hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2022 ජූලි 02, ප.ව. 11:07



ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනකු ගමන්ගත් මෝටර් රථය අනුරාධපුර – තලාව  මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ වල් අලියකුගේ සිරුරේ ගැටීමෙන් අනතුරකට ලක් වී තිබෙනවා.

මෙම සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ ජැක්සන් ඇන්තනී මහතා සමඟ ගමන්ගත් සමන් ඇන්තනී මහතා හා ඉරේෂ් යන අයයි.

ඇන්තනී මහතා ඇතුළු පිරිස තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි තලාව පොලීසිය පවසනවා.

අනතුරත් සමඟ කැබ් රථය උඩට වල් අලියා ඇද වැටීමෙන් වාහනයට ද දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.