ගැලුවා නමුත් හඬක් නැගුවෙ නෑ.

මුහුණෙන් දකින්නට තිබුණේ වේදනාවක් විඳින බවක හැඟීම් ප්‍රකාශනයක් පමණයි.

දැන් ඔහු එයින් නිදහස්!

විශේෂයෙන්ම ඔහු විඳි ශාරීරික හා මානසික වේදනාවෙන් සමුගෙන,

නොදැනුවත්කමින් හෝ මෙවන් විශම අදහස් ප්‍රකාශ කරන නැත්නම් ඊර්ෂ්‍යාවෙන් හෝ අප්‍රසාදයකින් ගරහන, සමාජයක් යහපත් කරන්න වෙරදරන මිනිස්සුන්ට ද්වේෂ සහගතව කුමක් හෝ සංවේදී හේතුවක් අල්ලගෙන පහර ගසන ගුණමකු මිනිසුන් අතරින් සදහටම වෙන්ව යාමට අවසානයේ ඔහු වාසනාවන්න වූවා! ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: