hit counter

2024 මැයි මස 15 වන බදාදා

2022 ජූලි 06, පෙ.ව. 9:37



හදිසි අනතුරකට මුහුණ දී කොළඹ ජාතික රෝහලේ ශල්‍ය කර්මයකට භාජනය කෙරුණ ප්‍රවීණ නළු ජැක්සන් ඇන්තනී මහතා සුව අතට පත්වෙමින් ඇති බවත් ඔහු කථා කළ බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඒ මහතා පෙරේදා (04) උදේ 9 සිට සවස 4 දක්වා පැය 7ක ශල්‍යකර්මයකට බඳුන් කර තිබෙනවා.

සාර්ථකව ශල්‍යකර්මය අවසන් කිරීමෙන් පසු යථා තත්ත්වයට පත්වෙන තෙක් තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර වෙත යොමු කර තිබෙනවා.

ශල්‍යකර්මයෙන් පසු ශ්වසන ආධාරක මැෂිමකට යොමු කර තිබුණු ඒ මහතා ඊයේ දහවල් වන විට එම ශ්වසන ආධාරක මැෂිමෙන් ඉවත් කර සාමාන්‍ය ආකාරයට ඔක්සිජන් දීමේ කටයුතු ආරම්භ කළ බවද එම ආරංචි ආරංචි මාර්ග සඳහන් කළා.

ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් සොයා බැලීම සඳහා ඒ මහතා රෝහල් ගත කළ අවස්ථාවේ සිට කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් රෝහලට පැමිණ ඇති අතර ඊයේ දිනයේ ද කලාකරුවන් කිහිප දෙනෙක් රෝහල් භූමියේ දී දැක ගැනීමට හැකි වූ බව වාර්තා වෙනවා.

ජැක්සන් ඇන්තනී මහතා ඇතුළු තිදෙනෙකු ගමන්ගත් මෝටර් රථය පසුගිය 02 වනදා අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේදී වන අලියෙකු ගැටීමෙන් අනතුරකට ලක් වී වුණා.

ඔවුන් ගමන් ගත් කැබ් රථයට ද අනතුරින් දැඩි හානි සිදුව තිබෙනවා.

ඔහු මෙම අනතුරට මුහුණ දෙන්නේ ආචාර්ය සෝමරත්න දිසානායක මහතා අධ්‍යක්ෂණය කරන සිංහබාහු සිනමාපටයෙහි දවසේ රූපගත කිරීම් නිම වී නවාතැන් ගෙන සිටින ඉසව්ව බලා ගමන් කරන අවස්ථාවේදීයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: