2024 අගෝස්තු 04, පෙ.ව. 12:01
රබල මත්කුඩු ජාවාරම්කරුවකු වන ලන්තුවාහන්දි සංජීව පුෂ්පකුමාර ද සිල්වා නොහොත් ලොකු පැටී බෙලරූස්හිදී එරට ආරක්ෂක අංශ මඟින් අත්අඩංගුවට ගෙන ඇති බව කියන තොරතුර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර පොලිස් අංශයේ දැඩි අවධානය යොමු කර තිබෙනවා.
මොහු අත්අඩංගුවට ගෙන ඇතැයි සැලකෙන්නේ ඉකුත් 29 දායි.
තහවුරු නොවූ තොරතුරු මඟින් දැනගන්නට ඇති ආකාරයට අනුව ලොකු පැටී අත්අඩංගුවට ගන්නා විට ඔහු සමඟ කාන්තාවක ඇතුළු තවත් කිහිපදෙනකු සිට ඇති බව සදහන්.
ඒ අය පලාගොස් ඇති බවත් බෙලරූස් ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්ව ඇත්තේ ලොකු පැටී පමණක් බවත් එම තොරතුරු මඟින් දැන ගන්නට තිබේ.
ලොකු පැටී සමඟ සිටියේ යැයි කියනු ලබන කාන්තාව මර්වින් ජනා නමැති ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුගේ බිරියයි.
ඇයට බෙලරූස්වල නිවෙසක් පවා ඇති බව ආරක්ෂක බුද්ධි අංශ සඳහන් කරයි.
පසුගිය කාලයේදී මෙම කාන්තාවගේත් මර්වින් ජනාගේත් ඔහුගේ සහෝදර සහෝදරියන්ගේත් ගිණුම් පොලිස් පරීක්ෂාවකට ද ලක් විය.
එහිදී මර්වින් ජනාගේ බේකරියක් ඉදිරිපිට රාත්‍රී කාලයට නිදාගන්නා සිඟන්නකුගේ නමින් ඇති බැංකු ගිණුමක් හරහා රුපියල් කෝටි 44ක මුදලක් හුවමාරු වී ඇති බව ද අනාවරණය වී තිබිණි.
මර්වින් ජනා නමැත්තා කුප්‍රකට මත්කුඩු ජාවාරම්කරු වෙලේසුදාගේ ගෝලයෙකි.
ලොකු පැටී නමැත්තා මාකඳුරේ මධුෂ්ගේ ගෝලයකු වන අතර ඔහුගේ සහෝදරයා පොඩි පැටීය.
හමුදා සේවයේ නිරතව නීත්‍යනුකූලව ඉවත්ව සිටියකු වන ඔහු ද මේ වන විට සිටින්නේ රටින් පලා ගොසිනි. ලොකු පැටී අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සමඟ සිට පලාගිය අය අතර පොඩි පැටී ද සිට ඇති බව කියැවෙයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීම් අංශයේ ස්ථානාධිපති ලෙස සේවයේ නිරතව සිටි නියෝමාල් රංගජීව මහතාට පිළියන්දලදී වෙඩි තබන විට වෙඩික්කරු වන ආමි අසිතව රැගෙන යතුරුපැදිය පැදවූයේ පොඩි පැටීය.
ලොකු පැටී අත්අඩංගුවට ගැනීම බෙලරූස්වලින් හෝ ජාත්‍යන්තර පොලිසියෙන් තහවුරු කිරීමෙන් අනතුරුව ඔහුව මෙරටට රැගෙන ඒමට අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
2024 දෙසැම්බර් 08, පෙ.ව. 12:04
2024 දෙසැම්බර් 07, පෙ.ව. 12:09
2024 දෙසැම්බර් 06, පෙ.ව. 12:01
2024 දෙසැම්බර් 05, පෙ.ව. 12:02
2024 දෙසැම්බර් 04, පෙ.ව. 12:10
08-12-24
08-12-24
08-12-24
08-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
07-12-24
06-12-24
06-12-24
06-12-24
06-12-24
05-12-24
05-12-24
05-12-24
05-12-24
04-12-24
04-12-24
04-12-24
04-12-24
03-12-24
03-12-24