hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2023 ජූලි 25, ප.ව. 2:51



ජය ශ්‍රී අයියා මලෝ ආයෙමත් අලුත් වැඩකට අතගහලා ඉන්නවා කියන කතාව පහුගිය දවස් වල සමාජ මාධ්‍ය හරහා පැතිරුණා.

මේක දියමන්ති බිස්නස් එකක් ද නැත්නම්, ටුවරිසම් ප්‍රමෝෂන් වැඩක් ද කියන සැකය බොහෝ දෙනෙකුට නැගුණා.

ජය ශ්‍රී ලගේ මේ අලුත් වැඩේ මොකක්ද කියන එක ගැන එක එක කතා ප්‍රචාරය වෙන නිසාම දැන්, ජය ශ්‍රී ල ම මේ ගැන ඇත්ත හෙළිදරව් කරලා තියෙනවා.

අද ෆේස්බුක් ලයිව් ආව ජය ශ්‍රී අයියා මලෝ කිව්වේ මේ එයාලගේ අලුත්ම සිංදුව කියලා.

‘රුවිතේ‘ නමින් නම් කරලා තියෙන මේ සිංදුව රෝහිත කලින් කිව්ව විදියටම ලංකාවේ තියෙන ලස්සන තැන්, ඩයමන්ඩ් ප්ලේස් වලට ගිහිං රූපගත කරලා තියෙනවා. 

මේ ගැන රෝහිත කිව්වේ, ‘අපේ අලුත්ම අලුත් ලස්සන සිංදුව. රුවිතේ. මතුවෙන්න. මතුවෙන්න කියන්නේ, ඕගොල්ලන්ගේ ටැලන්ට්ස් තියෙනවා නම්, ඒ ටැලන්ට්ස් ඔපදාගෙන, මතුවෙන්න කියන එක තමයි මේ කියන්නේ.

ලංකාවේ ඉන්න හොඳම ටැලන්ට් සෙට් එකක් කරපු ලස්සන වැඩක්. ඒ වගේම ලංකාවේ දියමන්ති වගේ තියෙන ලස්සනම, තැන්වල තමයි අරන් තියෙන්නේ. ඕගොල්ලන්ට බලන්න පුලුවන්.‘ කියලා.

මේ මාසේ 28 වෙනිදා ලංකාවේ වෙලාවෙන් හවස 5 ට මේ ගීතය රිලීස් වෙනවා. වෙලාව එහේ මෙහේ වුණත් අනිවාර්යයෙන්ම, සිකුරාදා හවස් වෙන්න කලින් මේ සිංදුව ජය ශ්‍රී යූ ටියුබ් චැනල් එකේ රිලීස් කරන්න සුදානම්.

ඉතිං, ජය ශ්‍රී ලගේ අලුත්ම නිර්මාණය ‘රුවිතේ‘ බලන්න සිකුරාදාට එකතුවෙන්න කියලා ආරාධනා කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: