2026 ජූනි 24, පෙ.ව. 12:16
ජාලිය නිසා මඟ තොටේදී ලැබෙන ප්‍රේක්ෂක ආදරේ කොහොමද දැනෙන්නේ?
ජාලියට පොඩි ආදරයක් ඇති වෙලා තියෙනවා. පසුගිය කාලේ උපාලි නිසා එන්න ‘එපා පැත්ත පලාතේ අපි ඔයාට කැමති නැහැ‘ කියපු අය දැන් ජාලියට ආදරේ කරනවා. මේ ළඟදීත් මගේ විදෙස්ගත යාළුවෙක් කිව්වා උපාලි ගැන තරහා ගියාට ජාලියට නම් ආදරේ හිතෙනවා කියලා. ජාලියට මිත්‍රශීලි අනුකම්පාගත ආදරයක් ලැබෙනවා. ජාලිය කියන චරිතය හරි පරිස්සමෙන් කරන්න ඕනේ. එහෙම නොවුණොත් ජාලිය හාස්‍යමය විදියට පේන්න පුළුවන්. හැබැයි ජාලිය කියන්නේ හාස්‍යමය මනුස්සයෙක් නෙවෙයි. ජාලිය ඇතුළේ ඉන්න ආදරණීය මනුස්සය එළියට ගන්නයි මම උත්සහ කළේ. ජාලියට ලව් කියන එක මඟහැරිලා තියෙනවා. මම ඒ දේ තමයි බොහොම පරිස්සමෙන් මතු කරමින් ඉන්නේ.
ජාලියගේ අම්මාට ඉන්නේ චමිලා පීරිස්, තාත්තාට ඉන්නේ ජයනාත් බණ්ඩාර. ඒ දෙන්නාගෙන් ලැබුණු සහයෝගය කොහොමද?
චමිලා අක්කා කියන්නේ මම වේදිකාවේ දැකපු ඉතාම දක්ෂ රංගන ශිල්පිනියක්. කවදා හරි වැඩ කරන්න ඕනේ කියන හීනේ තියෙන අය ඉන්නවනේ අපිට. උදාහරණයක් විදිහට දිල්හානි අක්කා, ජයනි අක්කා, කෞෂල්‍යා ප්‍රනාන්දු මිස්, සේමිණි අක්කා මේ අයට එහෙම හීන තිබුණා. ඒ වගේ හීනයක් තිබ්බ කෙනෙක් තමයි චමිලා පීරිස් කියන්නේ. අපි ‘ලොක්කා ලෙඩ වෙලා‘ කියන නාට්‍යය එක්ක මාසයක කාලයක් ඔස්ට්‍රේලියාවේ හිටියා. ඒ කාලය තුළ මම දැක්කා එයා තුළ තියෙන ගතිගුණ. මම චමිලා අක්කට අම්මා කියලා කතා කරන්නේ. ඒ අම්මා කියන හැඟීම මට කොහොමත් චමිලා අක්කාගෙන් දැනෙනවා. මගේ අම්මට වගේම මම චමිලා අක්කට ආදරෙයි. ඒ තුළින් මට ලේසි වුණා චමිලා අක්කා එක්ක වැඩ කරන්න. එයා ගැන කියන්න වචන නැහැ. මම විශ්වාස කරන්නේ හොඳම නළුවා වෙනවට වැඩිය අමාරුයි සහාය නළුවා වෙන එක. ඒ කියන්නේ අනිත් කෙනාට සහය වෙන එක තමයි අපි කරන්න ඕනේ. ජාලිය කියන දරුවා ගොඩනැඟෙන්න ලොකුම හේතුව චමිලා අක්කව මේ නාට්‍යයට ගත්ත එක. චමිලා අක්කා මට ආශීර්වාදයක් වුණා මේ චරිතේ ඇතුළේ. මට ජාලියව දැනෙන්න ගත්තේ චමිලා අක්කා හරහා. ජයනාත් අයියා කියන්නේ අපේ වේදිකාවේ සිංහයා. සිංහබාහු නාට්‍යයේ. ජයනාත් අයියා එක්කත් වැඩ කරන්න ආසාවක් තිබුණා. මේ දෙන්නා එක්ක වැඩ කරද්දී මගේ ජීවිතේට ලොකු දේවල් ලැබුණා. ජයනාත් අයියා කියන්නේ කරන වැඩේ හරියට කරන වෙලාවට වැඩ කරන කෙනෙක්. අම්මා තාත්තා විදියට ඒ දෙන්නා එක්ක වැඩ කරන්න ලැබීම මට සතුටුයි .
-RASADUNA –
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
2026 ජූනි 20, පෙ.ව. 12:05
2026 ජූනි 19, පෙ.ව. 12:05
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26