hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 මැයි 28, ප.ව. 5:22



යාපනය ශික්ෂණ රෝහලට ඊයේ (28) දිනයේදී යතුරුපැදියක් සමගින් ඇතුළු තරුණයකු රෝහල් කාර්ය මණ්ඩලයට සිදු කර පහර දීමක් හේතුවෙන් අදාළ පහරදීම සිදු කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිසිය පවසයි.

ඊයේ රාත්‍රී දහයට පමණ යතුරුපැදියකින් කැපුම් තුවාල සහිත පුද්ගලයකු ස්ථාපනය ශික්ෂණ රෝහල තුළටම යතුරු පැදියකින් ඇතුළත් කිරීම හේතුවෙන් නොසන්සුන්තාවයක් ඇතිව තිබුණි.

එහිදී රෝහල තුළට ඇතුළු වූ යතුරුපැදිය පැද වූ පුද්ගලයා විසින් බීමතින් සිට ඇති බවට තොරතුරු වාර්තා වන අතර ඔහු විසින් රෝහල් කාර්ය මණ්ඩලයට බල කරමින් රෝහලේ නොසන්සුන් අයුරින් හැසිරුණු අයුරු රෝහලේ පිහිටි සී සී ටී වී කැමරාවල සටහන්ව තිබුණි.

එහිදී රෝහල් කාර්ය මණ්ඩලය විසින් යතුරුපැදිය පැදවූ පුද්ගලයාට යතුරුපැදියෙන් රෝහල තුළට පැමිණියේ ඇයි දැයි විමසූ විට අදාළ පුද්ගලයා විසින් රෝහල්කාර්ය මණ්ඩලයේ සේවකයකුට පහරදීමක් සිදුකොට තිබේ.

එම පහර දීමෙන් රෝහල් කාර්ය මණ්ඩල සේවකයාද තුවාල ලබා ඇති අතර අනතුරුව රෝහල් කාර්යය මණ්ඩලය විසින් පහරදීම සිදු කරනු ලැබූ පුද්ගලයා අල්ලා යාපනය පොලිසියේ වෙතට මල්භාර දෙනු ලැබුවා.

අනතුරුව පහරදීම සිදු කරපු පුද්ගලයා යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර පොලිසිය විසින් සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ අදාළ තරුණයන් විසින් කිසියම් සාදයක් පවත්ව ඇති අතර එහිදී සිදු වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇති වූ ගැටුමකදී සිදුකළ පාර දීමක් හේතුවෙන් එක් අයෙකුගේ අතට සිදුවූ කැපුම් තුවාල හේතුවෙන් එම පුද්ගලයා ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට රැගෙන විත් ඇති බවටය.

බීමතින් සිටි පුද්ගලයා විසින් රෝහලේ තිබූ උපකරණ වලටද හානි කොට තිබූ අතර එහිදී පහර කෑමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනාම යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවටද පරීක්ෂණ සිදු කරන යාපනය පොලිසිය වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: