hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2024 පෙබරවාරි 14, පෙ.ව. 12:04



ජානු ටෙලි නාට්‍යයේ ජානු හෙවත් සුදුනෝනා කවිහාරි හපුතන්ත්‍රී 23 හැවිරිදි නවක නිළියකි.

පදිංචිය මහනුවර කටුගස්තොට. ෂූට්වලට යන්න එන්න පහසුවට මොරටුවේ තමා නැවතිලා ඉන්නේ.

පවුලේ විස්තර අම්මයි, තාත්තයි, මමයි, නංගිලා දෙන්නයි. තාත්තා ටුවරිස්ට් ගයිඩ් කෙනෙක්. අම්ම නම් ගෙදර ඉන්නේ. නංගිලා තවම ඉගෙන ගන්නවා.

අධ්‍යාපනය ලැබුවේ කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා මහ විදුහලේ.

බොහෝ අය හිතන්නෙම ඇය චීන ආභාසයලත් අයෙක් කියලා නමුත් එහෙම කෙනෙක් නොවෙයි.

පාසල් ප්‍රේමය ගැන මතකය අද අවදි කරද්දි හරි රසවත් එකක් වුණාට මොකද, ඒ කාලෙ නම් ගෙදරින් එන බාධා එක්ක ඒක තනිකරම පොඩි යුද්දයකට සමයි.

කවිහාරිගේ පාසල් ප්‍රේමයත් අන්න ඒ වගේ එකක්.

ඒ ගැන රූපවාහිනි වැඩසටහනකට එක්කාසු වෙමින් ඇය මේ විදියට කතා කරලා තිබුණා.

”පාසල් ප්‍රේමයක් තිබ්බා. අවුරුදු තුනක සම්බන්ධයක් තිබ්බා.ඕලෙවල්වලින් යාළු වෙලා ඒලෙවල්වලින් බ්‍රේකප් වුණා.ඒ කියන්නෙ ඉස්කෝලෙන් එළියට එද්දි බ්‍රේකප් කරලා ආවේ.අපිට ඒ කාලෙ තේරෙන දේවල් එක්ක දැන් බලද්දි ඊට වඩා අපි දියුණු වෙලානෙ. අපි පරිණත වෙලානෙ.ආදරේ ගැන වුණත් දැන් දන්න දේවල් දැන් හිතන දේවල්වලට වඩා ඒ කාලෙ වෙනස් දේවල්නෙ හිතෙන්නෙ… දැනෙන්නෙ….එතකොට ඒ කාලෙ හොඳයි කියලා හිතුණා, ඒ කාලෙ ඒක ලස්සනට සුන්දරව දැනුණා, ඉතින් ඒ කාලේ ඒ ආදරේ වින්දා….

මාව ගොඩක් ගෙදරින් එළියට දැන්මෙ නෑ.ඔය ක්ලාස් එහෙම කට් කරලා බොරු තොගයක් කියලා හම්බෙන්න යනවා.ඒ ගියපු ඒවා අපෙ තාත්තිට අහුවුණා. එයාලා දන්නවා.මට එක පාරයි ගැහුවෙ, ඒ ඒකට තමයි. එදායින් පස්සෙ මට ගහලත් නෑ නංගිලා දෙන්නට ගහලත් නෑ.ඒ ගහපු පාර මායි තාත්තියි දෙන්නම බෙහෙත් ගත්තා, මගෙ ඔළුවටයි තාත්තිගෙ අතටයි.ඒ කියන්නෙ එච්චරට ගැහුවා එයා මට. ක්ලාස් කට් කරලා ඒ බෝයිව හම්බෙන්න ගිහින්…කොහොම හරි ඒ කාලේ ඒක ලස්සනට දැනුණා. ලස්සනට ආදරේ වින්දා.පස්සෙ ගැළපෙන්නෙ නෑ කියලා හිතුණු නිසා තරහා වුණෙ නෑ.කතා කරලා බ්‍රේකප් කරලා ආවා. අදටත් යාළුවෝ.මේ දවස්වල නම් චූටි ඇක්සිඩන්ට් එකක් වෙලා ඉන්නෙ.අම්මමයි කිව්වෙ ගිහින් බලන්න කියලා…..”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: