hit counter

2024 අප්‍රේල් මස 28 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 09, ප.ව. 8:32



ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අභවප්‍රාප්ත වී තිබෙන බව මේ වන විට ඔබ දන්නා කරුණක්.

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී ඇති බවයි පවුලේ ඥාතීන් සඳහන් කළේ.

ජැක්සන් ඇන්තනී මියයන විට 65 වන වියෙහි පසුවුණා.

ආශිර්වාද තරමට ම ගලාගෙන ආව විවේචන රැසක් මැද අවසන් ගමන් ගිය දැවැන්ත රංග පෞරුෂයකි ජැක්සන් ඇන්තනී.

මියගියා කියලා ඒ විවේචනවල අඩුවක් නම් නෑ.

මේ මොහොතෙත් මුහුණු පොතේ හුවමාරු වන සටහන් අතරෙ ඔහු නමින් ලියවුණු විවේචනාත්මක සටහන් සෑහෙන්න.

ජැක්සන් ගැන කුමාරි මුණසිංහ අදහස් දක්වා සිටියේ මෙලෙසයි,

‘මම ජැක්සන් එක්ක විවාහ වුණු දවස.. ඒ වගේම මුලින්ම ආදරෙයි කියපු දවස… මම එක පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුව මම හැමදාම ඒ විදිහටම කරනවා. මගේ ජීවිතය තිබෙනතාක් කල් ජැක්සන් මොන විධියෙන් හිටියත් මම එයා වෙනුවෙන් කැපවෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. දැනුත් මේ ළඟට වෙලා එයා ගැන හොයන්නේ ඒ නිසයි.ඇත්තම කිව්වොත් ජැක්සන්ගේ තත්ත්වය මොකක්ද කියන එක වෛද්‍යවරු මට කියා තිබෙනවා. එකපාරටම සනීප වෙන්නේ නැහැ. කාලයක් ගත වෙනවා. මටත් ලොකු විශ්වාසයක් තිබෙනවා ජැක්සන් සුව වෙන බවට.මේ දේ මට විශ්ව ශක්තියෙන් අනාවැකි කියන අයත් කියා තිබෙනවා. ජැක්සන් මේ වෙද්දි මා දිහා බලන විදිහ වගේම යමක් කියන්න උත්සාහ ගන්න විදිහ අනුව මමත් ඒ ගැන ලොකු විශ්වාසයකින් ඉන්නවා.ජැක්සන් හොඳට ඉන්නවා. ඊයේත් මා එක්ක හිනාවුණා. මම යන්නම් කිව්වහම කට යන්තමින් සොලවලා එපා කියනවා වගේ පෙනුණා. ඉතින් මම තරම් ඒවා හොඳට දන්නේ වෙන කවුද? ඇත්තටම මම මේ වෙලාවේ ඔය හැමෝගෙන්ම ඉල්ලා සිටින්නේ වැරැදි ප්‍රවෘත්ති සමාජගත කරන්න එපා කියලයි.’ 

දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජැක්සන් ඇන්තනි මහතා ඇගිලි සොලවීම, ඇසි පිය ගැසීම වැනි දේ හරහා හැඟීම් ප්‍රකාශ කළ බව ඔහුගේ පවුලේ ඥාතීන් මෑතකදී මාධ්‍ය වෙත පැවසූවා.

පියාගේ තත්ත්වය කොහොමද යන්නෙන් එක්තරා රූපවාහිනි වැඩසටහනකදි නැඟුණු ප්‍රශ්නයකට දිගු පිළිතුරක් ලබාදෙමින්.

”දැන් අපි අවුරුද්දක් විතර ලොකු මෙහෙයුමක ඉන්නවා. විවිධ කතන්දර තියෙනවා. අපිට ඒවා අදාළ නෑ. හේතුව අපි කරන ක්‍රියාවලිය, මං කියන්නෙ දෙමව්පියෝ වෙනුවෙන් කරන දේවල් කියවන්නෙ නෑ. ජැක්සන් ඇන්තනී කියන්නෙ වැඩ ගොඩක් කරන මනුස්සයෙක්නෙ ඒත් අහලා බැලුවොත් එහෙම, හැම පවුලේ කටයුත්තකටම අපේ නෑදෑයෝ ඔක්කොගෙම අපේ අම්මගෙ අම්ම ද හැම කෙනෙක්ම බලන්න එක්කන් ගියා. යන හැම වෙලාවකම කියපු දේ තමයි මේවා දකිනකොට තමයි අපේ ළමයි අපිව බලාගන්නෙ කියලා. මේ වෙලාවෙ අපි කරන දේවල් සියල්ලම දෙමව්පියෝ වෙනුවෙන් කරන දේවල් හින්දා ඒවා මහ ලොකු වැඩ නෙවෙයි. මට ප්‍රශ්න කෝටියක් තියෙනවා කියලා උදේට ශූටින්වලට ගිහින් කියනවා නම් මම ඊයේ අරෙම මෙහෙමයි කියලා ඒකෙන් වැඩක් නෑ.ඒ හින්දා දෙමව්පියෝ වෙනුවෙන් කරන දේවල්වත් කිසිම දෙයක් එහෙම කතා නොකරන හේතුව, ඒක අපේ ගුණයක් කියලා නොදන්නා අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.ඒ හින්දා එක එක දේවල් කියනවා. ඒවට රැවටෙන්න එපා.

අනේ, අපි පොඩි පොඩි දේවල්වලට සතුටු වෙන්නෙ. ඇස් පිල්ලම් ගහන්නෙ නැතුව ඉඳලා ඇස් පිල්ලමක් ගහනවා කියන්නෙ හොඳයි නෙවේදඇඟිලි හොලවන්නෙ නැතුව ඉඳලා ඇඟිලි හොලවනවා කියන්නෙ හොඳයි නෙවේදහෝර්මෝන් ඇඟේ වැඩ කරන්නෙ නැතුව ඉඳලා හෝර්මෝන් දැන් වැඩ කරන්න පටන් ගන්නවා කියන්නෙ හොඳයි නෙවේදඅපි ටික ටික අප්පච්චිව හොඳ කරගෙන යනවා…කරලා පෙන්නන්නම් එදාට කතා කරමු…”

මේ ගැන ජැක්සන්ගේ දියණිය මාධවී එක්තරා යූටියුබ් නාලිකාවක සාකච්ජාවකට එක්වෙමින් මෙසේ අදහස් පළ කර තිබුණා.

“අප්පච්චි රෝහලේ ඉන්න අන්තිම කාලෙත් අප්පච්චි ලග ඉදන් අපිට සිංදු කියන්න කිවුවා.” යනුවෙන් ඇය සඳහන් කළා.

හැබැයි ඔවුන් මේ මොන දේ කිව්වත් ජනතාව නම් ඉන්නේ ටිකක් හිත අමනාපකමින්. ඒකට හේතුව මොවුන් තිදෙනාම ජනතාව ඇන්දුවා කියන කාරණයි. ඔවුන් මෙලෙස කරලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක හැමෝටම ගැටළුවක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: